Breaking
23 Feb 2025, Sun

ෆොක්ස්වැගන් සහ ජෝර්ජ් සෝරස් තක්කඩියන්ට යහපාලන දොර ඇරේ 

අගමැතිතුමා ඉතා ආඩම්බරයෙන් පාර්ලිමේන්තුවේ දී කියනවා අපි ජනවාරි ආර්ථික සමුළුවක් තියනවා කියලා. ඒ සමුළුවේ සුවිශේෂි ආරාධිතයා තමයි ජෝර්ජ් සෝරස්. කවුද මේජෝර්ජ් සෝරස් ? 1997 දී අසියානු මුල්‍ය අර්බුදයෙන් තායිලන්තයේ සහ මැලේසියාවේ ආර්ථිකය කඩා වැට්ටුවාය කියලා ඒ රට වලට ඇතුල්වීම තහනම් කල පුද්ගලයෙක් බව නීතිඥ උදය ගම්මන්පිල මහතා අනාවරණය කළා.

අපේ සන්ධාන ආණ්ඩුව තියෙන කාලේ එජාපය විපක්ෂයේ ඉදන් කියුවේ මේ ආණ්ඩුවට සෑබැ ආයෝජකයන් ආකර්ෂණය කර ගන්න බෑ එන්නේ හොරු තක්කඩියන්ය විතරයි කියලා. මෙය ඇත්තයි කියා සිතු අය යහපාලනයක් පතා මේ ආණ්ඩුව බලයට පත් කර ගත්තා. දැන් කවුද මේ ආණ්ඩුවේ ආරාධනාවෙන් එන්නේ අපේ ආණ්ඩුව කාළේ හොරු ආවා නම් දැන් එන්නේ කම්බ හොරු. මුලින්ම අගමැතිතුමා ඡන්දේ කාළේ ආඩම්බරයෙන් කියුවා අපි ෆොක්ස්වැගන් සමාගම ලංකාවට ගෙනවා කියලා. ෆොක්ස්වැගන් සමාගම කියන්නේ ඉතාම වංචනික සමාගමක්. 2009 සිට 2014 දක්වා කාලය තුල දී තමන්ගේ වාහන වලින් පරිසරයට මුදා හැරෙන විෂ දුම පිළිබද තොරතුරු ඉතා වංචනික ලෙස වෙනස් කරලා  යුරෝපයේ රටවල් ගණනාවකටත්, ඇමරිකාවටත් වාහන ඉදිරිපත් කරපු සමාගමක්. 2009 මැයි මාසයේ දී පැවති පිවිතුරු ප්‍රවාහනය සදහා වු ජාත්‍යන්තර සභාව මේ වංචාව හෙළිදරවු කරා.

අද වන විට වාහ මිලදී ගත් අය සමාගමට එරෙහිව නඩු දානවා. ලොව පුරා අලෙවිය අඩු වෙනවා, හොරු තක්කඩි නමි හංවඩුගැහෙනවා. ලොකේම හොරු කියන සමාගම මේ ආණ්ඩුව දොහොත් මුදුන් දී ලංකාටව ගෙනවා. මම අර්ථික සංවර්ධන අමාත්‍ය මලික් සමරවික්‍රම ඇමතිතුමාගෙන් ඇහුවා මේ සමාගමට එන්න කියලා කියුවේ 2015 මැයි මාසේ මේ සමාගම වංචනික සමාගමක් කියලා එළිවුණේ 2014 මැයි මෙය ඔබතුමා දැන සිටියා ද?  එතුමාගේ පිළිතුර ඔව්. මේ සමාගමේ විශ්වාසය පලදුවේලා අලෙවිය ඝ්‍රිග්‍රෙයන් පහලට වැටෙනවා අපිත් කාර් නිෂ්පාදනය කරන්න හදන්නේ අපනයනය සදහා නැතුව අපේ පාවිච්චිය සදහා නෙවෙයිනේ. මේ සමාගමේ අලෙවිය ඝ්‍රිග්‍රෙයන් පහලට වැටෙන බව දන්නවාද ? එතුමාගේ පිළිතුර අනේ මම දන්නේ නෑ කියලා. මෙතුමා කියුවේ හොරා කියලා දැන දැනමයි එන්න කිවේ අපි කරන්නේම හොරම තමයි වගේ අදහසක්.

අගමැතිතුමා ඉතා ආඩම්බරයෙන් පාර්ලිමේන්තුවේ දී කියනවා අපි ජනවාරි ආර්ථික සමුළුවක් තියනවා කියලා. ඒ සමුළුවේ සුවිශේෂි ආරාධිතයා තමයි ජෝර්ජ් සෝරස්. කවුද මේජෝර්ජ් සෝරස් ? 1997 දී අසියානු මුල්‍ය අර්බුදයෙන් තායිලන්තයේ සහ මැලේසියාවේ ආර්ථිකය කඩා වැට්ටුවාය කියලා ඒ රට වලට ඇතුල්වීම තහනම් කල පුද්ගලයෙක්. 1992 සැප්තැම්බර් 16 වෙනි දා බ්‍රිත්‍රන්‍යය හදුන්වන්නේ කළු බදාදා කියලා. පවුම දැවැන්ත ලෙස අවප්‍රමානය වෙලා එහි ප්‍රථිපලයක් විදිහට යුරෝපිය විනිමය යාන්ත්‍රනයෙන් මහා  බ්‍රිත්‍රන්‍යයට ඉවත් වෙන්න සිදුවුණේ මේ දවසේ. එදා බ්‍රිත්‍රන්‍යයට වුණු පාඩුව අවම වශයෙන් පාඩුව බිලියන 3.4ක් විතර වෙනවා කියලා අර්ථික විද්‍යඥයන් ගණනය කර තියෙනවා. මේ කඩා වැටිම කුමන්ත්‍රණකාරිව සැලසුම් කලා කියලා බ්‍රිත්‍රන්‍යය චෝදනා එල්ලකරේ ජෝර්ජ් සෝරස්ට. 2006 දී ප්‍රංශයේ ශේෂ්ඨාදී අධිකරනය විසින් වංසනික කොටස් ගනුදෙනුවක් එනම් අභ්‍යන්තර තොරතුරු දැනගෙන කොටස් ගණුදෙනු කල බවට වැරදිකරුවකු වුණු පුද්ගලයෙක්. ජෝර්ජ් සෝරස් අභියාචනයක් ඉදිරිපත් කලා අභියාචනාධිකරනය යලි වැරදිකරු කලා. නැවත වතාවක් ශේෂ්ඨාදී අධිකරනයට අභියාචනාකලා එනතදිද ඔප්පු වුණේ වැරදිකරු කියලාම තමයි. අපේ ආර්ථික සමුළුවේ සුවිශේෂි ආරාධිතයා වෙන්නේ ලොකයේ අංක එකේ තක්කඩියෙක්. එක තක්කඩි සමාගමක් ගෙනත් තියෙනවා අනෙක් තක්කඩියට එන්න තියනවා. අපි අහන්නේ මේ ආණ්ඩුවට වැදගත් ආයෝජකයෙක් සොයා ගැනිමට නොහැකිද කියලා. අපිට කමයි කියුවේ හොරු ගෙනවා කියලා.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.