Featured

හිරූ-රනිල් මධුසමය අවසන්…..සාගලගේ කොලුවා හිරූ පුවත් අංශයෙන් දොට්ට

දුමින්ද සිල්වා සිංගප්පූරුවේ ගෙන යෑම සහ ඉක්මනින්ම ශ්‍රේෂ්ඨාධිකරණය හරහා නිදහස ලබා ගැනිම සදහා එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා සමග සිදුවු ඉහළ පෙලේ සියලුම Deal බිඳවැටීමෙන් දැඩි ලෙස කලකිරිමට ලක්ව ඇති හිරූ මාධ්‍ය ජාලයේ හිමිකරු රෙනෝ සිල්වා හිරූ ප්‍රවෘත්ති අංශයේ පුවත් සංස්කාරකවරයෙකු ලෙස මෙන්ම එජාප නායකයාගේ නියෝජිතයා ලෙස කටයුතු කල සාගල රත්නායකගේ කොලු ගැටයෙකු වන ශාලුක කරුණාරත්න නැමත්ත ආයතනයෙන් ඉවත් කර තිබේ.

කියවන්න – රනිල්-රේනෝ කුමන්ත්‍රණය පලමු පිම්ම පනී….මරණ දඩුවම හිමි දුමින්ද සිංගප්පූරුවට

මිට අමතරව හිරූ පුවත් අංශයේ සේවය කරමින් ආයතනය දැනුවත්ව නී.අමාත්‍යවරයෙකුගේ මාධ්‍ය සම්බන්ධීකාරක වරයෙකු ලෙස කටයුතු කල කලිදු නැමති අයෙකුද වහාම දොට්ට දමා තිබේ.

කියවන්න – රනිල්-රේනෝ ගුවන්තොටුපලේ හමුවක්! ගෝඪා බිල්ලට දී දුමියා නිදහස්

පසුව රාජපක්ෂලා ඉලක්ක කර විවිධ පුවත් පලකල හිරූ නාලිකාව පසුව සිරිසේන ජනාධිපතිවරයා අපකීර්තියට පත් කිරිමේ මෙහෙයුමක්ද දියත් කර තිබුනා.නමුත් රනිල් සමග ඇතිකරගත් Deal එකක්වත් ඉටු කිරිමට ඔහු අසමත් විමත් සමග දැනට මාසයකට පමණ පෙර සිට හිරූ නාලිකාව රනිල් විරෝධී විම් ආරම්භ කල අතර පසුව එය උචිතම ස්ථානයට ගෙන ආවේ පසුගියදා පොලිස්පතිවරයාට සාගල කරන ලද නියෝගය පිළිබඳව දිගින් දිගටම විවේචනය කිරිම හරහාය.

ඒ සමගම සාගලගේ කොලු ගැටයා වන ශාලුක ප්‍රවෘත්ති සාංස්කරණයෙන් ඉවත් කිරිමට හිරූ නාලිකා ප්‍රධානියා කටයුතු කර ඇති අතර සාමාන්‍ය පරිදි ආයතනයට පැමිණ රැදි සිට සවසට ගෙදර යන ලෙස ඔහුට නියෝග කර තිබේ.පසුව අද උදෑසන සේවයෙන් ශාලුක ඉවත් කිරිමට කටයුතු කර තිබේ.

මේ අතර අද සිට හිරූ පුවත් නිරික්ෂණයා කිරිම සදහා විශේෂ පුද්ගලයෙකු පත්කර තිබේන් බවද අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කළා.

