Breaking
1 Feb 2025, Sat

හිටං, මේ හොරාත්… අර හොරාත් හැර තවත් හොරු සිටිද?… නැත්නම් වහාම අටපට්ටමට කියන්න හොදේ… කෝටි 54ක් කොමිස් ඉල්ලු මහ මොළකරු කවුද?

Published on: May 4, 2018 – තම ගැලවීම සඳහා ‘තම වටේ සිටින්නන් සියල්ල දූෂිතයි’ තමා පමණක් හරියි යන බයිලය ගසන ලොව එකම නිර්ලජ්ජිත ජනාධිපතිවරයෙක් වේ නම් ඒ ලංකාවේ සිරිසේන ජනපති පමණකි. බූරු ගැහුවත් වැරදිය. බූරු පොළේ සිටියත් වැරදිය.

ජනාධිපති කාර්යාලයම බූරු පොළක් ලෙස පවත්වා ගෙන යන ලොව අකාර්යක්ෂතම ජනාධිපති තේරීමේ තරඟයක් ඇත්නම් ඉන් කප් පිට කප් ගැසීමට සුදුසුකම් ඇත. පත් වූ දා පටන් මිනිහා මළ වට්ටිඅම්මා ලෙසින් පසුගිය රජයටම දොස් පවරමින් තම රාජකාරි පැහැර හරිමින් සිටින සිරිසේන ජනාධිපති තව දුරටත් ජනාධිපතිකම් කරන්නේ රෙදි ඇඳගෙන දැයි යන්න ප්‍රශ්නයකි.

ශිෂ්ට රටක නම් ජනාධිපතිගේ දකුණු අත වන් නිලධාරියා ( ජනාධිපති ලේකම් මිස්ටර් වළ පයයි ගොඩ පයයි දකුණු අත ලෙස සැලකුවහොත් එය දකුණු අතටද නින්දාවකි) මේ සා මුදලක් අල්ලස් ගත්තේ නම් මෙළහකටත් ජනාධිපති ජාතියෙන් සමාව ගෙන ඉල්ලා අස් වී ගෙදරත් ගොස්ය.

නමුත් අවාසනාවට එංගලන්තෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ. තවත් සැක සහිත කරුණක් වන්නේ මෙය සිරිසේන හා කොමිස් බෑණා තිළිණගේ බිස්නස් එක වන්නටද පුලුවන් හෙයිනි. කිසිදු වයාපාරයක් හෝ රැකියාවක් නොමැති නමුත් ජනාධිපති කාර්යාලයේ අති සුඛෝපභෝගී වාහනත්, ලක්ෂ ගණන් වටිනා ඇඳුම් ආයිත්තම් පරිහරණය කරමින් සිරිසේන ජනපති සමඟ විදෙස් ටුවර් ගසමින් ගාණ කඩාගන්නා කොමිස් බෑණා මුල සිටම ප්‍රසිද්ධ වූයේ ‘ඩීල් නම් තිළිණ තමයි’ යනුවෙනි. එම කිසිවෙකුගේ ආශිර්වාදයක් නොමැතිව කෝටි 54ක් යනු රාජය නිලධාරියෙකු සිහිනෙන්වත් ඉල්ලීමට බලාපොරොත්තු වන මුදලක් නොවේ.

දූෂිත රාජපක්ෂ යුගයට පෙර හතර අතේ ණය වී වැලේ වැල් නැතුව සිටි ගාමිණි සේදර සෙනරත් හිටපු ජනාධිපති මාණ්ඩලික ප්‍රධානි තනතුරට පත්වීමත් සමඟ එක රැයින් බිලියනපතියකු බවට පත්වූවත් තවම හරි හැටි චෝදනා කරගැනීමටවත් නොහැකි වී සිටින පසුබිමක, හොරු ඇල්ලීමට පැමිණි රජයේ ජනාධිපති මාණ්ඩලික ප්‍රධානියා කෝටි 2ක් සමඟ හසුවීමම දෛවයේ සරදමක් වන්නෙහිය. එලෙසම වසර 3ක් කිසිදු ඍජු තීරණයක් හා නිසි පරිපාලනයක් ගෙන යාමට අපොහොසත් වූ සිරිසේන ජනපති  ඇමතිවරුන් මත බර පටවා නිදහස් නොවී අඩු ගාණේ දැන්වත් තම පිට කොන්ද තිබේදැයි පරීක්ෂා කරගැනීම නුවණට හුරුය. මෙවැනි පුවත් ජාතයන්තරයට යාමෙන්ම රටේ ප්‍රතිරූපයම මේ වනවිට බිඳ වැටී අවසන්ය.

සිරිසේන ජනපතිට අනුව ඔහුගේ විශ්වාසවන්තම සගයන් කීපදෙනෙක්.
උගත්කම, අධයාපනය හෝ මොනවා නැතත් ඕනෑම සිහි බුද්ධියක් ඇති මනුෂයයෙකුට තවත් මිනිසෙකු විශ්වාස කළ හැකිද නොහැකිද යන්න ඉවෙන් මෙන් දැනෙන්නකි. නමුත් අවාසනාවකට කේළාම් වලට මුල්තැන දෙන්නෙකු වන වත්මන් ජනපතිට එම සහජ ඥාණය පවා පිහිටා නොමැති වීම අතිශය කණගාටුදායකය.

