Breaking
24 Feb 2025, Mon

ෆයිසර් ජනතාවට කොලේ වහයි-ලේකම් ඩිඩා හොර පාරෙන් සල්ලි ගරයි….

කුලිකාරයන්ට හා දුෂිත,මැර ව්‍යාපාරිකයන්ට විකුණා දැමු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වංචනික සල්ලි වලින් හා මෛත්‍රීපාලගේ මජර වැඩ වලට දායකත්වය දිමෙන් පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යවරයා ලෙස පත්විම ලද ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා පෙරේදා (11) රටේ ජනතාවට කොලේ වසා ගෙමක් ගැසුවද එය ජනතාවට අනාවරණය කිරිම අප සතු යුතුකමකි.

සාකච්ජාව හා සම්මුතිය පාලනය ගෙන යමින් පළාත් සභා සහ මධ්‍යම රජය අතර මනා සහයෝගිත්වයක් ඇති කිරිමට කටයුතු කරන බවත් එය යහපාලනයට අනුගතව නව රජයේ පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පළාත් පාලන සහ පළාත් සභා  අමාත්‍යාංශයේ දී  පැවැති සිය ධුරයේ වැඩ බාරගනිමින් පැවසුවද තමන්ගේ පෞද්ගලික ලේකම්වරයා කවුරුන්ද යන්න සියල්ලටම වසන් කලේ තමන්ගේ පෞද්ගලික ලේකම්වරයා පිළිබඳව අප කර තිබු අනාවරණයන් නිසාමය.

රජයේ පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස පත්ව ඇත්තේ අංක එකේ වංචනිකයෙකු වන මොහොමඩ් රිස්වි ඉල්ලියාස් නොහොත් ඩිඩාය. කියවන්න –ඩිඩාලාට විකුණු ශ්‍රිලනීපයේ ෆයිසර් මුස්තාෆාලා පිනුම් ගසයි

පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යවරයා ලෙස ෆයිසර් මුස්තාෆා දිවුරුම් දෙන අවස්ථාවේ ඩිඩා ඇතුලු ඔහුගේ කණ්ඩායම සිටියේ පසුපසට වන්නට මාධ්‍යයට සැගවිය.තමන්ගේ පෞද්ගලික ලේකම්වරයා සමාජ විරෝධීයෙකු නොවන්නේ නම් සැගවි සිටිමට කිසිදු අවශ්‍යතාවයක් නැති බව අමුතුවෙන් කිවයුතු නැත

[box type=”warning” ]පසුගිය මහා මැතිවරණය සමයේ ෆයිසර් මුස්තාපා ජාතික ලැයිස්තු වෙන්ඉදිරිපත් කිරිමට කටයුතු කල ඩිඩා අල්ලා ගත්තේ මෛත්‍රීගේ සුවච කිකරු කොලු පැටියා වන දුමින්ද දිසානායකය.පසුව හිමිට දුමින්දට ලංවු ඩිඩා මැතිවරණය වෙනුවෙන් දුමින්දට රුපියල් මිලියන 10ක් ලබාදුන් අතර ඒ සදහා ඩිඩා මුස්ලිම් ව්‍යාපාරිකයන්ගෙන් මිලියන 50කට වැඩි මුදලක් එකතු කර තිබේ.

අස්ස කුලප්පුව හැදුනු මෛත්‍රීපාල ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම්වරයා ලෙස දුමින්ද නම් කිරිමත් සමග ඩිඩා පස්වනක් ප්‍රීතියෙන් ඉපිල ගිය අතර ඉදහිට දුමින්ද හමුවි අඩියක් ගැසීමට වේලාව වෙන්කර ගන්නා ලදී.

අවසානයට පසුගිය සති අන්තයේ කොළඹ ජයික් හිල්ටන් හොටලයේදි දුමින්ද දිසානායක හමුවු ඩිඩා ඇති පදමට අඩියක් පමණක් නොව තව තව දෙවල්ද ගසා දුමින්දගෙන් එකම එක ඉල්ලිමක් ඉටුකර දෙන ලෙස ඉල්ලා තිබේ. ඒ අනුව ඩිඩාගේ චක් ගොලයා වු ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා අද ඇමතිවරයෙකු ලෙස දිවුරුම් දෙනු ලැබුවා.[/box]

ෆයිසර්ගේ වංචනීක ක්‍රියාවන්ට කවදත් අංක එකෙන්ම දායකත්වයි දෙන මොහොමඩ් රිස්වි ඉල්ලියාස් නොහොත් ඩිඩා මේ දිඅන් දෙක ඇතුලතදි මුස්ලිම් ව්‍යාපාරිකයන්ගෙන් අමාත්‍යංශය විකුණා ලබාගෙන් ඇති මුදල් ප්‍රමාණය මිලියන 50ද ඉක්මවා ගොස් තිබේ.පළාත් සභා හරහා සිදුකරන සියලුම සංවර්ධන ව්‍යාපෘති පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යංශය හරහා සිදුවන බවත් එම කටයුතු වලදි ව්‍යාපෘති දායකත්වය ලබා දිමට නම දැන් තියාම මුදල් ලබාදි අමාත්‍යවරයාගෙන් නාම ලේඛනයට එකතු විය යුතු බව දන්වමින් මෙම මුදල් කිසිදු ලියවිල්ලක් නොමැතිව ලබාගෙන තිබේ.

ලංකාවේ ප්‍රධාන පෙලේ ගොඩනැගිලි ද්‍රවය බෙදාහරින සමාගමකින් පමණක් ඩිඩා මිලියන 10ක් කෙලින්ම ඉල්ලා ලබාගෙන තිබේන බවද අප වාර්තාකරුවන් අනාවරණය කරගෙන තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.