Featured

හමුදා ප්‍රධානින්ට රතී කෙලින්න සෙබලුන් කඩේ යවන සුපර් ක්‍රොස් තරගාවලි

2000 වසරට පෙර ශ්‍රී ලංකා යුධ හමුදාව තුල පවත්වනු ලැබුවේ දියතලාව ෆොක්ස් හිල් සුපර් ක්‍රොස් තරගාවලිය පමණි.මෙය නුවරඑළිය වසන්ත සැනකෙළියට සමගාමීව පවත්වනු ලැබූ අතර,එමගින් ප්රේක්ෂක ජනතාවට ඉතා ඉහල වින්දනයක් ලබා දීමට යුද හමුදා පුහුණු පාසැලට හැකිවිය. කෙසේ වෙතත් මේ වෙනවිට ශ්රි ලංකාවේ සුපර් ක්රොස් තරඟ 11 ක් පමණ පවත්වයි, ඒ තරඟවලින් සීගිරිය තරඟය හැරුනුවිට සෙසු තරඟ සංවිධානය කරනුයේ ශ්රී ලංකා යුධ හමුදාවවේ.මේ සඳහා යුධ හමුදා ඒකක 9ක් සහ කෙඩෙට් පුහුණු පාසැල සහභාගිවේ.ෆොක්ස්හිල්, ගජබාසුපර්ක්රොස්, විජයබා ක්‍රොස්, ගනර් සුපර් ක්‍රොස්, වලවේ ක්‍රොස්, කැවලරික්රොස්, ෆොර්වීල් ක්‍රොස්, කර්මාන්ඩොඉවෙන්ට්, ආදීවශයෙන් මෙම තරගාවලි පවත්වනු ලබයි.

මෙම සුපර් ක්‍රොස් තරගාවලි පැවැත්වීමේ මුඛ්ය අරමුණවන්නේ, ඒ ඒ රෙජිමේන්තුවල සිටිනා ජ්යෙෂ්ඨ නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වලට ෆන් එකක් ලබාදීමත්, ජ්යෙෂ්ඨ නිලධාරීන් සහ ඔවුන්ගේ ඔවුන්ගේ හිතවතුන්ටත් SLADAR/ SLADA ආයතන දෙකේ සිටිනා පින්බතාලාහට නොමිලේ කස පැන් පානය කර ආතල් ගැනීමට සුපිරිඅවස්ථාවක් ලබා දීමත් වේ. එසේම, මෙම තරඟාවලි සඳහා CHREER LEADERS වශයෙන් ගෙන්වනු ලබන සුපිරි ගනිකාවන් ඉතා ඉහල මිලගණන් ගෙවා සුපිරි හෝටල්වල නවත්වා රැය එලිවෙනතුරා ඔවුන් සමග රති කෙළියේ යෙදීමටත් වැදගත් අරමුණකි.

ශ්‍රී ලංකායුධ හමුදාව සියලු අතින්ම පිරිහීමට හේතුවක් ලෙස මෙම සුපර් ක්‍රොස් තරඟාවලි දැක්විය හැක. මෙම සුපර් ක්රොස් තරඟාවලි ඒකක අණ දෙන නිලධාරීන්ව කෝප්රල්ලාගේ තත්වයට පත්කර ඇත.ඔවුන් අද තමන්ට ලබා දී ඇති ඉලක්කයන්ට ලඟාවීම සඳහා සෙබලුන්ට ‘මචං‘ කියන තත්ත්වයට පත්ව ඇත. සෙබලුන් ඉදිරියේ හිඟමන් යදින තත්ත්වයට පත්ව ඇත. මෙය ඉතාමත්ම කාලකන්නි තත්ත්වයකි. පිරිස් බලය අතින් ඉතා හොඳ සන්විධාන ශක්තියක් ඇති යුධහ මුදාව ගොනාට අන්දවා ශ්‍රී ලංකාවේ ක්‍රියත්මක SLADAR /SLADA සංගම් දෙක මාසයට එක බැගින් සුපර් ක්‍රොස් තරගාවලි සංවිධානයකර ඔවුන්ගේ අවශ්යතාවයන් වන නොමිලේ කස පැන්පානය සහ නොමිලේ රති කෙළියේ යෙදීම යුධ සහ ගුවන් හමුදාව මගින් ඉටු කරගනු ලබයි.

