Featured

හිපාටුවන්ට ඔනේ දවසට මහින්ද අත උස්සන්නේ නෑ …රට එක්සේසත් කල රජෙක් අත උස්සන්නේ ලොකු පෙරලියක් සමග

දැන් මේ ව්‍යවස්ථාව පරාජය කිරීමට අපිට මන්ත්‍රීවරු 76 අවශ්‍යයි. මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 51 සිටිනවා. මේ 51 මහින්ද රාජපක්ෂ මැතිතුමන් අයවැයට ඡන්ද දෙන්න එන්නේ නෑ නේද කියලා හැමෝම අහනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට අය වැයට ඡන්දය පාවිච්කරන්න එන්න එපා කියලා කියන්නේ අපි. මොකද එතුමන්ට තියෙන්නෙත් එක ඡන්දයයි. නමුත් එතුමා ඓහිතිහාසික චරිතයක්. වසර 2600 ක ලිඛිත ඉතිහාසය තුල මේ රට එක්සේසත් කල යුග පුරුෂයන් 8 දෙනාගෙන් එකම ජීවමාන චරිතය. ඒ නිසා එතුමන්ගේ ඡන්දයට වෙනත් අගයක් තියෙනවා. ඒ නිසා නිකන් පරදින ඡන්ද වලට එතුමන් ඇවිල්ලා අත එසවීමෙන් පලක් නෑ. පාර්ලිමේන්තුවේ ඡන්දයක් විමසන වෙලාවට එතුමන් ඉන්නවා කියන්නෙම එදිනට ලොකු පෙරලියක් වෙනවා කියන එකේ පලමු සංකේතය. ජාතියේ ඉරණම තීරණය කෙරෙන අළුත් ව්‍යවස්ථාවට ඡන්ද විමසීමක් වෙන දිනයේ මහින්ද රාජපක්ෂ මැතිතුමන් පාර්ලිමේන්තු එනවා. සිය ඡන්දය පාවිච්චි කරනවා.

2016.12.12 දින පැවති පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේදී නීතිඥ උදය ගම්මන්පිල මහතා කල ප්‍රකාශය…..

අය වැය විවාදය අවසානයේදී අය වැය තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සම්මත කර ගත්තා කියලා ආණ්ඩුව ලොකූ ආඩම්බරයකින් ප්‍රකාශයන් කලා .  ඒ වගේම මීලග පාර්ළිමේන්තුව ජනවාරි 9,10,11 දින වල රැස්වෙන්නේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ කමිටු 6 ක් ඉදිරිපත් කල වාර්ථා ගැන පාර්ලිමේන්තුවේදී විවාද කරන්න.

මාර්තු මාසයේ 9 වෙනිදා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය බිහිකිරීම සම්බන්දයෙන් සම්මත කරන ලද යෝජනාවලිය අනුව නම් මෙවැනි විවාදයක් නෑ.  එහි යෝජනා අනුවනම්  එහි 17 වන ඡේදයට අනුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට මෙහෙයුම් කමිටුව විසින් ව්‍යවස්ථා සම්පාදනය පිලිබද වාර්ථාවක් සහ ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කල යුතුයි.  නමුත් කෙටුම්පතක් වෙනුවට කමිටු වාර්තා 6 පිළිබදවයි මේ විවාදය පැවැත්වීමට බලාපොරෝතතු වෙන්නේ.

