Breaking
24 Feb 2025, Mon

හයිබ්‍රිඩ් උසාවිය..මෛත්‍රී ආණ්ඩුව දෙදරවයි…

හයිබ්‍රිඩ් උසාවියකට වෙස්‌මුහුණක්‌ දමා දේශීය පරීක්‍ෂණ යාන්ත්‍රණය කියා ඇමරිකාවත් සමග එක්‌වී යෝජනාවක්‌ සම්මත කරවා ගතහොත් මිත්‍රශීලී රටවලට පවා අප බේරා ගැනීමට නොහැකි වනු ඇති බව ආචාර්ය දයාන් ජයතිලක මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන එක්‌සත් ජාතීන්ගේ යුද අපරාධ පරික්‍ෂණ කමිටු වාර්තාව මගින් මෙරට පිහිටුවීමට යෝජනා කර ඇති විදෙස්‌ විනිසුරුවන්ගෙන් සමන්විත විශේෂ (හයිබ්‍රිඩ්) අධිකරණය මෙරට පමණක්‌ නොව ඕනෑම රටක ස්‌වෛරීත්වයට විරුද්ධ එකක්‌ යෑයි ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක මහතා දිවයිනට පවසා තිබේ.

 

මේ අතර ශ්‍රි ලංකාවේ සිදුවූ බව කියන යුධ අපරාධ විමර්ශනය කිරීම සදහා ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සම්මිශ්‍රණයක් සහිත විශේෂ අධිකරණයක් (hybrid) ස්ථාපිත කිරිමෙන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ අනුගාමිකයන්ට එම අධිකරණය ඉදිරියේ සාක්ෂි දීමට සිදු වනු ඇතැයි කැබිනට් ඇමති රාජිත සේනාරත්න කල ප්‍රකාශය සමග මෛත්‍රී ආණ්ඩුව දෙදරා ගොස් තිබේන බව වාර්තා වේ.(තොරතුරු බලාපොරොත්තු වන්න )

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදි මෙවන් තත්ත්වයකට මුහුණ දිමට රටට සිදුවන බව පසුගිය රජය සමයේ මෙන්ම ජනාධිපතිවරණය හා මහා මැතිවරණය සමයේදි අවධාරණය කළද එය ගනන් නොගෙන ජනාධිපතිවරයා අහ අගමැතිවරයා කටයුතු කල බවට චොදනා එල්ල වෙමින් තිබේ.

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.