Featured

හොරකමින් ගැලවෙන්න සිරා යහපාලන ගැටයක් ගහයි

ශ‍්‍රී ලංකා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් පොලිසිය හරහා එල්ල වී ඇති අල්ලස් චෝදනා සම්බන්ධයෙන් ගැලවිම සදහා සිරිසේන යහපාලන පන්නයේ මෙහෙයුමක් දියත් කර තිබේන බව වාර්තා වේ.ඒ අනුව ඕස්ට්‍ර්ලියාවේ SMEC නම් සමාගම හරහා තමන් ලබාගත් අල්ලස් මුදල තමන්ගේ නම භාවිතා කරමින් එම ආයතනයේ වසන්ත දසනායක මහතා විසින් දියත් කරන ලද කුමන්ත්‍රණයක් බව පෙන්විමට මෙහෙයුමක් දියත් කරමින් තිබේන බව අනාවරණය වෙමින් තිබේ.

මොරටුව විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධාරියෙකු වන දිසානායක නැමැත්තා සිවිල් ඉංජිනේරුවෙකි. ඔහු ඕස්ට්‍ර්ලියාවේ SMEC නම් සමාගමේ සේවය කරනු ලබන්නේ 2008 පෙබරවාරි මාසයේ සිටි මේ දක්වා (අවුරුදු 8යි මාස7ක්) එහි සේවය කර ඇති කිර්තිමත් සේවකයෙකුද වනවා.

මෛත්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම හා ගොවිජන සේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේ ඒ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ඕස්ට්‍රේලියානු සමාගමක් මෙරට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වාරි ව්‍යාපෘතියක් වෙනුවෙන් අල්ලසක් ලබාගෙන තිබෙන බවට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි මෝනින් හැරල්ඩ් වෙබ් අඩවියේ පළ වූ ප්‍රවෘත්තිය පිළිබඳ විශේෂ අවධානය යොමුකර ඇති රජයේ බුද්ධි අංශ, එම පුවතට පාදකවී ඇති විද්‍යුත් තැපැල් පණිවිඩ (ඊමේල්) සම්බන්ධයෙන් හා වසන්ත දසනායක නම් පුද්ගලයකු පිළිබඳව පුළුල් පරීක්ෂණයක් ආරම්භකර තිබේන අතර ඒ හරහා ඔහු මත වරද පැටවිමට කටයුතු කරන ලෙස සිරිසේන ජනාධිපතිවරයා නියෝග කර තිබේ.

ඕස්ට්‍රේලියාවේ වෙබ් අඩවියට අනුව ඕස්ට්‍රේලියානු ඩොලර් 27,000 ක් (රුපියල් ලක්ෂ 25 ක් පමණ) ගෙවා තිබෙන බව අනාවරණය වි තිබේ.

ස්මෙක් නමින් හඳුන්වන ස්නෝවි මවුන්ටන්ස් ඉංජිනියරින් කෝප් නමැති පර්ත් පදනම් කර ගත් ඉදිකිරීම් සමාගම එහි ප්‍රධාන විධායක නිලධාරියා වූ ජැක් බොනිෆස් 2001 දී ඉවත් කරනවා. ඔහු ඊට එරෙහිව නඩු දානවා. 2007 දී ඒ නඩුවේ දී තමන් කොන්ත්‍රාත් දිනා ගැනීම සඳහා විදේශීය ආණ්ඩු වලට පගාව දුන් බව ජැක් හෙලි කරනවා. ඒ පාරේ ගිහින් ලෝක බැංකු අරමුදල් යොදා බංගලිදේශයේ කල ව්‍යාපෘතියක් තමන්ට ලබා ගන්න ස්මෙක් එම ආණ්ඩුවට පගාව දුන් බවට ලෝක බැංකුව සොයා ගන්නවා. 2013 සැප්තැම්බර් 12 දින මේ බව ඔස්ට්‍රේලියානු පොලීසියට දැනුම් දෙනවා. ඒ පිලිබඳ පරීක්ෂණ පවත්වන විට තමයි ජනාධිපති සිරිසේන අල්ලසක් ඉල්ලූ බවට සඳහන් ඊමේල් අනාවරණය වන්නේ.

ඕස්ට්‍ර්ලියාවේ SMEC නම් සමාගමක දේශීය කළමනාකරුවා ව සිටි වසන්ත දසනායක නම් පුද්ගලයා සිය මවු සමාගම වෙත 2009 ජූලි 03 දා යවා ඇති පළමු ඊමේල් පණිවිඩයේ, තමාට ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු මුණගැහුණ බවත් එහි දී ඇමැතිවරයා විසින් එළඹෙන ජනාධිපතිවරණය සඳහා උදව්වක් කරන්න පුළුවන්ද යන්න විමසූ බවත් සඳහන් කර තිබේ.

දෙවන වරට යැවූ ඊමේල් පණිවිඩයේ සම්බන්ධීකරණ ලේකම්වරයා ව්‍යාපෘතියෙන් සියයට 1ක මුදලක් ඉල්ලූ බව සඳහන් කර ඇත.

http://www.lankanewsweb.today/archives/12890

http://www.lankanewsweb.today/archives/12893

http://www.lankanewsweb.today/archives/12893

Top