අළුත් ව්‍යවස්ථා කෙටුම් පත සහ ව්‍යවස්ථා සම්පාදනය පිළිබද වාර්ථාවයි මෙහෙයුම් මණ්ඩලය විසින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට මේ වාර්ථාව ඉදිරිපත් කලාම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසින් ඉදිරිපත් කරණු ලබන කෙටුම්පත තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සම්මත කලොත් එය ඇමති මණ්ඩලයට යොමු කරලා සාමාන්‍ය පනතක් සම්මත කෙරෙන ආකාරයට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න පුළුවන්.  මේක තුනෙන් දෙක් වෙනුවට සාමාන්‍ය බහුතරයෙන් සම්මත උනොත් තවත් අවස්තාවක් දෙනවා මාසයක් ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. මේ ව්‍යවස්ථාදායක මණ්ඩලය ලෙස හැදින්වෙන්නෙත් පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන් 225 දෙනාම තමයි.  නමුත් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විදිහට රැස්වෙලා සාමාන්‍ය බහුතරයෙන් නම් සම්මත වෙන්නේ නැවත වතාවක් පාර්ලිමේන්තුව විදිහටම රැස්වෙලා නැවතත් එම පිරිසටම එය යොමු කරනවා.  එතැනදීත් සාමාන්‍ය බහුතරයෙන් නම් සම්මත වෙන්නේ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය විසුරුවා හැරලා මේ ක්‍රියාවලිය නතර වෙනවා. තුනෙන් දෙකෙන් එතනදී සම්මත උනොත් ඇමතිමණ්ඩලයට යොමු කරලා ගැසට් මගින් ප්‍රකාශයට පක්කරලා පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්ථකයට ඉදිරිපත් කරනවා.

ඉන්පසු පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ වැඩි ඡන්දයෙන් සම්මත උනොත් ජනමත විචාරණයකට යන්න වෙනවා.  විශේෂයෙන්ම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියනවා 1.2.3.5.6.7.8.9. 10 කියන වගන්ති සංශෝධනය සදහා ජනමත විචාරණයකට යොමුවිය යුතුයි කියලා.  ඒවා සංශෝධනය නොකලත් එම වගන්තිවල අර්ථයට බලපෑමක් එල්ල වෙනවානම් ඒත් ජනමත විචාරණයක් පැවැත්විය යුතුයි කියලා. ඊට අමතරව 30 හා 62 වගන්තිවල කියවෙනවා පාර්ලිමේන්තුවේත් ජනපතිතුමන්ගෙත් ධුර කාලය වැඩි කරනවානම් ඡන්දය කල් දමනවානම් ජනමත විචාරණයකින් අවසරය ලබාගත යුතුයි.

1981 අංක 7 දරණ ජනමත විචාරණ පනත අනුව පාර්ලිමේන්තුවේ 2/3 වැඩි කැමැත්තෙන් කථානායක වරයා ඒ බව දැනුම් දෙනවා ජනපතිතුමන්ට. එවිට ජනාධිපතිතුමන් මැතිවරණ කොමිසමට ප්‍රකාශණයකින් දැනුම් දෙනවා මේ කෙටුම්පත පිළිබද ජනමත විචාරණයක් පවත්වන්න කියලා. ඒ ප්‍රකාෂණයෙන් දින 30 ඇතුලත ජනමත විචාරණය පැවැත්විය යුතුයි.

ආණ්ඩුවේ සැලසුම උනේ පෙබරවාරි මාසයේ ජනමත විචාරණයකදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ජනතාව ඉදිරියට ඉදිරිපත් කර සම්මත කරගන්න. නමුත් අද වන විට ආණ්ඩුවේ ඇමතිවරුන්ම දිගින් දිගටම කියනවා ජනමත විචාරණයකට ගියොත් ආණ්ඩුව පරදින බව. සුමන්දිරන් මන්ත්‍රීතුමන් පාර්ලිමේන්තුවේදිත් කිව්වා ජනමත විචාරණයකදී පරදින්න වන නිසා ආණ්ඩුව අළුත් ව්‍යවස්ථාව කල් දමමින් ඉන්න බව. අපට ලැබෙන තොරතුරු වලට අනුවනම් දැන් ජනපතිතුමන් කියනවා  “අගමැතිතුමන්ට තේරෙන් නෑ. අගමැතිතුමන් මෙය ජනමත විචාරණයකට අරගෙන ගියොත් ආණ්ඩුව කෙරෙහි කලකිරී සිටින මේ රටේ ජනතාව ආණ්ඩුවට සිය අප්‍රසාදය පලකරන්න ලැබෙන පළවෙනි අවස්ථාව ලෙස මෙම ජනමත විචාරණය පත්කරගෙන ව්‍යවස්ථාවට එරෙහිව ඡන්දය දෙනවා කියලා. ”  ඒ නිසා ජනාධිපතිතුමන්ගේ ස්ථාවරය වෙලා තියෙන්නේ ජනමත විචාරණයකට නොයා 2/3 කරගන්න පුළුවන් දෙයක් පාර්ලිමේන්තුව ඇතුලේ කරගමු කියන එකයි.

