Featured

ෆෝනී නිසා මේ ආණ්ඩුව පෙරලෙනවා -විජේදාසගෙන් අනාවරණයක්

කොහොමත් ෆෝනීට ඇමතිකම මාස දෙක-තුනකට වඩා කරන්නට හැකියාවක් නොලැබෙන බව අධිකරණ සහ බුද්ධ ශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සිය සමිපතමයන් සමග ඊයේ රාත්‍රීයේ පවසා තිබේ.සරත් ෆොන්සේකා වැනි මන්ද බුද්ධිකයෙකුට මන්ත්‍රීකමක් අහ අමාත්‍යධුරයක් ලබාදිම හරහා එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ කරන ලබන ලොකුම වැරදි වලින් එකක් බවට නිසැක වශයෙන් පත්වන බවයි අමාත්‍ය වරයා මෙහිදි අනාවරණය කර ඇත්තේ.

අභාවප්‍රාප්ත අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස්. ගුණවර්ධනට අයත් මන්ත්‍රී ධුරය සදහා සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවට යැමට සුදානමින් සිටින බවත් එම පාර්ලිමේන්තු සම්ප්‍රාප්තිය සම්බන්ධයෙන් දැඩි ලෙස විරෝධය දක්වන මන්ත්‍රීවරුන් සහ තවත් සමාජිකයන් පිරිසක් සමග පැවැති මෙම හමුවේදි අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසා ඇත්තේ…..

“මේ ආණ්ඩුව තියෙන්නේ අඩ ගහලා…ෆොන්සේකාලා වගේ මන්ද බුද්ධිකයන් ගත්තාම ඒ අඩයත් ගැලවිලා යයි.,….ඒ නිසා කොහොමත් ෆෝනීට ඇමතිකම මාස දෙක-තුනකට වඩා කරන්න වෙන්නේ නෑ” යනුවෙනී…

මේ අතර ජාතික ලැයිස්‌තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක්‌ ලබාගැනීමේ අරමුණින් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද (03 දා) එක්‌සත් ජාතික පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමට නියමිතය.

සරත් ෆොන්සේකා මහතා එක්‌සත් ජාතික පෙරමුණට එක්‌වීම වෙනුවෙන් අද සවස 3.00 ට අරලියගහ මැඳුරේදී උත්සවයක්‌ ද පැවැත්වේ. එහිදී ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායකයා ලෙස සරත් ෆොන්සේකා මහතා ද එක්‌සත් ජාතික පෙරමුණ වෙනුවෙන් එජාප නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද අද සවස 3.00 ට අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිමට නියමිතයි.

කලින් කල අනාවරණය –ඉඩි අමීන්ගේ පාර්ලීමේන්තු සම්ප්‍රප්තියට රනිල්ගේ කොලුවෝ ඇණේ ගහයි-ෆොනී ආවොත් මම විපක්ෂයට යනවා විජේදාස

Top