Featured

ෆෙඩරල් ආකාරයේ ස්වයං පාලනයකට රනිල්,ෆොනී,හකිම්,අනුර,එකඟ වුනා -ආර් සම්බන්ධන්

කිසිදු කොන්දේසියකින් තොරව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ උතුරු නැගෙනහිර එකාබද්ධ කර ෆෙඩරල් ආකාරයේ ස්වයං පාලනයක් ලබා දිමට ජාත්‍යන්තර හමුවේ රනිල් වික්‍රමසිංහ ඇතුලු යහපාලන රජයේ ප්‍රභලයන් එකඟවු බව ද්‍රවිධ ජාතික සංධානයේ නායක ආර්.සම්බන්ධන් අනාවරණය කර තිබේ.(අප කලින් කල අනාවරණය -එජාපය දින්නොත් අපිට ස්වයං පාලනය ලැබෙනවා සහතිකයි)

දකුණේ විවිධ දේශපාලන පක්ෂ විවිධ අදහස් ෆෙඩරල් පාලනය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරිම හේතුවේන් උතුරු හා නැගෙනහිර බුද්ධිමතුන් හා සමාජ ක්‍රියාධාරින් කලබලයට පත්ව ඇති නිසා මේ සම්බන්ධයෙන් දැනුවත් කිරිමේ අවස්ථාවකට එක්වෙමින් සම්බන්ධන් මේ බව අවධාරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවක් සාකච්ඡා පැවැත්වු බවත් මැතිවරණය ආරම්භ විමත් සමගද රටේ ෆෙඩරල් හෝ ස්වයං පාලනයට විරුද්ධ කණ්ඩායම් වලට නායකත්වය දෙන පිරිස් සමග තමන් ඇතුලු රනිල් වික්‍රමසිංහ සාකච්ඡාවක් පැවැත්වු බවද සම්බන්ධන් පිළිගෙන තිබේ.

නමුත් පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වනතුරු ඒ සම්බන්ධයෙන් කිසිවක් කතා නොකර සිටිමට සියලු දෙනාම  එකඟවුවද මේ වනවිට එම් එකඟතාව සම්පුර්ණයෙන් අනිකුත් කණ්ඩායම් බිඳ දමා ඇති බවද සම්බන්ධන් පවසා තිබේ.

මේ අතර පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වනතුරු තමන් නිහඬව කටයුතු කිරීමට සුදානම් බව යනුවෙන් උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් ප්‍රකාශ කර තිබේ..

මාධ්‍යවේදීන් කල ප්‍රශ්ණ කිරිමකදි සී.වී.විග්නේෂ්වරන් පවසා ඇත්තේ

“මා අදහස් දැක්විමට අකමැත්තෙමි. මැතිවරණය අවසන් වනතුරු මා නිහඬව කටයුතු කිරීමට කැමැත්තෙමි. මා මීටපෙර ප්‍රකාශ කර, අන්තර්ජාලය හරහා පලවූ වීඩියෝ පට පිලිබඳව අනිවාර්යයෙන් පසුව පිළිතුරු ලබා දෙන්නෙමි” යනුවෙනි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් නිකුත් කල බව සඳහන් කර, චැනල් 4 නාලිකාව විසින් පලකල ලේඛණය අසත්‍ය එකක් හෝ කල්පිත එකක් නොවන බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පසුගියදා අනාවරණය කළා.

යාපනයේ නීර්වේලි පිහිටි ඔහුගේ කාර්යාලයේදී, 2015.08.09 වන දින පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

“ජාත්‍යන්තර විමර්ශනයක් නොපවත්වා, අභ්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වුවහොත්, එය අප පිළිනොගන්නෙමු. අභ්‍යන්තර පරීක්‍ෂණයට ජාත්‍යන්තර ප්‍රජාව හෝ එක්සත් ජාතීන්ගේ සංවිධානය සහයෝගය ලබාදුන්නත්, එයට කිසිඳු අවස්ථාවක දෙමළ ජාතික සන්ධානය සහයෝගය ලබානොදෙන්නෙමු.

SAMBANDHAN_RANIL_LNW

 

Top