Featured

හොරෙන් අත්සන් කළ සීපා ගැන කතා එපා…මාධ්‍යට මෛත්‍රීගෙන් මුකවාඩමක්!

ජනතාව ගොනාට අන්දා අත්සන්  මහත් ආන්දෝලනයකට තුඩුදි තිබෙන “සීපා” ගිවිසුමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රහසේම අත්සන් තබා ඇති බව ඉන්දිය රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප වාර්තාකරු ආසෝ ඛාන් අනාවරණය කිරිමත් සමග හත්පොලේ ගා ගත් ඉන්දිය පරගැත්තන් වන රනිල්-මෛත්‍රී පච හලමින් සිටින බව වාර්තා වේ.

ආණ්ඩුවේ විවිධ වරප්‍රසාද ලබන මාධ්‍ය ආයතන ප්‍රධානින් අද කැදවා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පුලු පුලා පවසා ඇත්තේ සීපා ගිවිසුම සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්දීය සංචාරය තුළදී කිසිවක් ප්‍රකාශ කර නොමැති බවයි. මාධ්‍ය හරහා සීපා ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට කටයුතු නොකරන ලෙසටද මෛත්‍රීපාල සිරිසේන මාධ්‍ය ප්‍රධානින්ට උපදේස් ලබාදි තිබේ.

“සීපා” ගිවිසුමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රහසේම අත්සන් තබා ඇති බවත් එය පුර්ණ රහසිගතව සිදුවන අතර මාස 6ක් යනතුරු “සීපා” ගිවිසුමට අදාළ නිර්ක්ෂණයන් පමණක් සිදුකිරිමට පමණක් නායකයන් දෙදෙනාම එකග වි තිබේන බව අප අනාවරණය කිරිමත් සමග ආණ්ඩුව තුල අභ්‍යන්තර අර්බුදයක් හටගත් අතර එජප නායකත්වයටද චොදනා එල්ල වෙමින් තිබේ.

සංචාරය ආරම්භ කිරිමත් සමගම මෙම රහස පසුගියදා අනාවරණය වුයේ ඉන්දිය සංචාරයේදි සීපා සම්බන්ධයෙන් අත්සන් කිරීමක් හෝ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමක් සිදුනොවන බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය හෙවත් රනිල්ගේ ලගම කොලුවා වන මලික් සමරවික්‍රම කල පච ප්‍රකාශයෙනි.

ඉන්දීය සංචාරයේ දී සීපා ගිවිසුම අත්සන් කරන බවට ඇතැම් පාර්ශව විවිධ ප්‍රචාර සිදුකරමින් සිටින බවත් පසුගිය මැතිවරණය හමුවේ කඩා වැටුණු තම දේශපාලන ප්‍රතිරූප ගොඩනගා ගැනීමේ අසාර්ථක උත්සාහයක යෙදී සිටින දේශද්‍රෝහී පුද්ගල කණ්ඩායම් කිහිපයක් විසින් ගෙනයන මෙම අසත්‍ය ප්‍රචාරයක් බවද පුරසාරම් දොඩවනු ලැබුවා.

නමුත් පොඩ්ඩක් ඇතින් රනිල්ගේ කොලුවා හැටියට සිටින නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය(සල්ලි දිලා ගත්ත) හර්ෂ ද සිල්වා සදහන් කළේ ඉන්දියාව සහ ශ‍්‍රී ලංකාව අතර යෝජිත සීපා ගිවිසුම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර සෘජුවම සාකච්ඡා පැවැත්වීමේ අපේක්ෂාවක් නැති බවය.

මේ අතර ඉන්දිය මාධ්‍ය පවා සීපා ගිවිසුම ලබන වසරේ අත්සන කරන් බවට රනිල් ප්‍රකාශ කල බව වාර්තා කර තිබුනා.

Prime Minister Wickremesinghe (R) shakes hands with Indian President Pranab Mukherjee before their meeting at India’s presidential palace Rashtrapati Bhavan in New Delhi, India, 16 September 2015

ජනතාව ගොනාට අන්දා අත්සන් කල CEPA

Top