Breaking
24 Feb 2025, Mon

ෆයිසර්ගේ සාදයට මෛත්‍රී එයි ,රනිල් නෑ…මහපොළ ලොතරැයිය කෑ ඩිඩා සමග මෛත්‍රී ඩිල් ගහයි

ඊයේ රාත්‍රීයේ පැවැති ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයාගේ උපන්දින සාදයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර තිබුනද ඔහු එයට සහභාගි නොවු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් එම උත්සවයට සහභාගිවි තිබේ. ජනාධිපතිවරයා සහභාගි විම අගමැතිවරයාගේ මගහැරිමට ප්‍රධානම හේතුව වි ඇති බවයි අප විශේෂ වාර්තාකරු අනාවරණය කලේ.

පැයක පමණ කාලයක් ජනාධිපතිවරයා සාදයට එකතුවි සිටි අතර පසුගියදා සිරිසේන ගැන පම්පොරී ගැසු මුස්තාපාගේ මජර මාෆියාකරු වන මොහොමඩ් රිස්වි ඉල්ලියාස් (Rizley Illayas)නොහොත් ඩිඩා සමග පැත්තකට වි විනාධි 10කට අධික කාලයක් සාකච්ඡාවක යෙදි ඇති අතර එම සාකච්ඡාවට තවත් පිටකොටුවේ මාෆියා මුස්ලිම් ව්‍යාපාරිකයන් තිදෙනෙකුද සම්බන්ධ වි ඇති අතර මහපොළ ලොතරැයිය විනාශ කිරිමට මුල්‍ය වංචාකල ඩිඩාගෙන් යලිත් මහපොළ ලොතරැයිය ආරම්භ කිරිම සදහා උපදෙස් පතා තිබේ.

2011 වසරේදී මහපොළ ලොතරැයිය ක්‍රියාත්මක කිරිමේ බලය මලයාසියා ජාතික දතෝ ටියෝන් ටින් සින්ග් නැමැත්තාට හිමි Oceanic Games (Pvt) Ltd සමාගමට පැවරිමේදී බරපතල මුල්‍ය අක්‍රමිකතාවක් සිදුවි ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, එම ගනුදෙනුවට මොහොමඩ් ඉල්ලියාස් නමැති ව්‍යාපාරිකයකු ද සම්බන්ධ බවට අනාවරණය කල අතර අදාළ පරික්ෂණ කටයුතු ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයාගේ බලපෑම මත මුලුමනින්ම ඇනහිට තිබේ.

ඊයේ රාත්‍රී උපන්දින සාදය සදහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ විශේෂ අරමුදල හරහ ලක්ෂ 100ක් පමණ විවිධ බිල් ගෙවිම සදහා යොදවා ඇති අතර අදාල ප්‍රිය සාදය සදහා ආරාධනා කර ඇත්තේද මෙරට මහා පරිමාණයේ මුල්‍ය වංචා රැසකට වගකිවයුතු වංචනිකයන් සහ දේශපාලන කේෂ්ත්‍රයේ අමුතුම මාදිලියේ කිහිප දෙනෙකුට පමණක් බවද අප විශේෂ වාර්තාකරු සදහන් කලා.

මේ අතර ජනාධිපති මන්දිරයේ පැවැති ජාතික ඉෆ්තාර් උත්සවයේ තැන ඇවිදිමෙන් රිස්වි ඉල්ලියාස් නොහොත් ඩිඩා අද ආරාධන ලද මුස්ලිම් ව්‍යාපාරිකයන්ට පවසා ඇත්තේ “i can do anything… with HE…” යනුවෙනී. ජනාධිපතිවරයාට කියා ඔනෑම දෙයක් කර ගන්න තියේනවානම් තමන්ට කියන ලෙසටද පොර ටොක් දි තිබේන බවද අප පසුගියදා අනාවරණය කළා.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.