මෙම සුපර් ක්‍රොස් තරඟාවලි සංවිධානය යුධ හමුදාව විසින් සිදු කරනු ලබන අතර ඒ සඳහා දරනු ලබන සියලු පිරිවැයද යුධ හමුදාව විසින් සිදුකරනු ලබයි. සුපර් ක්රොස් තරඟාවලියක් සඳහා රුපියල් මිලියන 25 ක 35 ක ප්රමාණයක් එකතු කරයි. මේ සඳහා දැන්වීම් එකතු කරනු ලබයි. දායකත්වයන් ලබාගැනීමට සොල්දාදුවන් වෙළෙඳ ආයතන ගානේ යවනු ලබයි. හමුදා නීතිය අනුව එවැනි දේකිරීමට නොහැකි නමුත් දී ඇති ඉලක්කයන් සපුරාලීමට දැන්වීම් හිඟමනයේ යෑම අනිවාර්යවී තිබේ.

මේ සුපර් ක්‍රොස් කෙරුවාව සොල්දාදුවන්ට වහක්වී ඇත. යුධ හමුදාපති කිසිවක් නොදත්සේ සිටී. මන්ද ඔහුගේ ගිණුමට තරගාවලියක ලාභයෙන් 30% – 40% බැරවෙන බැවිනි. මේ සුපර් ක්රොස් සංවිධානය කරන SLADAR සංගම්, ඉහල හමුදා නිලධාරීන් සතුටු කරමින්, තරඟය පවත්වන කාලවකවානුවේ ඉහල නිලධාරීන් සමග කස පානය කරයි, සුපිරි ගනිකාවන් සමග රති කෙළියේ යෙදෙයි. ඒ සඳහායන වියදම් සොල්දාදුවන්ගේ සුඛ විහරනය සඳහා කියා පවත්වනු ලබන මෙම තරඟාවලිවලින් ලැබෙන ආදායම් මුදලින් කපාහරී.දළ වශයෙන් නොමිලේ කස පැන් පානය සහ නොමිලේ රති කෙලියේ යෙදීම සදහා මිලියන 2 ක් පමණ වැයවේ.මේ සඳහා පැමිනෙන ස්ලාඩර් සුරූපිනියන් වෙනුවෙන් හෝටල් කාමර වෙන්කිරීම එක් එක් යුධහමුදා ඒකක විසින් කරනු ලබයි.මේ පවත්වන තරග 10,එකක් එක් මාසයකට 1 වැටෙන සේ යොදවයි.එවිට SLADAR/SLADA ආයතනවලට අවුරුද්ද පුරාවටම සුම්මා කෑමබීම, නොමිලේ කස පැන් සහ නොමිලේ රතිකෙළියේ යෙදීමටලැබෙයි. තවද, තරඟාවලියකින් උපයන ලාබයෙන් ඔවුන් 10% කලාබයක් ලබාගනී. මෙහිදී ඉතා විශාල වශයෙන් මුදල් අක්රමිකතා ඇතිවේ.

මෙමගින් සමස්ත යුධ හමුදාවට ඇතිවෙන පරිහානිය පහත පරිදිවේ.

1. යුධ හමුදාව තම ප්‍රධාන රාජකාරීන් වන ජාතික ආරක්ෂාව, ජාතිය ගොඩනැගීම ආදී ක්රියාකරම්වලින් බැහැරව මුදල් සෙවීම සඳහා යොමුවීම. මෙය ප්‍රධාන වශයෙන්ම ඇති වන්නේ ඒකක අතර පවතින තරඟය හෙතුවෙන්. තවද අණ දෙන නිලධාරීන් විසින් සොල්දාදුවන්ට පවරන ටාගට් එක හේතු වෙන් සොල්දාදුවන් මහත් දුෂ්කරතාවයකට පත්වේ. සෑම සෙබලෙකු විසින්ම රු 5000.00 ලබා දිය යුතුය.නිලධාරියෙකු නම් රු 25000.00 ක් ලබාදිය යුතුවේ.ගජබා ඒකකයේ සෙබලෙකු පවසා සිටියේ සෑම සෙබලෙකු විසින්ම රු 15000.00 ලබා දිය යුතු බවයි. නිලධාරියෙකු නම් රු 50000.00 ක් ලබා දිය යුතු වේ. මෙසේ මුදල් ලබාදීම අනිවාර්යකර ඇතිබැවින්, සමහර සෙබලුන් හා නිලධාරීන් තම පඩිපතින් මුදල් ලබාදීමෙම කරුමයෙන් ගැලවෙයි. මෙය මොන කරුමයක්ද?.