විපක්ෂය මෙම විගඩම් වලට මේ වනවිටත් සෙට් වී සතර කොනින් සිනහ වනු නොඅනුමානය. තම කඩුව ඔහේ වනමින් තමන්ට ගසන්නට විපක්ෂයට ඉඩ හසර සලසා දෙන සිරිසේන හැර වෙනත් ජනාධිපතිවරයෙක් සිටියි නම් වහාම අටපට්ටමට දන්වන්න.

කතෘ සටහන 

හොරූඇල්ලිමේ විශේෂඥයන්ගෙත් යුත් ආණ්ඩුව අර්ජුන් පැනයාමෙන් පසුව අල්ලා ගැනිමට හෙරෙකු නොමැතිව හොරගල් අහුලමින් සිටියදි ඊයෙ පට්ටම හොරෙකු රටටහදුන්වාදිමට සිරිසේන ජනපති සමත්වු අතර එය තනිකරම නාට්‍යක් බව ඊයේ උදෑසන සිට ජනාධිපති මන්දිරයේ සිදුවන කුමන්ත්‍රණ හරහා අනාවරණය වෙමින් තිබු අතර මේ වනවිට එය සිරිසේනගේ හොරු ඇල්ලිමේ නාට්‍ය පිටපතේ තවත් එක් එපිසොයිඩයක් බව තහවුරු වි තිබේ.

ඊයේ සවස් කාලය තුල සිරිසේන පවුලේ දු,පුතාලාගෙන් පෝෂණය වන සමාජ ජාලා සහ වෙබ් අඩවි ක්‍රියාකරුවන්ට දුරකතන ඔස්සේ ලැබුන උපදේස් අනුවද මෙය ආණ්ඩුවේ අසමත් කම වසා ගැනිම සදහා රගන හොරු ඇල්ලිමේ නාට්‍යයක් බව් තහවුරු වන අතර සියල්ලටම වඩා වෙනදාට දින දෙකට පසුව පත්තරෙන් හොරකම් ගැන දැන ගන්නා සිරිසේන ජනපති මාධ්‍යයට ප්‍රකාශයක් කිරිමට තරම් දක්ෂ විය.

විශ්වාසභංගයක් හරහා මහා බැංකු බැදුම්කර හොරු සුද්ද කර දැමු ඒකාබද්ධ විපක්ෂයටද මේ නාට්‍ය මේග නාට්‍යක් මෙන් ආතල් දෙන්නට විය.

කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා දීමට පෞද්ගලික සමාගමකින් අල්ලස් වශයෙන් රුපියල් කෝටි 54ක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක් ලබා ගත් බව කියන ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය කුසුම්දාස මහානාම මහතා සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති පී දිසානායක මහතා ලබන නව වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කර තිබේ.

කොළඹ හෝටලයකදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මධ්‍යම රාත්‍රී 12ට පමණ මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසට ඉදිරිපත් කරනු ලැබීය.

මෙම සිද්ධියට අදාළව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කර තිබුණේ නො. 27/9, රොස්මිඞ් පෙදෙස, කොළඹ 07 ලිපි නැති එම්. ජී. ෂුගර් ලංකා පුද්ගලික සමාගමේ ප‍්‍රධානී කොටහා රාලහල්ලී කොඩි ඩප්පයියා නඩරාජා නැමැති ඉන්දීය ජාතිකයා විසිනි.

ශි‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගම වෙතට රජය මගින් පවරා දී ඇති කන්තලේ සීනි සමාගමකට අයත් යන්ත‍්‍ර සුත‍්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සදහා අනුමැතිය ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540 ක් ඉල්ලා එය රුපියල් මිලියන 100 ක් දක්වා අඩුකර අත්තිකාරම් වශයෙන් රුපියල් මිලියන 20 ක් අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත්තේ යැයි සැකකරුවන් දෙදෙනාට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා නගා ඇත.

ප්‍රශ්ණය ඇත්තේ අදාළ අල්ලස ලබා ගැනිමට ක්‍රියාකර ඇති අකාරය.එ අනුව එම අල්ලස කාගේ හෝ උවමනාවකට අනුව ලබා ගැනිමට කටයුතු කර ඇති අතර ඒ හරහා උවමනාවෙන්ම හොරු නීතියට කොටු වි තිබේ.

ශි‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්. ජී. ෂුගර් පුද්ගලික සමාගම වෙතට රජය මගින් පවරා දී ඇති කන්තලේ සීනි සමාගමකට අයත් යන්ත‍්‍ර සුත‍්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සදහා අනුමැතිය ලබා දීමට අල්ලස් ඉල්ලා සිටියේ අද ඊයෙක නොවේ දැනට ජිවතුන් අතර නැති එම්.කේ.ඩි.ඒ.එස් ගුණවර්ධනද සිටි අතර මෛත්‍රී ජනපති විමෙන් පසුව එම අල්ලස් ගැනිමේ ක්‍රියාවලියි විධිමත්ව සිදුකිරිමට කටයුතු රමින් සිටියදි ඔහු මරණයට පත්විය.

කතාව තව අවසන් නැත….

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.