Featured

හිතේ ගින්දර නැතිව ලිප ගිනි මෙලවිය හැකි සුභ අළුත් අවුරුදදක් රටටම උදා කරමු

උදාවූ සිංහල දෙමළ අළුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට, සෞභාග්‍ය සම්පත සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමි.

මුළු රටම එකම නැකතකට වැඩ කරන අපේ අළුත් අවුරුද්ද තරම් සංහිදියාවේ සහ එකමුතුකමේ වෙනත් ප්‍රායෝගික අවස්ථාවක් ලොව කිසි තැනක නැති බව මාගේ විශ්වාසයයි.ත්‍රස්තවාදයේ වෙඩි පහරටවත් වෙන්කල නොහැකි වූ උතුරු-දකුණු හිතවත්කමේ වාර්ෂික සැමරුම් මංගල්‍ය මේ අළුත් අවුරුද්දයි.

අළුත් අවුරුද්ද සෞභාග්‍යයේ සහ සශ්‍රීකත්වයේ සංකේතයකි. දේශීය කෘෂි කර්මාන්තය,ආහාර සුරක්ෂිතතාවගැන මෙනෙහි කිරීමටද මේ හොඳම කාලයයි.බතින් බුලතින් සරු රටක් අටුකොටු පිරුණු ගෘහස්ථ ආර්ථිකයක් අළුත් අවුරුද්දේ උරුමය බව අමතක නොකළ යුතුය.

අළුත් අවුරුද්ද සිංහල හා දෙමළ සංස්කෘතික මංගල්‍යයයි.අළුත් අවුරුදු සංස්කෘතිකාංග වෙත අනාගත පරපුර හුරුකරවීම වැඩිහිටි අපගේ යුතුකමයි.අළුත් අවුරුදු සිරිත් විරිත් අඛණ්ඩව පවතින්නේ එමගින් පමණි.

වෙඩි හඩ නොඇසෙන රටක අළුත් අවුරුද්ද සැමරීමට අප සැම භාග්‍යවන්ත වු බව මේ අවුරුදු මාසයේ සිහිපත් කිරීම වටී. 2009 වසරේ බක් මාසය වන විට සාමය දිනා ගැනීමේ මානුෂීය මෙහෙයුමේ තීරණාත්මක හෝරා කිහිපය උදා වු බව අමතක නොකළ යුතුය.ගහ කොළට ස්වභාදහමට පවා කෘතවේදීත්වය පල කරන මේ සොඳුරු මොහොතේ රටට සාමය දිනා දුන් රණවිරුවන් සිහිපත් කල යුතු යැයි මම දැඩි ලෙස විශ්වාස කරමි.හිතේ ගින්දර නැතිව ලිප ගිනි මෙලවිය හැකි සුභ අළුත් අවුරුදදක් රටටම උදා වේවායි මම ප්‍රාර්ථනා කරමි.

මේ උතුම් මාතෘභූමිය වෙනුවෙන් අවංකව වෙහෙසවන්නට ඔබ සැමට ශක්තිය ලැබේවා.ඔබ සැමට සුභ අළුත් අවුරුද්දක් වේවා.

මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකාවේ පස්වන ජනාධිපති

2016 New Year Message

 

I wish the people of Sri Lanka a happy and prosperous new year. This is a time when the Sinhala and Tamil people conduct traditional New Year observances to the same auspicious times, symbolising national unity and reconciliation. The New Year is an annual celebration of North-South unity which could not be shattered even by the gunfire and bombs of terrorists.

The New Year is celebrated with hopes of prosperity and well-being in the coming year. This is a time when we should be mindful about agriculture and food security. We must not forget the agrarian roots of this festival which is all about food production, self sufficiency and a vibrant domestic agriculture. It is the duty of adults to pass on our new year observances and practices to the younger generation to ensure that our traditions survive.

We must be thankful for being able to celebrate the New Year in a country that is now free of war. By the Sinhala and Tamil New Year of 2009, the war against terrorism had entered its final and decisive phase. As we express our gratitude to mother nature for her bounty during the New Year festival, I believe we should at the same time remember the war heroes who brought peace to this country.

I wish you a happy and prosperous new year.

 

 MahindaRajapaksa

5th President of Sri Lanka   

Top