Featured

“හිටපල්ලා අපි බලාගන්නම්” ජනපති,අගමැති ඉදිරියේ හමුදාවට තර්ජනයක්!ආරක්ෂක මණ්ඩල රැස්වීම පාවාදෙන්නන්ගෙන් ගිනියම් වේ

‘ඔපරේෂන් ඩබල් එජ්’ (Oparation Double Edge) මෙහෙයුමට සම්බන්ධ සිංහල කොටියා වන ප‍්‍රගීත් එක්නැළිගොඩ අතුරුදහන් කිරිමේ පාඪළී චම්පිකගේ මෙහෙයුම හරහා ආරම්භ කල පරීක්ෂණ මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් හා යුද හමුදාවේ ඉහළ නිලධාරීන් අතර ගැටුමක් ඇති කිරිමට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ප්‍රමුඛ බෙදුම්වාදීන් සමත්ව ඇති බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරණයේ යේදේන විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණ පිළිබඳව පසුගියදා ආරක්ෂක මණ්ඩලයේ ද අවධානය යොමුව ඇති අතර එහි දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් හා යුද හමුදාවේ ඉහළ නිලධාරීන් අතර බරපතළ මත ගැටුමක් හටගෙන තිබේ.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා ද සහභාගි වූ මෙම ආරක්ෂක මණ්ඩල රැස්වීමට ආරක්ෂක අංශ ප‍්‍රධානීහු ද සහභාගී වි සිටි අතර ජනාධිපතිවරයා අහ අගමැතිවරයා දිගින් දිගටම යුධ හමුදාඅ බුද්ධි අංශ ප්‍රධානින්ට චොදනාකර ඇති අතර ප‍්‍රගීත් එක්නැළිගොඩ එල්.ටී.ටී.ඊ. හිතවාදියකු බවට මාධ්‍යයට අසත්‍ය තොරතුරු සපයමින් ඔහුව හංවඩු ගැසීමට හමුදා ප‍්‍රධානීන් උත්සාහ දැරූ බවට චොදනා කර තිබේ.

එක්නැළිගොඩ කොළඹ බෝම්බ පිපිරවීමකට හෝ එල්.ටී.ටී.ඊ. කාඩර්වරුන්ට නවාතැන් දී ඇති බවට හමුදා බුද්ධි අංශ නිළධාරි පැහැදිලි සාක්ෂි සහිතව අනාවරණය කර තිබේ.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානී, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, එක්නැළිගොඩ  ‘කොටියකු’ නොවන බවත් ඒ හරහා ආණ්ඩුව පෙරලිමට සහය දුන් සිවිල් සංවිධාන රජය සමග අමනාප වි සිටින බව පවසමින් හමුදා ප්‍රධානින්ට චොදනා කර තිබේ. ඒ සමගම දේපාර්ශවයම අතර බහින්බස් විමක් සිදුව ඇති අතර  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානී, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න අගමැතිවරයා දෙස බලමින් හමුදා ප්‍රධානින්ට තර්ජනය කරමින් පවසා ඇත්තේ “හිටපල්ලා අපි බලාගන්නම්” යනුවෙනී.

ප්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යවේදියකු ලෙස එල්.ටී.ටී.ඊ. ප‍්‍රාදේශීය නායකයන් සමඟ සම්බන්ධතා පවත්වා ඇති බව රහස් පොලීසියද පිලිගෙන තිබේ. කියවන්න –මහින්ද,අමාත්‍යවරුන් හා රාජ්‍ය නිලධාරින් 200 ඝාතනය කිරිමට ප්‍රගීත්,ගඳරුවන් හා LTTE ය කළ “ඔපරේෂන් ඩබල් එජ්”

නියෝජ්‍ය පොලිස්පතිවරයා ඉදිරිපත් කරන ලද කාරණා හමුදා බුද්ධි අංශය විසින් ප‍්‍රතික්ෂේප කර ඇති නමුත් එක්නැළිගොඩ එල්.ටී.ටී.ඊ.ය සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට සක්ෂි ඉදිරිපත් කිරීමට තමන්ට හැකි බව ඔහුන් තරයේ පවසා තිබේ.එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ ප‍්‍රධානියා වූ පොට්ටු අම්මාන් සතුව තිබූ සියලූම ලියකියවිලි මේ වන විට හමුදාව සතුව ඇති අතර එම සාක්ෂි අධිකරණයේ දී ඉදිරිපත් කිරිමට හමුදා ප්‍රධානින් සුදානමින් සිටි.

මේ අතර අප දිගින් දිගටම අනාවරණය කල පරිදි  එක්නැළිගොඩ  2010 දී ද පැහැර ගත්තේ දේශපාලන උවමනාවක් මත සන්නද්ධ කණ්ඩායමක් විසින් බවට රහස් පොලීසිය තහවුරු කර තිබේ. කියවන්න –ප්‍රගීත් ඝාතනය කළේ පාඨලී චම්පික-මාලිගාවත්තේ කුඩුසුද්දා පාපෝච්චාරණය කරයි

ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතා නීති විරෝධී ලෙස පැහැරගෙන ගොස් රඳවා තබා ගනිමින්, අතුරුදන් කරවීම සම්බන්ධයෙන් සැකපිට මේ වන විට ලූතිනන් කර්නල් ෂම්මි කුමාර රත්නායක, ලූතිනන් කර්නල් සිරිවර්ධන, මාණ්ඩලික සැරයන් රාජපක්ෂ, කෝප‍්‍රල් ජයලත්, විශ‍්‍රාමික සාජන්ට් මේජර් රණබණ්ඩාර, සාජන්ට් මේජර් උපසේන, විශ‍්‍රාමික කෝප‍්‍රල් රංජිත් රූපසේන, කෝප‍්‍රල් අනුරජීව සහ තවේන්දරන් මෙන්ම සත්‍යා මාස්ටර් යන හිටපු එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනකු රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලබු අතර එක්නැළිගොඩ  ඝාතනය කළ බවට සාක්ෂි කිසිවක් හමුවී නැති නමුදු පැහැරගෙන යාම හා රඳවා තබා ගැනීම, ගැන් පමණක් සාක්ෂි තිබේ.

මේ අතර ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින යුද හමුදා නිලධාරීන් හතර දෙනා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් ගොනුකළ පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර ලබාදුන්නා.එක්නැලිගොඩ අතුරුදන්වීම සම්බන්ධයෙන් ලූතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු, සැරයන්වරයකු හා කෝප්‍රල්වරයකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත සිටින බවටයි පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ.

Top