මේ වන විට යුද්දයක් නොමැති රටක හමුදාවක සෙබලුන් ඇබ්සෙන්ට්වීම වැඩිවී ඇත්තේ මෙවැනි කරුමයන් නිසාය. අපට ලැබුනු විශ්වාසදායක ආරංචි අනුව සන්නද්ධ හමුදා පාසැල විසින් පාඨමාලාවල නිරත සෙබලුන්ට අමතර නිවාඩු ලබාදී, එම අමතර නිවාඩු වෙනුවෙන් ඔවුන්ගෙන් රු 5000.00 බැගින් ලබාගෙන ඇත.මෙම සෙබලුන් තම ඒකක වෙතද රු 5000.00 ක් ලබාදිය යුතුවේ. ඒ අනුව එක් සෙබලෙකු විසින් තමා විසින් ලබා දෙන ශ්‍රමදායකත්වයට  අමතරව තම වැටුපෙන් රු 10000.00 මේ කරුමයට ලබාදිය යුතුවේ.මෙය කොතරම් අසාධාරනද? ගජබා ඒකකයේ එක් යුනිට් එකකට ලක්ෂ 25ක් සෙවිය යුතුබවට ටාගට් එකක් ලබාදී ඇත. CO ලාත සියලු වැඩ පසෙකලා එම ලක්ෂ 25 කෙසේ හෝ සොයයි.ප්රයිවට්ටත් ‘මචං‘ කියා උගෙන් රු 5000.00 ක් කඩාගනී. නැතිනම් CO ට විසුමක් නොමැත. මේ වන විට මෙකී සුපර් ක්රොස් කරුමය සෙබලාගේ පඩිපතට කෙලීම අරමුණුකර ගෙන ක්රියාත්මක වන්නක් බවට පත්වී ඇත.

2. මෙම කරුමක්කාර තරඟාවලිය හේතුවෙන් යුධ හමුදා මුදල් වක්රාකාරව මෙම තරඟ සඳහා අනුග්රහය දක්වන ආයතන වෙත ලබාදීමක් වේ. එනම් සිංගර්, සියැට්, එක්සීඩ් යන ආයතන,සුපර් ක්රොස් තරඟ සංවිධානය කරනු ලබන හමුදා ප්‍රධානීන් අල්ලාගෙන ඔවුන්ගේ නිශ්පාදන පහසු ගෙවීමේ ක්රමයට යැයි පවසමින් වැඩිමිලට අසරන සොල්දාදුවන්ට විකුණයි. මෙමගින් වාසි ලබාගනුයේ යුධහමුදාපති, සහ අදාල ඒකක වල ප්‍රධාන හමුදා නිලධාරීන් පමණි. විශේෂයෙන්ම මෙම තරඟ පැවැත්වීම මගින් ප්‍රතිලාභ ලබනුයේ යුධ හමුදාපති සහ අදාල ඒකක බාර මේජර් ජෙනරාල්ලා විසිනි.

3. මේ තරග සංවිධානයට යොදා ගනුයේ යුධ හමුදා වාහන, යුධ හමුදා වාහන තෙල්, යුධ හමුදා ශ්‍රමය, සොල්දාදුවන්ගේ ආහාර වේල සහ යුධහමුදාව සතු දේපලවේ. එක් තරඟාවලියක් සංවිධානය කිරීම සඳහා අවම වශයෙන් තෙල් ලීටර් 20000.00 පමණ අවශ්යවේ .තෙල් ලීටරයක මිල රු 100 ක් වුවහොත් තෙල් සඳහා පමනක් වැයවන මුදල මිලියන 2 ක් පමණ වේ.මේ සඳහා යොදා ගන්නා වාහන ප්රමාණය 500 කට වැඩිය.එමගින් රජයට සිදුවන පාඩුව ගණනය කළ නොහැක. තරඟ සංවිධාන කටයුතු සඳහා අවම වශයෙන් සෙබලුන් සහ නිලධාරීන් 1500 කගේ පමණ ශ්රමදායකත්වයක් අවශ්යවේ .මෙම පිරිස වසර පුරාවටම මෙම කටයුත්තේ යෙදෙති. කෙසේ වුවත් මෙම පිරිස තම ශ්‍රමදායකත්වය ලබා දෙන්නේ එක් මාසයක් සඳහා පමණක් යයි සිතා ගණන් බැලුවද (එක් අයෙකුගේ වැටුප රු 25000.00 කියා සිතමු) රජයට වන පාඩුව මිලියන 37 ක් පමණ වේ. එ මෙම තරඟ සංවිධානය ලාබ බව මෙමගින් වාසි ලබාගන්නා සුලු ජ්යෙෂ්ඨ නිලධාරීන් ප්රමාණයක් ප්‍රකාශ කළද, මින් ඇති වන පාඩුව අති විශාලය..

