Breaking
19 Apr 2025, Sat

හමුදා සෙබලුන් යුධ අපරාධකරුවන් කිරිමේ සැලැස්ම සාර්ථකයි- යාපනය මහාධිකරණ තින්දුව එජා වාර්තාව හා සැසදෙයි

එක්සත් ජාතීන්ගේ සහ ජාත්‍යන්තර අපරාධ නීතිය අනුව යුද හමුදාව විසින් සිදුකරන ලිංගික හිසනය අයත් වන්නේ ජාත්‍යන්තර අපරාධ, යුද අපරාධ සහ මානවවර්ගයාට එරෙහි අපරාධ ගණයට බව මහාධිකරණ විනිසුරුවරයා පිටු 81 කින් සමන්විත නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ පැයක දෙසුමේදී දෙසමින් යුද පීඩිත කාන්තාවන් දෙදෙනකුට කල්ලි ගැසී ලිංගික අඩන්තේට්ටම් කල බව පවසමින් යුධ අපරාධ සදහා යුධ හමුදා සෙබලුන් රැගෙන යෑමේ පලමු පියවර ලෙස හමුදා සෙබලුන් හතර දෙනකුට සිර දඬුවම් පැනවීමට යාපනය මහාධිකරණ කටයුතු කළා.

විනිසුරු එම් ඉලන්චෙලියන් ඊයේ (7) බදාදා එසේ ප්‍රකාශ කළේ පස් වසරකට ඉහතදී කිලිනොච්චියේ විශ්වමඩුවේදී එක් කාන්තාවක් දුෂණය කොට තවත් කාන්තාවකට ලිංගික අතවර කළ හමුදා භටයන් සිව් දෙනකුට විසිපස් අවුරුදු සිර දඬුවමක් පනවන් බවයි.

විශ්වමඩු ප්‍රද්ශයේ කාන්තාවක් 2010 වසරේ ජුනි 14 දින දුෂණය කොට තවත් කාන්තාවකට අතවර කළ බව පවසමින් 572 බලකායේ විජයබා බලඇණියේ සෙබළුන් වූ පී ශාන්ත සුබසිංහ, ඩී ධනුෂ්ක පුෂ්පකුමාර, පී බී ප්‍රියන්ත කුමාර සහ කේ ජී ධනුෂ්ක ප්‍රියලාල් රත්නායක ට සිර දඬුවමට අමතරව වන්දියක් සහ දඩ මුදලක් ගෙවීමටද නියම කර තිබේ.2009 පෙබරවාරියේ සිට 2013 වසර අවසානය තෙක් 572 බලකායේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළේ කර්නල් විපුල පනන්වලය.

මිට අමතරව සෙබළුන් විසින් දූෂණය කරන ලද යැයි කියන කාන්තාවට රුපියල් පන්ලක්ෂයක් ද අතවරයට ලක්වූ කාන්තාවට ලක්ෂයක්ද වන්දි ගෙවිය යුතු බව අධිකරණයේ නියමය විය. රුපියල් 35000 ක දඩයකටද වරදකරුවන් යටත් කරන ලදී.

යාපනය මහාධිකරණ භුමිය අවට දැඩි රැකවල් ලා තිබුණු අතර නඩු තීන්දුව දීමෙන් අනතුරුව විනිසුරු එම් ඉලන්චේලියන්ට විශේෂ ආරක්ෂාවක් සපයන ලෙසට පොලිසි වලට බලපැම් කර තිබේන බවද අප වාර්තාකරු අනාවරණය කළා.

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.