Featured

ෆෙඩරල් ව්‍යවස්ථාව මේ වසර අවසන් විමට පෙර!

ෆෙඩරල් ව්‍යවස්ථාව නිර්මාණය කිරිමේ කටයුතු වලදි ඇමරිකානු එක්සත් ජනපදය නිරන්තරයෙන් සහය ලබාදෙන බවත් මේ වසර අවසාන විමට නව ව්‍යවස්ථාව හරහා දෙමළ ජනතාවට නිදහස් පරිසරයක් නිර්මාණය කර දිමට ශ්‍රී ලංකා රජය සහතික වි තිබේන බව ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අදුල් කේසාප් (Atul Keshap’s)දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් හමුවේ පවසා තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් සහ ශ‍්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති අදුල් කේසාප් දෙ.ජා.සන්ධානයේ මාධ්‍ය කාර්යාලයේදි පෙරේදා හමු වි සාකච්ඡා පවත්වා ඇති අතර එහි තොරතුරු පිටතට නොදිමට දේපාර්ශවයම දැඩි ලෙස පොරොන්දු ලබාදි තිබේ.මෙම සාකච්ඡා සදහා ආර්. සම්බන්ධන් සමග සන්ධානයේ පා.මන්ත‍්‍රි සුමන්දිරන්ද සහභාගි වි ඇති අතර ඉදිරි සතිය තුල එ.ජා.මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේදි ශ‍්‍රි ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමසාරිස් විසින් ඉදිරිපත් කිරීමට නියමිත වාචික වාර්තාව සම්බන්ධයෙන් දැඩි ලෙස සාකච්ඡා වි ඇති අතර එහි අන්තර්ගතය සම්බන්ධයෙන් දෙපාර්ශවයේම අවධානයද යොමුකර තිබේ.

‘මානව සංහතියට වෙන්න තිබුණු දේ’-විමල් 

ඒ නිර්දේශවලින් කියනවා ‘සමලිංගික සේවනය නීත්‍යනුකූල කරන්න. පිරිමි-පිරිමි, ගැහැණු – ගැහැණු අතර විවාහවලට ඉඩ දෙන්න’ කියලා. මිනිස් ඉතිහාසය පටන්ගත්තු දවසේ ඉඳන් පිරිමි-පිරිමි සහ කාන්තාවන් – කාන්තාවන් අතර කසාද සිදු වුණා නම් මානව සංහතියට වෙන දේ හිතා ගන්නවත් බැහැ. ඒ අසම්මත බැඳීම් පිළිනොගත් දෙයක් හැටියට සමාජයේ තිබෙන්නෙ පුළුවන්. නමුත් ඒවා ප්‍රවර්ධනය කරන එක, ඒවාට බලයක් සපයන එක මානව සංහතියේ පැවැත්මට සුදුසුද? ඒ විතරක් නොවෙයි, ඒකයභාවය අහෝසි කිරීම’ කියන නිර්දේශයත් එම වාර්තාවේ තිබෙනවා. ‘බුද්ධාගමට හිමි ප්‍රමුඛස්ථානය නැති කිරීම, ජාතික කොඩිය, ජාතික ගීය වෙනස් කිරීම ආදී නිර්දේශ එම ලාල් විජේනායක කමිටු වාර්තාවේ ඇතුළත් වෙනවා. මෙම නිර්දේශ මත පදනම්ව තමයි අගමැතිවරයා අවසාන වශයෙන් තම කමිටුව මගින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තීරණය කරන්නේ. මේ නිර්දේශ අනුව පැහැදිලියි සම්මතකර ගන්න හදන්නේ කවර ව්‍යවස්ථාවක්ද?’

කියලා. මේ එන්නේ ශ්‍රී ලංකාවේ ඒකීයභාවය නැති කරන, දෙමළ බෙදුම්වාදීන්ගේ මනදොළ සපුරන, ජාතිවාදින්ගේ, බෙදුම්වාදීන්ගේ අවශ්‍යතා ඉටුකර දෙන, මේ රටේ මෙතෙක් තිබුණානම් යම් සහජීවනයක් ඒ සහජීවනයත් නැත්තට නැති කරලා පටු අන්තවාදයන් පෝෂණය කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. පාර්ලිමේන්තුව තුළ කමිටු පත් කරලා, සති 10ක් ඇතුළත ඒ කමිටුවල නිර්දේශ අරන්, ඒවා අවසානයේ මෙහෙයුම් කමිටුවට දාලා ඒ කෙටුම්පත අගමැති අතට දෙනවාලු. අගමැතිගේ කමිටුවෙන් සහ නීතිපතිගේ කමිටුවෙන් ඊළඟ සති 3-4 ඇතුළත අවසාන කෙටුම්පත හදලා එය මේ වසර අවසානයට පෙර සම්මතකර ගැනීමට පාර්ලිමේන්තුවට ගෙන එනවාලු. පාර්ලිමේන්තුවේ මේක සම්මතකර ගන්න ඕන නිසයි පර්මීට් එකට අමතරව පක්‍ෂ නායකයාගේ නිර්දේශය අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන සහනාධාරය ද සහිතව තවත් වාහනයක් දෙන්න හදන්නේ. ඒ අනුව ඒකාබද්ධ විපක්‍ෂයේ අයටත් කියනවා ‘ඒ වාහන වරප්‍රසාදය අවශ්‍ය නම් අපේ පැත්තට වරෙන් ’ කියලා.

ඒ විදියට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් නව ව්‍යවස්ථාවක් සම්මතකර ගත්තොත් ඊට පසුව ජනමතවිචාරණයකට යන්න වෙනවා. ඒ ජනමතවිචාරණයට යන්න හදන්නේ කොහොමද? ඒ ක්‍රියාදාමයට ප්‍රබල විරෝධයක් එල්ල කරන්න පුළුවන්. දේශපාලන නායකයන් විවිධ චෝදනා යටතේ අත්අඩංගුවට අරන් හිරේට දාලා. ජනමතවිචාරණය එනකොට මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව රටේ මතය කුළුගන්වන්න පුළුවන් සියලු දෙනාම ලේසියෙන් ඇප ගන්න බැරි පනතක් යටතේ හිරේට දැම්මාම හරි.

Top