නමුත්  අපි අගය කරන්න ඕනි විපක්ෂනායක ආර් සම්බන්දන් මැතිතුමන් සුමන්දිරන් මන්ත්‍රීතුමන් ඇතුළු දෙමළ ජාතික සංධානය ඉතා දැඩි ස්ථාවරයක ඉන්නවා මේ රටේ ජනතාව අනුමත නොකරන දෙයක් අපිට එපා කියන. පලාත්සභාවලට පොලිස් ඉඩම් බලතල 1987 වැනි අතීතයක ව්‍යවස්ථාවෙන් හිමි උනත් මහ පොලවේ ක්‍රියාත්මක නොවුනේ ජනතාව ඊට එරෙහි නිසයි.  ජනතාවගේ අනුමැතියෙන් තොර බලතල බෙදීමක් අපිට එපා කියන ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී තැනක දෙමල ජාතික සංධානය මේ වෙන කොට ඉන්නවා.

දැන් අගමැතිතුමන් අනික් පැත්තෙන් කියනවා ජනාධිපතිතුමන්ට තේරෙන්නේ නැතිළු.  එතුමන් කියනවා අපි ජාත්‍යන්තරයට පොරොන්දුවක් වෙලා තියෙනවා නව ව්‍යවසථාව ගේනවා කියලා. ඒ නිසා අවධානම අරගෙන හරි අපි ජනමත විචාරණයකට යායුතුයි කියන මතයේ එතුමන් ඉන්නවා.

කෙසේ වෙතත් ජනමත විචාරණයක් පවත්වන්න කලින් මෙය පාර්ලිමේන්තුවේ 2/3 සම්මත කරගත යුතුයි.  මේ වන විට රටේ තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගැන යහපත් ප්‍රථිරූපයක් නෙමෙයි.  කාටූන් ශිල්පීන් මන්ත්‍රිවරුන් අදින්නේ මගෝඩිස් තුමන් විදිහට. මන්ත්‍රවරුන් මුදලට විකිනෙනවා කියන මතය සමාජයේ තියෙනවා. නමුත් මම ඉතාම වගකීමෙන් කියනවා තමුන්ට ලැබෙන වරප්‍රසාද වලට වඩා රට ගැන හිතන මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ සිටිනවා. මේ  ව්‍යවස්ථාව පාර්ලිමේන්තුව ඇතුලෙම පරාජය කරන්න අවශ්‍ය පසුබිම මේ වන විට සැකසී තියෙනවා.

පාර්ලිමේන්තුවේ 2/3 වැඩි ඡන්දය කියන්නේ 225 න් 150 දෙනෙක් ඡන්දය පක්ෂව පාවිච්චි කල යුතුයි.  අනිත් පැත්තෙන් බැළුවොත් මන්ත්‍රීවරුන් 76 දෙනෙක් විරුද්ධව ඡන්දය දීලා හරි එසේ නැත්නම් ඡන්දය නොදී ගෙදර නතර උනත් මේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඇන හිටිනවා.  76 දෙනයි අපිය මේ සදහා ඕනෑ. ඒ හැත්ත 76 අපිට තියෙනවද? තමුන්නාසේලාට මතක ඇති ඒකබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුව සමග එක්වන බවට ආණ්ඩුවේ මැති ඇමතිවරුන් අවස්ථා ගණනාවකදී කීවත් එය සිදු උනේ නෑ.

