Breaking
9 Apr 2025, Wed

‍‍රනිල්ගේ 2020 සතුරා රාජපක්‍ෂ කෙනෙක් මිසක් වෙන කවුරුවත් නෙමෙයි….. ගෝඨාභය ගැනීම හා ඉන් එහා දේශපාලනය

Published on: Nov 28, 2017- ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වන සැලසුම රනිල්ගෙන්. හැබැයි රනිල් එම සැලසුම නිර්මාණය කළේ සිරිසේනගේ ඉල්ලීම පරිදි රනිල් යටතේ පාලනය වෙන FCID හරහා. අවශ්‍යතාව වුනේ, යම් මොහොතක මේ හරහා ගෝඨාභය මහතා බ්ලැක්මේල් කොට ඔහු හරහා මහින්ද ව ශ්‍රිලනිපයට හේත්තු කිරීම. මේ චෝදනාව සපුරා දේශපාලන පළිගැනීමක්. මිලියන 33කට ඇස්තමේන්තු කරල ඉන් කොටසකුත් ගෙව්වට පස්සේ, වර්තමාන ආණ්ඩුව ආපු ගමන් කොහොම ද මේ ඇස්තමේන්තුව තුන් ගුණයකින් වැඩි වෙන්නෙ? අනික මේක සිවිල් නඩුවක්. අපරාධ නඩුවක් බවට පත් කරල තියෙන්නෙ.

දුර යන්න කලින් කියන්න ඕන. මීට පෙරත් කියල තියෙන විදියට බැඳුම්කර කොමිසම සිරිසේනගෙ නෙමෙයි. ඒක විජේදාසගේ. සිරිසේනගේ පෑන් පාර ගත්ත විතරයි. විජේදාස පස්සේ ඇමතිකමෙන් ඊට වන්දිය ගෙව්වා.සිරිසේන මෙහි ක්‍රෙටිට් එක ගන්න හදන්නෙ පෙරළුණු පැත්ත හොඳයි කියල ඒක තමන් හා සිරිසේන අතර ව්‍යාජ ගැටුමක් කොට පෙන්වීමට.එතකොට මහින්ද බලවේගය නමන්න ලේසියි. බලන්න හොරා කාලා කොමිසමට ගිය රනිල් ඒ ගිය එකත් යහපාලන ලක්‍ෂණයක් විදියට මාර්කට් කළා.

ඒ කතාවත් එක්ක, බලමු මහින්ද බලවේගය සිරිසේනට හේත්තු කරන්න මේ තරම් වළිකන්නේ ඇයි කියල. මෙසේ වීම ආණ්ඩුවේ මාස්ටර් ප්ලෑන් එකට විශාල ශක්තියක්. ඒ හරහා රනිල් සිරිසේන ව ශක්තිමත් කරගන්නවා. එහි ප්‍රතිඵලයක් ලෙස රාජපක්‍ෂ සාධකය නිරායාසයෙන් ම සිරිසේනට යටවෙනවා. රාජපක්‍ෂ දේශපාලනයට ඉන්පසු ඉදිරි ගමනක් නැහැ. රනිල්ගේ 2020 සතුරා රාජපක්‍ෂ කෙනෙක් මිසක් වෙන කවුරුවත් නෙමෙයි. කොටින් ම මෙහි දී සිරිසේන රාජපක්‍ෂ බලවේගයෙන් තම ආවරණය ලබා ගන්නා අතර ම එම බලවේගය පෙරළා විනාශ කිරීමේ සැලසුමත් එකට ක්‍රියාත්මක කරනවා. ඇත්තට ම මේක පරණ සැලසුමක්. ඒකාබද්ධ විපක්‍ෂය නව දේශපාලන පක්‍ෂයක් බවට පත්වීමක් පොතේ තිබුනෙ නැහැ. තිබුණේ මහින්ද නැමැති පූජා වටිටිය කරගහගෙන ගිහිල්ල කට උත්තර නැතිවෙන තැනක දී ඒක සිරිසේනගේ දෙපාමුල තැබීම. මේ ගේම බැසිල් වෙනස් නොකරන්න අපට එහෙම නොවෙන්න තියෙන ඉඩ මොකක් ද? ඇමරිකා ගිය බැසිල් ආපහු එයි කියල මහින්ද හා ඔහුගේ සමීපතමයින් ඇරෙන්න කවුරුවත් දැනගෙන හිටියෙ නැහැ. මම මේ ගැන කවදහරි පොතක් ලියනවා.

මේ වත්මන් එකතු වීම එන්නෙ ඒ සැලසුම ව්‍යර්ථ වුන හින්දා. 2020 වෙනකොට එය ඉටු කර ගැනීමයි මොවුන්ගේ ඉලක්කය. ඔවුන්ගේ තාවකාලික අපේක්‍ෂාව තමා, “දැන් මුළු රටේ ම ජනවරම ආණ්ඩුවට” කියල මතයක් ගොඩ නැගීම. විපක්‍ෂයක් කියල එකක් නැත්තට ම නැති වෙනවා. ආණ්ඩුවත් විපක්‍ෂත් දෙකම එකක් බවට පත් වෙනවා. නියම “ජාතික ආණ්ඩුව” බිහි වෙනවා. ඒ හරහා ව්‍යවස්ථා සංශෝධනය කිසිම ගැටළුවක් නැතු ඉදිරියට ගේන්න පුළුවන්. කවුද විරුද්ධ වෙන්නෙ? මහින්ද බෙලහීන වෙලා ඉවරයි එතකොට. අනික ඔහු රැවටෙන දුබල නායකයෙකු ලෙසත් සමාජගත වෙනවා. තුන්වැනි එක තමා, රනිල් දන්නවා, මහින්ද සිරිසේන සමග එකට ඡන්දයකට ගියොත් විශාල පිරිසක් ඡන්දය නොදී ගෙදර ඉන්නවා කියල. ඊට එක හේතුවක් තමා, ශ්‍රිලනිප ඡන්ද පදනම සිරිසේනව පිළිකුල් කිරීම. අනික තමා ආණ්ඩු විරෝධී පිරිසට තෝරගන්න පක්‍ෂයක් නැති වෙනවා. ඒ අයත් ගෙදර ඉන්නවා. එජාපයට මෙය වාසිසහගයි. එක ගලයි කුරුල්ලෝ රැනයි.

මේ සියළු සැලසුම් ව්‍යර්ථ කරන එකම බලවේගය ජනතා බලවේගය. දැන් එය සූදානම් !

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.