Breaking
24 Feb 2025, Mon

1 වැනිදා වෙනකොට ආණ්ඩුවට උණ සන්නිපාතය හැදෙනවා

එක්සත් ජාතික පක්‍ෂයට මුක්කු ගසන පාට මාරු කරන කටුසු ඇමතිලාගේ තර්ජනවලට සබෑ ශී‍්‍ර ලංකා නිදහස් පාක්‍ෂිකයන් බිය නොවන බවත්, ඇත්තටම පක්‍ෂයට ආදරය කරන සිය`ඵ ශී‍්‍ර ලංකා නිදහස් පාක්‍ෂිකයන් මහින්ද රාජපක්‍ෂ මහතා සමග 28 වෙනිදා මහනුවර සිට කොළඹට පැමිණෙන ජන සටන පාද යාත‍්‍රාවට එක්වන බවත්, ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ගම්පහ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.තර්ජනය කිරීම් , බිය වැද්දීම් හෝ තහනම් නියෝග හරහා පාද යාත‍්‍රාව තහනම් කල නොහැකි බවත්, ජනතාව ඒ සදහා පෙළ ගැසී සිටින බවත් පෙන්වා දෙන රණතුංග මහතා ජන සටන පාද යාත‍්‍රාව යනු පරගැති ආණ්ඩුව පන්නන සටනේ හැරවුම් ලක්‍ෂයක් බවද පෙන්වා දෙයි.

ඒකාබද්ධ විපක්‍ෂයේ කැදවුම්කරු ප‍්‍රසන්න රණතුංග මහතා ඊයේ(25) රාගම පේරලන්ද පිහිටි බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර මෙරිල් පෙරේරා මහතාගේ නිවසේ පැවති කි‍්‍රයාකාරී හමුවකදී මේ බව සදහන් කලේය. ලබන බ‍්‍රහස්පතින්දා නුවරින් ඇරඹෙන පාද යාත‍්‍රාව පිලිබදව ජනතාව දැනුවත් කිරීම සදහා මෙම රැස්වීම පැවැත්විනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණතුංග මහතා මෙසේද කීවේය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම්තුමා පහුගිය දවසක කියලා තිබුණා මේ පාද යාත‍්‍රාවට ගියොත් විනය පියවර ගන්නවා කියලා. තව කියලා තිබුණා ශී‍්‍ර ලංකා නිදහස් පාක්‍ෂිකයන්ට මේ පාද යාත‍්‍රාවට යන්න කිසිම අවශ්‍යතාවයක් නෑ කියලා. යූ.එන්.පී. එකට මුක්කු ගහපු තමන්ට ඕන විදියට පාට මාරු කරන ඇමති කටුස්සන්ට ඕන විදියට වැඩ කරන්න අපි ලෑස්ති නෑ. අපි වැඩ කරන්නේ මේ රටේ ජනතාවට ඕන විදියටයි. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට ආදරය කරන මේ රටට ආදරය කරන කෙනෙක් අනිවාර්යයෙන්ම මහින්ද මහත්තයගේ මේ පාද යාත‍්‍රාවට සම්බන්ධවෙන එක ස්ථීරයි. පාට මාරු කරන කටුස්සෝ මොන තර්ජනය කලත්, මොන තහංචි දැම්මත්, මේ පාද යාත‍්‍රාව නතර කරන්න බෑ. ඕනෑම අභියෝගයකට මුහුණ දෙමින් අපි ඊට සහභාගී වෙනවා.

අපි මේ පාද යාත‍්‍රාව යන්නේ මේ ආණ්ඩුවටයි එක්සත් ජාතික පක්‍ෂයටයි විරුද්ධවයි. දැන් ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයයි, එක්සත් ජාතික පක්‍ෂයයි අතර, ජාතික ආණ්ඩු ගිවිසුම තව වසර 3ක් දීර්ඝ කරනවාලූ. ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ බහුතරයක් මේකට විරුද්ධයි. මේක පාක්‍ෂිකයන්ගේ තීරණයක් නෙමෙයි. ඔය මොන මොන ගිවිසුම් ගහලා මේ ආණ්ඩුව ශක්තිමත් කරන්න හැදුවත් මේ ආණ්ඩුව බේර ගන්න හැදුවත්, වැඩිකල් නොගොස් මේ පරගැති ආණ්ඩුව ගෙදර යවන එක යවනවාමයි. එදාට අද මේ ආණ්ඩුවටයි, යූ.එන්.පී. එකටයි මුක්කු ගහලා ඉන්න අපේ කට්ටියට යන එන මං නැති වේවි.

