Featured

හරි වැරදි තෙරෙන්නේ මෙහෙම තැනකට ආව දවසක…රාජිත

දින 90ක කාලයක් තුලදි හදවත් සැත්කමට මුහුණ දෙන්නේද? නැද්ද යන දෙගිඩියාවෙන් පසුවන ප්‍රා නායක රාජිත සේනාරත්න ඊයේ චතුර
සේනාරත්නගේ උපන්දිනය Mount Elizabeth රෝහලේ සැමරිමෙන් පසුව තමන්ගේ පවු කන්ද මතක්වි සිය බිරිද සමග පවසා ඇත්තේ…. රාජපක්ෂලාට කියපු දෙවල් සහ කරපු දෙවල් තමන්ට නිරන්තරයෙන් මතක් වන බවත් පසුගියදා රාජපක්ෂ මහතා කල ප්‍රකාශයක් තමන්ගේ කනේ නිරන්තර රැව් දන බවත් ය.

ඇමති රාජිත සේනාරත්න මහතාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දුරකතනයෙන් ඇමතු අතර එහිදී දුරකතනයට පිළිතුරු දී ඇත්තේ ඇමති රාජිතගේ සොහොයුරු මහීල් සේනාරත්න මහතායි. ඇමතිවරයාගේ අසනීප තත්ත්වය ගැන එහිදී විමසා ඇති හිටපු ජනාධිපතිවරයා ඔහුට ඉක්මන් සුව ප‍‍්‍රාර්ථනා කර තිබේ.

යෝෂිත රාජපක්ෂ සිරගත කිරිම සම්බන්ධයෙන් යෝෂිතව අත්අඩංගුවට ගන්න කලින් රාජිත සේනාරත්න මාධ්‍ය හමුවල රාජපක්‍ෂ කෙනෙක් අත් අඩංගුවට ගන්නා බවට කල ප්‍රකාශයත් ඉන්පසුව යෝෂිතව අත් අඩංගුවට ගැනිමත් පිළිබඳව රාජිත සේනාරත්න සිය කණගාටු දිගින් දිගටම ප්‍රකාශ කර තිබේන බව රාජිත සමග සිංගප්පූරුවේ සිටින ඔහුගේ විශ්වාසවන්තයෙකු සදහන් කළා.

මේ අතර රාජපක්ෂලා සම්බන්ධයෙන් කණගාටුව ප්‍රකාශ කරමින් රාජිත කතාකරන අතර තුර චතුර එයට විරුද්ධව සිය අදහස් දක්වමින් කතා කර ඇති අතර රාජිත එම අවස්ථාවේ ඔහු වලක්වමින් පවසා ඇත්තේ “කරපු සමහර දෙවල්වල හරි වැරදි තෙරෙන්නේ මෙහෙම තැනකට ආව දවසක…” යනුවෙනි…

Top