Breaking
24 Feb 2025, Mon

හොරෙන් රට පැන්න උන්ට විශ්‍රාම වන්දි දෙන යහපාලනයේ පච ගෙදර

රාජකාරී කටයුත්තකට ගොස් සිටිය දී එංගලන්තයේ දී අතුරුදන් වූ දිනමිණ මාධ්‍යවේදිනියකටත් ලේක්හවුස් ආයතනයේ ස්වයං විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදය යටතේ රුපියල් ලක්ෂ පහළොවක පමණ වන්දි මුදලක් ගෙවීමට කටයුතු යොදා තිබේ.

සංචාරක ක්ෂේත්‍රයේ මාධ්‍ය ආවරණ කටයුත්තකට සහභාගී වීම සඳහා දිනමිණ පුවත්පතේ මාධ්‍යවේදිනයක වන ජීවනී පතිරණ එංගලන්තය බලා ගොස් ඇති අතර ඒ දිනමිණ ප්‍රධාන කර්තෘ පුෂ්පා රොවෙල් සහ ප්‍රවෘත්ති කර්තෘ ටී. චන්ද්‍රසේකර යන අයගේ නිර්දේශය මතය.

නොවැම්බර් මස 06 සහ 07 දිනවල ඒ සඳහා සහභාගී වීමට අනුමැතිය ලැබී ඇති අතර එහෙත් ඇය නැවත සේවයට වාර්තා කර නොමැත. ඇයගේ හිතවතකු වන චන්ද්‍රසේකර නමැත්තා රටේවත් නොමැති තැනැත්තියකට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් එංගලන්තයේ තවදුරටත් රැඳී සිටීමට නීත්‍යානුකූල අනුමැතිය ආයතනය හරහා ලබා ගෙන ඇත.

ඒ අතර තුර ආයතනයේ ‍ස්වයං විශ්‍රාම ගැන්වීමේ ක්‍රමවේදයේ දෙවැනි අදියර ක්‍රියාත්මක වී ඇති අතර වහා සිත උණු වූ ප්‍රධාන කර්තෘවරිය සහ ප්‍රවෘත්ති කර්තෘවරයා ජීවනී පතිරණට වන්දි ගෙවා විශ්‍රාම ගැන්වීමට අවශ්‍ය සියලු පහසුකම් සපයා ඇති බව ලේක්හවුස් ආරංචි මාර්ග සඳහන් කරයි.ශ්‍රී ලංකාව සහ ලේක්හවුස් ආයතනය නියෝජනය කරමින් එංගලන්තය බලා ගිය ජීවනී පතිරණ නැවත රටට නොපැමිණ එහිම රැඳී සිටීම මුළුමනින්ම නීතිවිරෝධී කටයුත්තක් වන අතර වන්දි ගෙවීම තබා ඇය ආයතනය පැත්ත පළාතේ වැද්ද නොගෙන සේවයෙන් පහ කිරීම සාමාන්‍ය ක්‍රමවේදය වේ.

එහෙත් රටේත් ආයතනයේත් නම විකුණමින් විදේශගත වූ ජීවනී පතිරණ වන්දිත් ලබාගෙන යහතින් එංගලන්තයේ ජීවත් වන්නේ අහිංසක සේවක සේවිකාවන් රැසක් අනාගතය පිළිබඳ කිසිදු සුරක්ෂිතතාවක් නොමැතිව සොච්චම් වන්දියක් ලබාගෙන නිවෙස්වලට ගොස් සිටියදී වීම කණගාටුවට කරුණකි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.