Breaking
25 Feb 2025, Tue

ෆෙඩරල් වසා ජනතාව ගොනාට අන්දන්න හදන රනිල්- සිරිසේන -ලාල්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේදී ශ්‍රී ලංකාවේ ඒකීය ස්වභාවය වෙනස් කොට රාජ්‍යය ෆෙඩරල් බවට පෙරලීමට යෝජනා කොට ඇති බවට කෙරෙන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බවට රනිල්ගේ බත් ගොට්ටා වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටු සභාපති අධිනීතිඥ ලාල් විජේනායක කල ප්‍රකාශය උතුරු පළාත් සභා විපක්ෂ නායක එස් තවරාජා තරයේම ප්‍රතික්ෂප කර තිබේ. රනිල්ගේ බත් ගොට්ටා හෙවත් ලාල් විජේනායක ආණ්ඩුවේ නව බෙදුම්වාදී ව්‍යවස්ථාව හංගා ගහන එකක් බව පසුගියදා පැවැත්වු මාධ්‍ය හමුවකදි කල ප්‍රකාශ හරහා අනාවරණය වි තිබේ.

රජයට භාරදී ඇති පිටු 309කින් සමන්විත ව්‍යවස්ථා සංශෝධන නිර්දේශ මාලාවේ “පෙඩරල් කියන වචනේ පාවිච්චි කරලාවත් නෑ,” රාජ්‍යයේ ස්වභාවය සම්බන්ධයෙන් කර ඇති නිර්දේශ තුනෙන් එකක් හෝ පෙඩරල් ක්‍රමයක් යෝජනා කොට නැති බවත් එවන් නිර්දේශයක් එකදු සාමාජිකයකු විසින් හෝ ඉදිරිපත් නොකරන ලද බවටද දහ අතේ දිවුරුම් දෙනු ලැබුවා.

කෙසේ වෙතත්, පෙඩරල් රාජ්‍යයක් වෙනුවෙන් නිර්දේශ ඉදිරිපත් නොවූ බව කමිටු සාමාජික උතුරු පළාත් සභා විපක්ෂ නායක එස් තවරාජා ප්‍රතික්ෂේප කරන අතර තමන් ඇතුළු කිහිප දෙනකු නව රාජ්‍යයේ ස්වභාවය පෙඩරල් ක්‍රමයක් විය යුතු යැයි යෝජනා කර සිටි බව ඔහු ප්‍රසිද්ධියේ අනාවරණය කර තිබේ.

එපමණක් නොව නව ව්‍යවස්ථාව වෙනුවෙන් උතුරු නැගෙනහිර ජනතා අදහස් විමසන සැම අවස්ථාවකටම තමන් සහභාගි වූ බවත් යාපනයේ කිහිප දෙනකු හැර ඒ දෙපළාතේ සියලු දෙනාම පාහේ ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලා සිටි බවත් එස් තවරාසා අනාවරණය කර තිබේ.

‘දෙමළ ජනතාවගේ දුක් ගැනවිලි වලට ප්‍රතිචාර දැක්වීමේ මගක් ලෙස ෆෙඩරල් රාජ්‍යයක් හෝ බලය බෙදා ගැනීමේ යාන්ත්‍රණයක්’ උතුරු නැගෙනහිර බොහෝ දෙමළ නියෝජිතයන්ට අමතරව රටේ වෙනත් ජන කොටස් වලට අයත් පුද්ගලයන් ද යෝජනා කොට ඇති බව මැයි 31 දා අගමැති රනිල් වික්‍රමසිංහ වෙත භාර දුන් කමිටු වාර්තාවේ ද සඳහන් කර තිබේ.

එහි එන පරිදි කමිටු සාමාජිකයන් සැමට රාජ්‍යයේ ස්වභාවය පිළිබඳව පොදු එකඟතාවකට පැමිණිය නොහැකිවූ හෙයින් ‘සුත්‍රකරණ තුනක්’ ඉදිරිපත් කර තිබේ.

පෙඩරල් රාජ්‍ය ව්‍යුහයක් වෙනුවෙන් මුලින් පෙනී සිටි ආචාර්ය කුමුදු කුසුම් කුමාර, උතුරු පළාත් සභා විපක්ෂ නායක එස් තවරාජා, සහ ආචාර්ය එස් විජේසන්දිරන් ‘පෙඩරල් ස්ථාවරයේ සිට සම්මුතියකට’ එළැඹි බව වාර්තාවේ සඳහන් වෙයි.

ව්‍යවස්ථා නිර්දේශ සම්බන්ධයෙන් වැරදි අදහස් ප්‍රචාරය කරන බවට කිසි නමක් සඳහන් නොකර චෝදනා කළ අධිනීතිඥ ලාල් විජේනායක එමගින් කමිටුවේ සැමගේ අනුමැතිය ලද සමාජය ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීමට අවශ්‍ය මුලික විධිවිධාන පිලිබඳ සාකච්ඡාව යටපත් වන බව කියා සිටියේය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.