4. මෙම තරඟාවලි සංවිධානය සඳහා අවශ්යවන අරමුදල් සෙබලුන්ගේ පඩිපතට විද සොයා ගන්නවාට අමතරව විවිධ ව්යාපාරික ස්ථාන වෙත ඔවුන් යවා දැන්වීම් හිඟාකයි. යුධ හමුදා ඒකක 9 ක් සහ ගුවන් හමුදා ඒකකයක් එකම කාර්යයක් සඳහා වරින්වර එකම වෙළෙඳ ආයතනය වෙත යෑමෙන්, වෙළෙඳ ආයතනවලටද මේ සුපර් ක්රොස් කරුමයක් වී ඇත.

5. මෙම සෑම තරඟාවලියක්ම සංවිධානය කරනු ලබන්නේ මිය ගිය සොල්දාදුවන්, තුවාල ලැබූ සොල්දාදුවන්ගේ සුභ සාධනය සඳහා යැයි පවසමිනි. මුල් කාලවලදී එය එසේ වුවත් වර්තමානයේදී එය හුදෙක් සටන් පාඨයක් පමණි.හොයන මුදලින් බහුතරය තමන්ගේ ඒකකවල විනෝද ආස්වාදය සඳහා පමණක් යොදවයි. මියගිය සොල්දාදුවන්, තුවාල ලැබූ සොල්දාදුවන්ගේ සුභ සාධනය සඳහා යැයි පවසමින් මෙ වැනි විකාර සඳහා මුදල් ඒකතු කිරීම එම මියගිය, තුවාල ලැබූ සොල්දාදුවන්ටද සිදුකරන බලවත් අපහාසයකි, ඔවුන්ව විකුණාගෙන කෑමකි. සෑම තරඟාවලියක්ම අවසානයේ පැවත්වෙන සුපිරි කස පැන් උත්සවය සඳහා නිලධාරීන් පමණක් සහභාගීවන අතර, ඒ වෙනුවෙන් දර දිය ඇදි සොල්දදුවාට බියර් එකක්වත් මේ නිලධාරී හැතිකරය ලබාදෙන්නේ නැත. උන් විස්කි බිබී කබරයා දානවිට උන්ව බලාගන්න වෙන්නේද සොල්දාදුවාටමය.

6. යුද්දයෙන් පසු හමුදාවන් ජාතිය ගොඩනැගීමට දායකවනවාට, අපේ කිසිදු විරෝධයක් නොමැත. එය ලෝකේ සියලුරටවල සිදුවන දෙයකී. එමගින් රටේ නිශ්පාදනය, සේවාවන් ඉහල දැමිය හැකිය. එසේ කිරීම තුලින් රටේ ජනතාවට සුභ සාධනයක් හිමි වේ. එසේ නොමැතිව SLADAR/SLADA සමග මෝර්ට ක්රොස් පැවැත්වීම තුලින් රජයේ මුදල් අවභාවිතය සිදුවේ. මෙම අව බාවිතාව මුදලින් ගණනය කළ නොහැක. කිසිවෙක් එය ගණනය කරන්නේදනැත.උදාහරණ වශයෙන් තරගාවලි සංවිධාන කටයුතු සඳහා පමනක් පවත්වන කොන්ෆරන්ස් ප්රමාණයට, නිලධාරීන් සහභාගිවීමට වැයවන ඉන්ධන ප්රමානය, වාහන අවභාවිතය, යුද හමුදා ශ්රමය අවභාවිතය දැක්විය හැකිය. මුදලින් ගණනය කළ හොත් මේ මෙම ඉලවු තරගාවලියෙන් රජයට පාඩුවක් මිස ලාභයක් නැත. වර්ශය පුරාවට පැවැත්වෙන මෙම සුපර් ක්රොස් තරගාවලි සංවිධානය කිරීම කිසිදු සිවිල් සංවිධානයක් විසින් සිදුනොකරයි. කිසිදු සිවිල් සංවිධානයක් SLADAR /SLADA සමග එකතු නොවේ. එයට හේතුව නම් මෙවැනි තරඟාවලියක් සංවිධානය කිරීම තුලින් ලැබෙන ආදායමෙන් තරගාවලිය සංවිධානය කිරීමට යන වියදමවත් කවර් කර ගත නොහැකි නිසාය. මේ නිසා SLADAR /SLADA සංගම් දෙක යුධ හමුදාපති ඇතුලු සමස්ත හමුදාවම ගොනාට අන්දා ඔවුන්ගේ පැවැත්ම තහවුරුකරගෙන සිටී. තමන්ට SLADAR/SLADA වෙතින් ලැබෙන මුදල්, සුපිරි ගනිකාවන්ගේ පහස ඇතුලු නො යෙකුත් වාසි නිසා ඉහල හමුදානිලධාරීන් SLADAR/SLADA කබ්බන්ගේ මන දොලසපුරාලීමට අහිංසක සෙබලුන්ගේ ශ්රමය පාවදෙයි. ඔවුන්ගේ පඩිපතට කෙළී. අප SLADA/SLADAR කබ්බන්ට අභියෝග කොට සිටින්නේ, හැකිනම් හමුදා සහය නොමැතිව සිවිල් සංවිධානයක අනුග්රහයෙන් මෝටර් ක්රොස් තරගාවලියක් පවත්වන ලෙසය.

