Featured

ෆෙඩරල් රාජ්‍යයකට ජනපති ලිඛිත පොරොන්දුවක් දුන්නා TNA මන්ත්‍රී

ෆෙඩරල් ක්‍රමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකට දෙමළ ජාතික සන්ධානය පසුගිය මැතිවරණයේදී ජනවරමක් ලබාගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලිඛිත පොරොන්දුවක් ලබාදි ඇති බව නැගෙනහිර පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍ය වන තමිලරසු පක්‍ෂයේ මහලේකම් කේ.තුරෙයිරාජසිංහම් පවසයි.

ඒ අනුව ඉදිරියේදි ඉදිරිපත් වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හරහා ඒකීය රාජ්‍ය වෙනුවට සන්ධිය රාජ්‍යක් රටතුල බිහිවන බවත් ජනවාර්ගික ගැටළුවට විසඳුම ලෙස දෙමළ ජාතික සන්ධානය විසින් ජනතාවගේ කැමැත්ත මත ඉදිරිපත් කරන ෆෙඩරල් ක්‍රමයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ජනාධිපතිවරයා පිලිගෙන ඇති බවද ඔහු සදහ කර තිබේ.

මේ අතර ජනවාරි 09 වැනිදා පාර්ලිමේන්තුවට ගෙන එනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ රටේ ඒකීයභාවය ඇති කිරීම, රටේ ප්‍රධාන ආගම බුද්ධාගම ලෙස නම් කිරීම වැනි වගන්ති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර නොමැති බවත්, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම හා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම මූලික අරමුණ බව පෙන්වමින් ආණ්ඩුව රට අනතුරට ලක් කිරීමට උත්සාහ දරන බවත් මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා අනාවරණය කර සිටි.

රටේ ඒකීය රාජ්‍ය ක්‍රමය වෙනස් විය යුතු බව ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කරුවන් දෙදෙනකු වන දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්දන් මහතා සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් දැනටමත් අදහස් ප්‍රකාශ කර ඇති බවත්, ඔවුන් ෆෙඩරල් ක්‍රමයට එහා ගිය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කිරීමට ආණ්ඩුව සමඟ සාකච්ඡා කර ඇති බව එක්තරා පුවත්පතකට පවසා ඇති බවත් මන්ත්‍රිවරයා අනාවරණය කළා.

“විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතුයි කියලා අපි පිළිගන්නවා. නමුත් ආණ්ඩුව කරන්න යන්නේ භයානක කරුණු කීපයක් අහෝසි කරනවා ජනප්‍රිය කරුණු දෙකක් ඉස්සරහට දාලා. ඒකීය රාජ්‍ය අහෝසි කිරීම, උතුර නැඟෙනහිර එකතු කිරීම, රට සහසන්ධීය ආණ්ඩුවක් බවට පත් කිරීම කරන්නේ ටී.එන්.ඒ. මැතිවරණ ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමක්. ටී.එන්.ඒ. කියන්නේ එක රටක් තුළ ආණ්ඩු දෙකක් හැටියට කටයුතු කරන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගේන්න කියලා. මේ ආණ්ඩුව උත්සාහ කරන්නේ ජාත්‍යන්තර බලවේගවලට හිසනවා ජිනීවා කොන්දේසි තුළ තියෙන දේවල් ක්‍රියාත්මක කරන්න. ජිනීවා කොන්දේසිවලත් තියෙනවා ආණ්ඩුක්‍රමය වෙනස් කරන්න කියලා.”

Top