අපේ රටේ ජනතාව මේ වෙනකොට පහුගිය ජනවාරි 08 වෙනිදා තමන්ගෙන් වෙච්ච වැරැද්ද තේරුම් අරගෙන තියෙනවා. එදාට වඩා අද ආර්ථිකය බිද වැටිලා. එදාට වඩා ජනතාවට බදු බර පැටවිලා. අපේ ආණ්ඩුව කාලේ දුන්නු පොහොර සහනාධාරය පාසල් නිල ඇදුම් රෙදි සහනාධාරය කප්පාදු කරලා. රාජ්‍ය සේවයට අලූතින් බැදෙන අයට විශ‍්‍රාම වැටුප් අයිතියත් අහෝසි කරලා. කිව්වෙනම් යහපාලනය ගේනවයි කියලා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කරනවයි කියලා. බෝරු කියලා ජනතාව රවට්ටලා බලය ගත්තා මිසක් මේ ආණ්ඩුව රටට කරපු කෙන් ගෙඩියක් නෑ.

අද උතුරේ බෙදුම්වාදී අන්තවාදයට ආණ්ඩුව ඔක්සිජන් සපයමින් සිටිනවා. රට බේරාගත් රණවිරුවන්ට බොරු චෝදනා ඉදිරිපත් කරලා හිරේ දානවා. හැබැයි කොටි නිදහස් වෙනවා. මහින්ද මහත්තය ඇතු`ඵ රණවිරුවන් බිලිගන්න හයිබී‍්‍රට් අධිකරණ හදන්න යනවා. බේදුම්වාදයට පණ දෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදලා ඒක මූලික නීතිය බවට පත් කර ගැනීමේ මෙහෙයුමක් ආණ්ඩුව දියත් කරමින් තියෙනවා. මේවා නතර නොකලොත් අපේ දරුවන්ටයි මේ රට අහිමි වෙන්නේ.

හොරු අල්ලනවායැයි කියමින් පුරසාරම් දෙඩු ආණ්ඩුව මහ දවල් මහ බැංකුව සුද්ධ කෙරුවා. අද රටම පොලිස් රාජ්‍යයක් බවට පත්වෙමින් තිබෙනවා. රටේ නීතිය වල් වැදිලා. මේ ආණ්ඩුව ගෙදර යවන්න කාලය හරි . දැන් බලනවා අපිව එක එක විදියේ තර්ජනය කිරීම් කරලා අපට එක එක විදියේ බාධා කිරීම් කරලා මේ සටන මොට කරන්න. යකාට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ. අපිට මොනවා කලත් අපි මේ ආණ්ඩුව ගෙදර යැවීමේ සටන නතර කරන්නේ නෑ. පාද යාත‍්‍රාව මේ ආණ්ඩුවට එරෙහි සටනේ හැරවුම් ලක්‍ෂයක්.

1994 දී 17 අවුරුදු එක්සත් ජාතික පක්‍ෂ සාපලත් ආණ්ඩුව පලවා හරින්න වෙඩි මුරය පත්තුකලේ මහින්ද මහත්තයා කොළඹ – කතරගම පාද යාත‍්‍රාවෙන්. ජන ඝෝෂා මිනිස් දන්වැල් කරලයි එදා ඒ ආණ්ඩුව එලවන්න කටයුතු කලේ. 2001 දී එක්සත් ජාතික පෙරමුනු ආණ්ඩුව එලවන්න පාද යාත‍්‍රා ආවා මහනුවර ඉදන් කොළඹට . හැමදාමත් යූ.එන්.පී. ආණ්ඩු එලෙව්වේ අපි ජන අරගලයක් හරහා මේ පාරත් අපි මේ ආරම්බ කරලා තියෙන්නේ ඒ ජන සටන. දැන් යූ.එන්.පී. ආණ්ඩුවත් දන්නවා මේ පාද යාත‍්‍රා කියන්නේ මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භය කියලා. මුක්කු ගහලා ඉන්න අපේ කටුසු ඇමතිවරුත් මේක දන්නවා. ඒ හින්දා තමයි දැන් ඔය බයේ වෙව්ලන්නේ. තාම වෙව්ලන්න පටන් ගත්තා විතරයි. පාද යාත‍්‍රාව 28 වෙනිදා පටන් අරන් මහනුවර ඉදලා කොළඹට එනකොට මේ ආණ්ඩුවට උණ සන්නිපාතය හැදෙනවා. ඒක ස්ථිරයි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.