Breaking
24 Jan 2025, Fri

හයිබ්‍රිඩ් කාරයට සහ කොළඹ සුපිරි නිවස වෙනුවෙන් වෘත්තීය සමිති පාවාදුන් රනිල්ගේ හුජ්ජ කොල්ලා

ව්‍යාජ ලෙස වැඩකරන ජනතාව වෙනුවෙන් පෙනිසිටි බෙදුම්වාදී යහපාලන ආණ්ඩුව පිහිටුවිමට ඇමරිකානු සහ ඉන්දියානු මුදල් මත වැඩකරන ජනතාව කඩේ යැවු රනිල්ගේ ගණිකා වෘත්තීය සමිති නායකයන් ඉතිහාසයේ මහා පාවාදිම අද සිදු කර තිබේන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

වීර වෙස් ගත් පුරවැසි බලය සංවිධානය නැමැති සංවිධානය මෙහෙයවන රනිල්ගේ කුක්කා වන සමන් රත්නප්‍රිය තමන්ට වික්‍රමසිංහලා ලබා දෙන බවට පොරොන්දු වි ඇති හයිබ්‍රිඩ් කාරයකට සහ කොළඹ සුපිරි නිවස වෙනුවෙන් වෘත්තීය සමිති සටන් පවා දි තිබේන බව සමන්ගේම සමිපතම් සගයෙකු අනාවරණය කර තිබේ.

නිකම්ම ඉකන් 2.50 හෙද සේවකයෙකු වු සමන් පසුගිය යහපාලනයෙන් පසුව බෙදුම්වාදීන්ටද කඩේ යමින් මාධ්‍ය සාකච්ඡාවක් කැදවා පවසා සිටියේ යුධ අපරාධකරුවන්ට දඬුවම් දිය යුතු බවකි.

හදිසියකට 10ක් 15ක් හොයා ගන්නට බැරි උනත් මාධ්‍ය හමුවේ පට්ට කෙප්ප හලන සමන් ඊයේ රනිල් වික්‍රමසිංහට කියා ඇත්තේ 150 කට අධික වෘත්තිය සමිති සංඛ්‍යාවක්‌ 15 වැඩවර්ජනයට එකතු අන බවත් එය 1980 ජුලි වැඩ වර්ජනයට පසුව සිදුකෙරෙන ඊටත් එහාගිය එකක්‌ විය හැකි බවය.නමුත් අගමැතිවරයා සමන්ට පවසා ඇත්තේ ඔවා කියන තරම් ලෙසි නොවන බවය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ රතු අලී පැටියාගේ නියෝගයකට අනුව  ජාතික වෘත්තීය සමිති මධ්‍යස්‌ථානය අකමැත්තෙන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය නතර කර තිබේ.ඔනෑම දෙයකට පඩත්තල කතාවක් කියන රතු අලී පැටියාගේ හිගන ගොලයා වන ජාතික වෘත්තීය සමිති මධ්‍යස්‌ථානයේ සභාපති කේ. ඩී. ලාල් කාන්ත මාධ්‍යට පවසා ඇත්තේ ආණ්‌ඩුවේ මෙම තීරණය නිසා අයවැයේ විසකුරු බව නැතිවී නොමැති බවත් අවශ්‍ය වුවහොත් ඉදිරියේදී වැඩවර්ජනයකට අවතීර්ණ වන බවත් දැනට පියවරක්‌ පස්‌සට ගත් බවය.

අයාලේ යන වෘත්තීය සටන් වලට අපි නෑ 

මේ අතර මේ ආණ්‌ඩුව බලයට ගෙන ඒමට කටයුතු කළ වෘත්තීය සමිති පිළිබඳ කිසිදු විශ්වාසයක්‌ නැති බවත් අගමැතිවරයාගේ ප්‍රකාශය පදනම් කරගෙන තීරණය කර තිබූ වෘත්තීය ක්‍රියා මාර්ගය හකුලා ගන්නා බව කීමෙන් තමන් පුදුමයට පත්වූ බවත් ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්‌ඩලය කැඳවුම්කරු ඩබ්ලිව්. එම්. පියදාස මහතා අවධාරණය කළා.

අයාලේ යන වෘත්තීය සටන්වලට ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්‌ඩලය සම්බන්ධ නොවන බවත් මෙම අයවැය සම්බන්ධව මතුවන විරෝධතා වලට බියෙන් ආණ්‌ඩුව විවිධ ප්‍රකාශන නිකුත් කරන බවත්, පාර්ලිමේන්තුවේ කෙරෙන ප්‍රකාශවලින් පමණක්‌ සෑහීමකට පත්විය නොහැකි බවත් ඒවා අයවැය සංශෝධනවලට ඇතුළත් කර සම්මත විය යුතු බවත් ඔහු සදහන් කළා.

ආණ්‌ඩුවට කත් අදින වෘත්තීය සමිති සටන ආපසු හරවගන්න අගමැතිවරයාගේ ප්‍රකාශය හේතුවක්‌ කරගත් බව පැවසූ පියදාස ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්‌ඩලයේ සටන ජනතාවට අහිතකර අයවැය යෝජනා සංශෝධනය කරන තුරු ඉදිරියට ගෙන යන බවත් ඒකාබද්ධ වෘත්තීය සමිති බල මණ්‌ඩලය කලින් තීරණය කළ පරිදි අයවැයට විරුද්ධව විරෝධතාව ලබන 18 වැනිදා පවත්වන බවත් අවධාරණය කර තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.