අපිත් මෙතෙක් කල් කිව්වේ නෑ ආණ්ඩුවේ මැති ඇමතිවරු අපි එක්ක එක්වන බවක් හෝ අපි ආණ්ඩුවේ ඡන්ද විමිසීමක පරාජය කරන බවක්. නමුත් අපි පසුගිය වැට් පනත ඉදිරිපත් කරපු වෙලාවේ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියා ඔබට මේ පනතට විරුද්ධව ඡන්දය දෙන්න බෑ කියල දන්නවා.  නමුත් බඩේ අමාරුවක් හදාගෙන හරි ඡන්ද නොදී ගෙදර නතර වෙන්න කියලා.  2/3 තියෙනවා කියලා පාරම්බාන ආණ්ඩුවට එම ඡන්ද විමසීමේදී සාමාණ්‍ය බහුතරයක් නැතුව ගියා. ඡන්ද 112 ආණ්ඩුව ලබාගත්තේ.  එජාප මන්ත්‍රීවරුන් 20 දෙනෙක්. දෙමළ ජාතික සංධාන මන්ත්‍රීවරුන් 16න් ශ්‍රීලනීපයේ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 15 දෙනෙක් වැට් පනත දා පාර්ලිමේන්තුවට නොපැමින හිටියා.

දැන් මේ ව්‍යවස්ථාව පරාජය කිරීමට අපිට මන්ත්‍රීවරු 76 අවශ්‍යයි. මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 51 සිටිනවා. මේ 51 මහින්ද රාජපක්ෂ මැතිතුමන් අයවැයට ඡන්ද දෙන්න එන්නේ නෑ නේද කියලා හැමෝම අහනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට අය වැයට ඡන්දය පාවිච්කරන්න එන්න එපා කියලා කියන්නේ අපි. මොකද එතුමන්ට තියෙන්නෙත් එක ඡන්දයයි. නමුත් එතුමා ඓහිතිහාසික චරිතයක්. වසර 2600 ක ලිඛිත ඉතිහාසය තුල මේ රට එක්සේසත් කල යුග පුරුෂයන් 8 දෙනාගෙන් එකම ජීවමාන චරිතය. ඒ නිසා එතුමන්ගේ ඡන්දයට වෙනත් අගයක් තියෙනවා. ඒ නිසා නිකන් පරදින ඡන්ද වලට එතුමන් ඇවිල්ලා අත එසවීමෙන් පලක් නෑ. පාර්ලිමේන්තුවේ ඡන්දයක් විමසන වෙලාවට එතුමන් ඉන්නවා කියන්නෙම එදිනට ලොකු පෙරලියක් වෙනවා කියන එකේ පලමු සංකේතය. ජාතියේ ඉරණම තීරණය කෙරෙන අළුත් ව්‍යවස්ථාවට ඡන්ද විමසීමක් වෙන දිනයේ මහින්ද රාජපක්ෂ මැතිතුමන් පාර්ලිමේන්තු එනවා. සිය ඡන්දය පාවිච්චි කරනවා. අපිට මේ ව්‍යවස්ථාව පරාජය කිරීමට තව ඡන්ද 25 අවශ්‍යයි.  ජනතා විමුක්ති පෙරමුණ එදා 67 000 ජීවිත පූජාකලේ ඉන්දු ලංකා ගිවිසුමෙන් ආ 13 වෙනි සශෝදනයට එරෙහිව.  අද 13 ඉක්මවා බලය බෙදීමකට යද්දී ඔවුන්ගේ මතය කුමක්දැයි ඔවුන් මේ දක්වා ප්‍රකාශ කර නෑ. ඔවුන් අප හා එක්වුවහොත් අපිට තවත් 19 ක් අනවශ්‍යයි. නැතිනම් 25ක් අවශ්‍යයි.

ශ්‍රීලනීප එඡාප දෙකෙහිම පක්ෂයට වඩා රටට ආදරය කරන මන්ත්‍රීවරු 28 දෙනෙක් මේ වන විට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව අප හා එක්වීමට තීරණය කරල තියෙනවා. මේ 28 අපි 35 දක්වා වර්ධනය කරගැනීමේ බලාපොරොත්තුවක් අපිට තියෙනවා.

