Featured

ෆොනීට මන්ත්‍රීකම දෙන්න රාජිත,චතුර,මලික්,චන්ද්‍රිකා මෙහෙයුමක්-එජාප පිරිසක් අර්බුදයක

යුද්ධය අවසන් කිරිමට නායකත්වය දුන් රාජ්‍ය නායකයා සහ බුද්ධි අංශ,රණවිරුවන් පාවාදි යහපාලනයට ආවාඩා වෙලේ විදාන හේවත් ෆිල්ඩ් මාෂල් පට්ටමක් හිඟා කෑ සරත් ෆොන්සේකා පසුගියදා අභාවප්‍රාප්ත අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධනට අයත් මන්ත්‍රී ධුරය සදහා පාර්ලිමේන්තුවට යැමට සුදානමින් සිටින බවත් එම මෙහෙයුමට අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැමති කරවා ගැනිම පසුපස එක්සත් ජාතික පක්ෂයේ සභාපති අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සිටින බවද අනාවරණය වී තිබේ.

පසුගියදා එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධනගේ අවමගුල් උත්සවයට යහපාලනයේ හෙලිකොප්ටරයේන් රාජිත,චන්ද්‍රිකා,චතුර සමග ෆොනී සහ ඔහුගේ හොර ඇම්බැට්ටයා වන සේනක හරිප්‍රීය ඇතුලු කණ්ඩායම ගමන් කරමින් සිටියදි කක්කුස්සි කටා හෙවත් රාජිත සේනාරත්නගේ පුත්‍රයා වන් චතුර සේනාරත්න ෆොනී අමතමින් පවසා ඇත්තේ…..

ගුණවර්ධනගේන් හිස්වු ඉඩම් අමාත්‍ය ධුරය තමන් ලබාගන්නා බවත් එම මන්ත්‍රිධුරය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අයිති එකක් බැවින් එය කැමතිනම් ෆොන්සේකා මහතාට ලබාදිමට හැකි බවත්‍ ය…..ඒ සමගම රාජිතද එය හිස සලා තහවුරු කර එති අතර චන්ද්‍රිකා කුමාරතුංග පවසා ඇත්තේ තමන්ද එම මන්ත්‍රිධුරය ෆොන්සේකාට ලබාදිමට කැමැති බවයි….

මේ අතර මදකිපුණු අලියෙකු මෙන් ක්‍රියාත්මක වු ෆොනී සහ සේනක වහාම තමන්ට අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය ලබාගැනිමට මෙහෙයුමක් දියත් කර ඇති අතර මලික් සමරවික්‍රම හමුවු සේනක හා ෆොනී වැද වැටෙමින් ඉල්ලා ඇත්තේ කෙසේ හෝ තමන්ට එම මන්ත්‍රීධුරය ලබාදෙන ලෙසය.පසුව මලික් සහ අගමැතිවරයා අතර සාකච්ඡාවකින් පසුව එම මන්ත්‍රීධුරය ෆොනීට ලබාදිමට කැමැත්තෙන් පසුවන බවට සේනක ඉසින් හෙලිකර ඇති අතර සේනක සිය මිතුරන්ට පවසා ඇත්තේ …

“ෆොනීට ඇමතිකමක් ලැබෙන බවත් එය බොහෝවිට ආරක්ෂක අමාත්‍යංශයට අනුබද්ධ විය හැකි බවත්…”ඇමතිකම ලැබුන ගමන් තමන් එම අමාත්‍යංශයේ ඉහල නිලයකට යන බවත් සේනකගේ පෙම්වතිය වන ඩයනාට නගරාධිපති තනතුරක් ලබාදිමට කටයුතු කරන බවද කටමැත දොඩවා තිබේ.

කෙසේ නමුත් සරත් ෆොන්සේකාට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රිධුරය ලබාදිමට එක්සත් ජාතික පක්ෂය ගෙන ඇති තින්දුවට විදේශ අමාත්‍ය මංගල සමරවිර ඇතුලු එජාප අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම දැඩි ලෙස විරුද්ධ වි ඇති අතර මංගල සමරවිර පවසා ඇත්තේ යුධ අපරාධකරුවෙකුට ඇමතිකම් දිම හරහා ජාත්‍යන්තරව සාදාගෙන ඇති හොදහිත නැති විමේ අවධානමක් එල්ල වි ඇති බවයි.පසුගියදා මෛත්‍රීපාල සීරිසේන ජනාධිපතිවරයා විදේශ විනිසුරන් යුධ අපරාධ සම්බන්ධයෙන් සිදුකරන ලබන පරික්ෂණ සදහා සහභාගී කර නොගන්නා බවට කල ප්‍රකාශය හේතුවෙන් තමන්ට ජාත්‍යන්තරව මුහුණ දිමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවද මංගල පවසා තිබේ.

Top