All

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාව ඉවත් කිරීම

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සදහා යොදවා සිටි හමුදා නිළධාරීන්ගෙන් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද දින ඉවත් කරන ලදී.

ඒ වෙනුවට පොලිස් නිළධාරීන් ආදේශ කර ඇත.නමුත් මෙම පොලිස් නිළධාරීන් ප්‍රභූ ආරක්ෂාව සදහා අවශ්‍ය විශේෂ පුහුණුව ලත් නිළධාරීන් නොවේ.

ලොව දරුණුතම ත්‍රස්තවාදී සංවිධානය ලෙස නම් කර තිබු එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කල නායකයා වන මහින්ද රාජපක්ෂ මහතාට බරපතල ජීවිත තර්ජනයක් තිබෙන බව ආරක්ෂක විශේෂඥයින්ගේ අදහස වන අතර එය සාමාන්‍ය සමාජය පවා වටහා ගත් තත්වයකි.එමෙන්ම ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානයක් මුළුමනින්ම පරාජය කර දැනට ලෝකයේ ජීවත්ව සිටින එකම නායකයා මහින්ද රාජපක්ෂ මහතායි.ඒ අනුව බැලූ කල ද එතුමන්ට සුවිශේෂී ප්‍රභූ ආරක්ෂාවක් ලැබිය  යුතු බව සියලු දෙනාගේ පොදු පිලිගැනීමයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි විශේෂ ප්‍රභූ ආරක්ෂක පුහුණුව ලත් සහ දීර්ඝකාලීන අත්දැකීම් සහිත හමුදා නිළධාරීන් 50 දෙනෙකු එකවර ඉවත් කිරීම එතුමන්ගේ ජීවිතය අනතුරෙහි හෙළීමකි. එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදී එතුමන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම ආණ්ඩුවේ යුතුකම මෙන්ම වගකීමයි.

රොහාන් වැලිවිට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්

Withdrawal of Army from Mr. Mahinda Rajapaksa’s security detail

50 army personnel assigned for the security detail of former President Mahinda Rajapaksa have been withdrawn, today.

Instead, Police personnel were assigned but they are not trained on   VVIP security.

Mr. Mahinda Rajapaksa is under a life threat who defeated the world most powerful LTTE terrorist organization and this is the view of security experts too.  This has been understood even by the general public.  Mr. Mahinda Rajapaksa is the only living Leader in the world who defeated a powerful terrorist organization.   Therefore it is the public opinion that Mr. Mahinda Rajapaksa should be given proper military protection.

Withdrawal of 50 well-trained army personnel has placed the life of former President in danger.  It is the duty of the Government to provide sufficient military protection to safeguard the life of Mr. Mahinda Rajapaksa.

 

Top