ආණ්ඩුවටත් මේ ගැන දැන් ඉව වැටිලා තියෙන්නේ.  අන්න ඒ නිසා තමයි ජනවාරි 9.10 හා 11 දිනවල මේ ආණ්ඩුව කරන්න හදන්නේ මුට්ටිය දාල බැලීම. මේ විවාදයේදී ආණ්ඩුව වේලසනින් බලාගන්න හදනවා ව්‍යවස්ථාවට විරුද්ධ මන්ත්‍රීවරුන් කවුද කියලා.  අපිත් ඒකට ලෑස්තියි. අපිට සහය දක්වන ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට අපි කියලා තියෙන්නේ විවාදයේදී ව්‍යවස්ථාව රැකලා කතාකරන්න. අපිට ඇතිතරම් බනින්න.  ආන්ඩුවට අංශුමාත්‍රයක සැකයක් ඇතිවෙන් අයුරින් කටයුතු කරන්න එපා.  නමුත් ඡන්දය දෙන දවසට ව්‍යවස්ථාවට එරෙහිව අත උස්සන්න. නැතිනම් එදිනට ගෙදර ඉන්න.

ඒ නිසා මේ ජනවාරි 9.10 හා 11 දින වල පවත්වන විවාදයෙන් රටේ මතයවත් මන්ත්‍රීවරුන්ගේ මතයවත් ආණ්ඩුවට දැක ගන්න ලැබෙන්නේ නෑ කියන එක අපි ආණ්ඩුවට කියනවා.

චෝප්පෙට ඇඳ හමුදාව ජනතාවගෙන් දුරස් කිරීම

අද රටේ හැමෝම කතාවෙන පසුගිය දා සිදුවුණ නාවික හමුදාපතිවරයාගේ මැදිහත් වීමෙන් මාධ්‍යවේදින්ටත් වැඩවර්ජකයන්ටත් පහරදීම සම්බන්දව අපි දකින්නේ ඉතාමත් වෙනස් විදිහකට. නාවික හමුදාපතිවරයාගේ හැසිරීම තවත් එක් හුදකලා සිදුවීමක් නෙවෙයි. නාවික හමුදාපතිවරයා විතරක් තනියම වගකිව යුතු නෑ. මරදානේ චෝප්පේ වගේ හමුදාපතිවරයාට හැසිරෙන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කළේ රටේ අගමැතිතුමා ඇතුළු ආණ්ඩුව. මාධවේදීන්ගේ නම් කියමින් අගමැතිතුමා පාර්ලිමේන්තුවේ දී අපහාස කරනවා අපි දැක්කා. මාධ්‍යවේදීන්ට රිරියාකා, මහසොහොනා, සට්ටැබිරාල වගේ කියන්න පුළුවන් අපහාසාත්මක නම් සේම කියලා මේ මාධ්‍ය කියන්නේ නරක, පහර දිය යුතු හෙලා දැකිය යුතු සමාජයට විෂබිජයක් බවට අවශ්‍ය මතය මානසිකත්වය නාවික හමුදාවෙත් සමාජයෙත් ගොඩනගන්න අගමැතිතුමා ඇතුළු ආණ්ඩුවේ නායකයින් කටයුතු කරා. මාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා එකවරක් ඒකාබද්ධ විපක්ෂය කියන නම පාවිච්චි කොලොත් බලාගෙනයි කියලා ලියුම් දානවා. CSN නාලිකාවේ බලපත්‍රය අහෝසි කරනවා. හිරු සහ දෙරණ නාලිකා වල බලපත්‍රය අහෝසි නොකිරීමට නිදහසට කරුණු අහනවා. මේ මාධ්‍ය කියන්නේ මහ කරදරකාරයෝ ටිකක් රට ඉදිරියට යන එකකට බාධා කරන පිරිසත් මුන්ට දෙකක් නෙලන්න ඕනේ කියන මානසික මට්ටම අවුරුදු දෙකක කාලයක සිටන් ක්‍රමානුකුලව ගොඩනැගුවා. අපි දන්නවා බෝට්ටුවක අනුනව දෙනෙක් නැගලා ඉදලා බෝට්ටුව දැන් තියෙන්නේ වතුර මට්ටමට ගෑවෙන්න සියවෙනියා නැග්ග ගමන් බෝට්ටුව ගිලෙනවා දැන් හැමෝම බනින්නේ අර සියවෙනියට. අර අනුනවයම නැතුව සියවෙනියා නැග්ගම බෝට්ටුව ගිලෙනවද නෑ ඒවගේ තමයි අද නාවික හමුදාපතිවරයාට ඇගිල්ල දිගු වුණාට මේක මාධ්‍ය මර්ධනය සදහා අවුරුදු දෙකක් තිස්සේ ආණ්ඩුව ගෙන යන තවත් එක් දිගුවක් විදිහටයි අපි දකින්නේ. නාවික හමුදාපතිවරයා මේකට වගකිව යුතු වගේ, ඔහු ඉල්ලා අස්විය යුතු වගේම, අගමැතිතුමා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානින් මේ මාධ්‍යෙව්දින්ටත් වැඩවර්ජකයන්ටත් පහර දීමේ වගකීම බාරගත යුතුයි කියන එක තමයි පිවිතුරු හෙළ උරුමයේ ස්තාවරය.