7. තවද මේ තරගාවලියන් සඳහා යොදාගෙන ඇත්තේ ඒ ඒ එකකයන්ට අයත් භූමි ප්‍රදේශවේ. නමුත් දියතලාව ෆොක්ස්හිල් සුපර් ක්රොස්තරගාවලිය හැරුනුවිට අනිකුත් සියලු භූමි ප්රදේශයන් මෙවැනි තරගාවලි සඳහා සුදුසු නොවේ. නරඹන්නන් සිය කැමැත්තෙන් ටිකට් මිලටගෙන බැලීමට යන් නේ ෆොක්ස් හිල් සුපර්ක්රොස් තරගාවලිය පමණි. එනම් එය නුවරඑළිය වසන්ත සැනකෙළියට සමගාමීව සිදුවන බැවිනි. අනිත් සියලුම තරඟ සඳහා ‘මිතුරන් අතරේ පමණි‘ යනුවෙන් සැකසූ ටිකට් පත් මුද්රනය කර ඒවා සෙබලුන් ලවා බලෙන් අලවිකරනු ලබයි. සෙබලාට පවරන ටිකට් පත් ප්රමාණය විකිනීමට නොහැකි වූයේ නම්, එම සියලුම ඉතිරි ටිකට් ප්රමානයේ වටිනාකම අදාල සෙබලා විසින් ගෙවිය යුතුවේ. අණදෙන නිලධාරීන්ට ඉහලින් ලැබෙන නියෝග මගින් ඔවුන්ද පීඩනයට ලක්වෙති. අවසානයේ එම පීඩනය සොල්දාදුවා දක්වාම පැමිණේ. එය කෙලවරවන්නේ සොල්දාදුවාගේ පඩියට කෙලවීමෙනි

8. ජනාධිපතිතුමනි, සේනාධිනායකයාණෙනි, මෙවැනි ඉලවු තරගාවලි යුධ හමුදාව මගින් සංවිධානය කිරීම තහනම් කරන්න. හමුදාව රටේ සංවර්ධනයට යොදවන්න. ආරක්ෂක අමාත්යාංශය මෙවැනි තරග පැවැත්වීමට අනුමැතිය ලබාදීම අසරන සොල්දාදුවන්ට සිදු කරනා බලවත් අසාධාරනයකි. රෙජිමේන්තුව බාර මේජර් ජෙනරාල්වරයා මුදල් සෙවීමට ඒකක අණ දෙන නිලධාරීන්ට ලබාදෙන පීඩනය, අණ දෙන නිලදාරීන් කනිෂ්ඨ නිලධාරීන්ට සහ අවසන අසරන සොල්දදුවා දක්වා එල්ලවෙන පීඩනය සේනාධිනායකයාට පෙනෙන්නේ නැත. එම නිසා යුද හමුදාවේ මේ කරුමක්කාර තරගාවලිපැවැත්වීම කරුණාකර තහනම් කරන්න. අවශ්ය නම් ෆොක්ස් හිල් තරගය පමනක් පැවැත්වීමට ඉඩදෙන්න.

Top