Breaking
24 Jan 2025, Fri

හොරා කෑවට රවී පන්නන්න කාටවත් බෑ….රනිල් සටන අරඹයි…

රවී කරුණානායක මහතා මුදල් ඇමතිධූරයෙන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා ඉල්ලීමක් කළහොත්, තමා ඊට කිසිදු ලෙසකින් එකඟ නොවන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය කණ්ඩායම හමුවේ පවසා තිබේ.රවී ඉවත් කර වෙනත් අයෙකු පත්කලයුතු බවට පසුගිය දින කිහිපයේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පාර්ශවයේ මන්ත්‍රීවරුන් මෙන්ම මහා බැංකුවේ මෛත්‍රීට කේළාම් කියන කණ්ඩායම ජනාධිපතිවරයා හමුවි දිගින් දිගටම ඉල්ලිම් කල අතර මේ දක්වා එම ඉල්ලිම් සම්බන්ධයෙන් අගමැතිවරයා සමග සාකච්ඡාකර නැති බවද රනිල් පිළේ සමාජිකයෙකු අනාවරණය කළා.

යම් හෙයකින් ජනාධිපතිවරයා ඒ අකාරයේ ඉල්ලිමක් කලහොත් එයට තමන් එකග නොවිමට තිරණය කර තිබේන බවත් ඊට ප්‍රධානම හේතුව වන්නේ රවී නිසාම නොවන බවත් ඒ අකාරයේ තින්දුවක් ගැනිම හරහා එජාපයට එල්ල වන චොදනාව නිසා බවද අගමැතිවරයා රනිල් පිලට පෙන්වා දි තිබේ.

යහපාලන ආණ්ඩුවට එරෙහිව නැඟී ඇති දූෂණ චෝදනා සමනය කර ගැනීම වෙනුවෙන් බරපතළ ලෙස මූල්‍ය සහ රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධව චෝදනා ලබා සිටින මුදල් අමාත්‍යවරයා වහාම ඉවත් කිරිමට කටයුතු කලයුතු බව ශ්‍රීලනිප මෛත්‍රී පිළ කැබිනට් හමුවට් පසුව පැවැත්වෙන ශ්‍රීලනීප මෛත්‍රී පිළේ සාකච්ඡාවේදි පෙන්වා දි තිබේ.මීට අමතරව  පසුගිය අඟහරුවාදා (17) කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වුණු විශේෂ හමුවකදී එජාප මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුද මෙම යොජනාවම කර තිබේ.

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුවත් එජාපය සමඟ තමන් එළඹි ගිවිසුම අනුවත් අමාත්‍යවරුන්ගේ විෂය සම්බන්ධව තීරණය ගැනීම අග්‍රාමාත්‍යවරයා සතු කාර්යක් බවයි.

මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාසට එක්සත් ජාතික පක්ෂ නායක,විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේන බවද දැනගන්නට තිබේ.ඊට ප්‍රධාන හේතුව වි ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහගේ සමිපතමයන් වන රවි සහ මලික් ඉලක්ක කර විවිධ අසත්‍ය මඩ ප්‍රචාර දුෂණ විරෝධි සංවිධාන හරහා එල්ල කිරිම පසුපස සජිත් ප්‍රේමදාස ක්‍රියාත්මක වන බව අනාවරණය වි ඇති බවත් රනිල්ගේ සමිපතමයන් අතර ගැටුමක් ඇති කර එ හරහා අගමැතිවරයා තනිකිරිමට සජිත් පිළ රහසිගතව කුමන්ත්‍රණ කරණ බවට රනිල් පිළ අනාවරණය කීරිමත් සමග බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.