මා මිත්‍ර රුවන් විජේවර්ධන මහතා මේක ආරක්ෂා කරන්න කියලා තිබුණා මේක මුහුදේ සිද්ධ වුණ දෙයක් නැවක් වෙත කෙනෙක් බලහත්කාරයෙන් අත්පත් කර ගත්තාම නාවික හමුදාව තමයි කැදවන්නේ. සම්පුර්ණ ඇත්ත හැබැයි මේ ප්‍රශ්න සහිත කාරණය සිද්ධ වුණේ නැවේ නෙවෙයි ගොඩබිම. නාවික හමුදාපතිවරයා පහර දෙන්නේ ඔවුන්ව ඇදගෙන යන්නේ මේක සිද්ධ වෙන්නේ නැවේ දී නෙවෙයි. නැව නිදහස් කර ගැනීමේ ක්‍රියාවලියේ දී නෙවෙයි. අපි අහන්නේ ලෝක ඉතිහාසයේම නාවික හමුදාපතිවරයෙක් නිල වශයෙන් රාජකාරියේ යෙදිලා ඉන්න කොට කොට කලිසමයි ටී ෂර්ට් එකයි ඇදගෙන රාජකාරි කරපු එකම එක වතාවක් පෙන්වන්න කියලා අපි ආණ්ඩුවට අභියෝග කරනවා. කොටිත් එක්ක යුද්ධ කරන සමයේ නම් හමුදාව වෙස්වලාගෙන යනවා නිල ඇදුමෙන් ගියාම පහර දීමට ලක්වෙන නිසා නමුත් සමාන්‍ය ජනතාව අතරට යන විට නාවික නෙවෙයි ඔනේම හමුදාවක් නිල ඇදුමෙන් සිටිය යුතුයි. නැත්නම් ජනතාව දන්නේ කොහෙමද නාවික හමුදාවේ ද නැත්නම් මැර හමුදාවේ ද කියලා. පෙනුම වචන හැසිරීම යන තුනම එකට ගත්තාම මම සතුටු වෙනවා නාවික හමුදාපතිවරයා ගුටිනොකා බේරීම පිළිබදව. ජනතාව වටවෙලා පහර දෙන්නත් තිබුණා කොහේදෝ යන රස්තියාදුකාරයෙක් කියලා. මේ ක්‍රියාව නිසා අද නාවික හමුදාවේ කිර්තීනාමය අද පළදුවෙලා තියෙනවා. අපේ රණවිරුවා කියන්නේ මහා මැර අහිංසක ජනතාව මරණ කියන ඒක්සත් ජාතින්ගේ මානව හිමිකම් මණ්ඩලය හරහා ලෝකය පුරා ස්තාපිත කරන්න දෙමළ බෙදුම්වාදීන් උත්සහ කරන මෙහොතක තමයි නාවික හමුදාපතිවරයා මෙසේ හැසිරුනේ. රණවිරුවන් අප කිර්තියට පත් කිරිම සදහා අපේ නාවික හමුදාපතිවරයා දැන හෝ නොදැන කොටස්කරුවෙක් බවට පත්වෙලා තියෙනවා. නාවික හමුදාපතිවරයාගේ මේ ක්‍රියාව නිසා අපි දැක්කා වැඩ වර්ජනයේ යෙදි සිටිය වරායේ සේවකයන් අඩ අඩ කියා සිටියේ අපේ ඉඩම් නැති වුණා දැන් රස්සාව නැතිවෙන්න හදන්නේ එකයි අපි පාරට බැස්සේ ඇයි තුවක්කු අරන් අපිට ගහන්න එන්නේ ඔබ උතුරේ යුද්ධ කරද්දි ලේ දුන්නේ අපි. බොධි පුජා කරේ අපි එහෙම කරපු අපට ද මේ ගහන්නේ කියලා ප්‍රශ්න කරන අපි දැක්කා. මේ කරන්න හදන්නේ අතුරුදහන් වුවන්ගේ කාර්යාල හරහා යුධ අපරාධ ක්‍රියාවලිය හරහා රණවිරුවන් දංගෙඩියට ගෙන යද්දි පාරට බහින්න ඉන්න ජනතාව සහ රණවිරුවන් අතර ආරවුලක් ඇති කරලා දුරස් කරන්නයි මේ සුදානම් වෙන්නේ. ආණ්ඩුවේ පැත්ත අරන් අපිට ගහන්න ආපු කෙනා විදිහට රණවිරුවන් පේනවා නම් අපි සමස්ත හමුදාවටම කියනවා ඔබේ වගකීම ආණ්ඩුව රැකීම නෙවෙයි රට සහ ජනතාව රැකීමයි. ඔබ ආණ්ඩුව රකින්න ගියොත් ජනතාව ඔබව නොසලකා හරින්න පුළුවන්. රණවිරුවා රැක ගන්න පාරට බහින්න ඉන්න ජනතාවගේ හැගීම් මරා දැමිම තමයි ඊළග අරමුණ.