තමන්ට සහ යහපාලන ආණ්ඩුවට එරෙහිව අවාසිදායක වන අකාරයේ ප්‍රවෘත්ති පලකිරිම වහාම නතර නොකලහොත් හිරු ටිවි නාලිකාවේ සංඛ්‍යාත තහනම් කිරිමට කටයුතු කරන වට තර්ජනය කරමින් හිරු ටිවි හා හිරු එෆ්.එම් ඇතුලු ABC මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ ද සිල්වා හට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තර්ජන කරද්දී එජාපය සහ නායකත්වය වෙනුවෙන් දිගින් දිගටම පෙනීසිටි හිරූ නාලිකාව ඒ හරහා දුමින්ද නිදහස් කර ගැනිම සදහා රනිල් සමග සමිප ලෙස Deal කල අතර එහි උපරිමය වුයේ අගමැතිවරයා සහ හිරූ මාධ්‍ය ජාලයේ හිමිකරු රෙනෝ සිල්වා සිංගප්පූරුවේ ගුවන් තොටුපලේ හමුවිම වන අතර එහිදි දෙදෙනා අතර සිදුවු පැයක පමණ කාලයක් සාකච්ඡාවකට අනුව දුමින්ද නිදහස් කිරිමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරිමට අගමැති රනිල් එහිදි එකඟතාව පලකර ඇති අතර ඒ සදහා අවශ්‍ය අවස්ථාවකදි දුමින්ද ලවා භාරත ඝාතනය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ කිමට අනුව ක්‍රියාත්මක කල බවට ප්‍රකාශයක් ලබාදිමට දුමින්ද එකග කර ගන්නා ලෙස රේනෝට දැනුම් දි තිබේන බව අප අනාවරණය කළා.

කියවන්න –රේනෝගේ හිරූට කෙලවන්න ශිරාල් මෛත්‍රීට ගුලිය කවයි

කියවන්න – දැන ගනින් ඔබලගේ license තහනම් කරනවා-රජගෙදරට කේලාම් බට්ටෙක්

පසුව එම සාකච්ඡාවේම ප්‍රතිඵලයක් ලෙස දුමින්ද සිංගප්පුරුවේ මවුන්ට් එලිසේබෙත් රෝහලට රැගෙන යෑමට අධිකරණය හරහා අවසරයක් ලබා ගැනිමට කටයුතු කිරිමට කටයුතු කිරිමට අප අනාවරණය කල් රාත්‍රීයේම උත්සහ ගත් අතර අපගේ අනාවරණයෙන් පසුව එම මෙහෙයුම සම්පූර්ණයෙන් අතහැර දැමිමටද ඔහුන්ට සිදුවුනා.එසේ නොවන්නට අද වනවිට දුමින්ද සිංගප්පූරුවේය.හිරූ නාලිකා ප්‍රධානි රේනෝ සිල්වා එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවට ඇතුල් කිරිමට රනිල් වික්‍රමසිංහ හා අගමැති මාධ්‍ය ප්‍රධානී සාගල රත්නායක සුදානමින් සිටි අතර පසුව සජිත් ප්‍රේමදාස ඇතුලු එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් රැසක් සිය
අකමැත්ත පලකිරිමත් සමග රේනෝගේ එම අවස්ථාව කෙස්ගහෙන් මිස් වි ගියා.

දුමින්ද සිල්වාට දුන් මරණ දඩුවම ශ්‍රේෂ්ඨාධිකරණයට කරන ඇපිල් එකක් හරහා වෙනස් වන බවත් ලැබුනු තින්දුව සම්බන්ධයෙන් කලබලයට පත් නොවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ හිරු මාධ්‍ය ආයතනයේ ප්‍රධනී රෙනෝ සිල්වා හට පවසා තිබේ.ඊයේ දුමින්දට ලැබුනු තින්දුවෙන් පසුව රෙනෝ සිල්වා අග්‍රාමාත්‍ය කාර්‍යාල ප්‍රධානී අමාත්‍ය සාගල රත්නායක සමග සිදුකල දුරකතන සංවාදයකින් පසුව ඊයේ රාත්‍රීයේම අගමැතිවරයා හමුවිමට අවස්ථාව ලබාදි තිබේ.

විනාඩි 10කට පමණ සිමාවු එම සාකච්ඡා සදහා ආගමැතිවරයාට අමතරව සාගල රත්නායක අමාත්‍යවරයා පමණක් සහභාගි වි ඇති අතර ඉදිරියේදි ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඇමති සාගල හරහා දැනුවත් කිරිමටද එකඟතාව පලකර තිබේ. අදාළ සාකච්ඡාව රහසිගතව තබා ගැනිමට දෙපාර්ශවයේම එකඟතාව පලකර තිබේන නමුත් හිරූ නාලිකාවේ සිටින සාගලගේ නියෝජිතයා මෙන්ම හුරතල් කොලු ගැටයෙකු හේතුවෙන් මෙම රහසිගත හමුව එලියට පැමිණ තිබේ.

කියවන්න – දුමින්දට දුන්න දඩුවම ගැන හිතන්න එපා ….ඔක ටික දවසයි ..රනිල්,රෙනෝට කියයි

 

Top