අපි කිව්වා මේ ආණ්ඩුවට විරුද්ධව දැවැන්ත ජනතා රැල්ලක් තියෙනවා කියලා දැන් ජනාධිපතිතුමත් කියනවා. ඒවගේම අපි දැක්කා ගරු පා ච රණවක ඇමතිතුමත් කිව්වා ජනමත විචාරණයක් තිබ්බොත් පාරාදයි කියනවා. එම නිසා ආණ්ඩුවට සිද්ධ වෙනවා ඉදිරි වසර තුන ජනතාව ප්‍රතිමුර්ත වන ආණ්ඩුවක් පත් කර ගන්න පාර්ලිමේන්තුව විසුරුවා හැරලා ඡන්දයකට යන්න ඔනේ. එහෙම නැත්නම් එක විකල්පයක් තියෙනවා හමුදාව සහ පොලිසිය යොදා ගෙන ජනතාවගේ හඬ යටපත් කරගෙන ඉදිරි වසර තුන මේ රට පාලනය කිරීමට. හම්බන්තොට දී නාවික හමුදාව යොදා ගනිමින් පෙන්නුවේ මේ ආණ්ඩුව 1987 දී ජේ ආර් ජයවර්ධන ජනාධිපතිතුමා කටයුතු කල ආකාරයට හමුදා බලයෙන් පොලිස් බලයෙන් මැර බලයෙන් ජනතාව යටපත් කරගෙන ආණ්ඩුව පවත්වාගෙන යාමට සුදානම් කියන පණිවිඩයයි ලැබුණේ. ජනමත විචාරණයේ දීත් 1982 කල ආකාරයටම ලාම්පු කළ ගෙඩි සෙල්ලමක් හරහා මේ ව්‍යවස්ථාව බලහත්කාරයෙන් සම්මත කර ගන්න ඉඩ තියෙනවා. ජේ ආර් ජනාධිපතිවරයා දැක්කා ජනමත විචාරනය පරදිනවා කියලා ඒක නිසා මැර බලයෙන් දුෂිත ආකාරයට ජනමත විචාරනය ජයග්‍රහනය කර ගත්තේ. මැතිවරණ කොමසාරිස්වරයා ලිඛිත වාර්තාවක් ඉදිරිපත් කරලා කිව්වා එතෙක් ලංකාවේ පැවැති දුෂිතම මැතිවරණය මෙයයි කියලා. මේ සිද්ධිය පිටුපස ලංකාව අදුරෙන් අදුරට යන අදුරු සෙවනැලි තියෙනවා කියන අනතුරු ඇගවීම තමයි අපේ විග්‍රහය.

 

 

Top