Breaking
23 Feb 2025, Sun

මෙන්න නිවන් යන්න ගිය රණවකලාගේ අලුත්ම පිල්ලිය -සහය ඔනෑ නම් මන්ත්‍රිවරුන් 10 ඇමතිකම් 2ක් බාග 3ක් ඉල්ලයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තවදුරටත් සහය ලබාදිමට නම් මහා මැතිවරණයෙන් කවර ක්‍රමයකින් හෝ ජාතික හෙල උරුමයේ නියෝජිතයන් 10 දෙනෙකු පාර්ලිමේන්තුව ඇතුල් කිරිමට කෙසේ හෝ කටයුතු කලයුතු බවත් පාඨ්ලි චම්පික රණවක ඇතුලු තවත් දෙදෙනෙකුට කැබිනට් අමාත්‍යධුර සහ නියෝජ්‍ය හෝ රාජ්‍ය ඇමතිධුර 5ක් තමන් වෙත ලබාදිමට කටයුතු කලයුතු බව දන්වා තිබේ.

මහා මැතිවරණය,නව මැතිවරණ සංශෝධන පනත හා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එල්ල වි ඇති විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සදහා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික හෙළ උරුමයේ පාඨ්ලී ප්‍රමුඛ කණ්ඩායම මුණගැසුනු අවස්ථාවේ මෙම ඉල්ලිම කර තිබෙන බව අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

මේ අතර පසුගිය 4 වැනිදා ජනාධිපති කාර්යාලයේදී පැවති සිවිල් සංවිධාන හමුවකදි අග්‍රාමාත්‍යවරයා සහ ජාතික හෙළ උරුමයේ න්‍යාචාර්‍යවරයෙකු වන බන්දුල චන්ද්‍රසේකර අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව තිබේ. පාර්ලිමේන්තුව තුළ ප්‍රතිවිප්ලවයක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් එයට හෙළ උරුමය වැනි පක්ෂ තුල විරෝධතාවයක් එති බව අගමැතිවරයා පෙන්වා දි තිබේ.ඒ සමගම මේම වචන හුවමාරුව සිදුව ඇති බව වාර්තා වේ.

ප්‍රතිවිප්ලවය ඇතිවෙමින් පවතින්නේ රටතුළ හෝ පාර්ලිමේන්තුව තුළ නොව අගමැතිතුමා ප්‍රධානත්වය දරන කැබිනෙට්ටුව තුළ බව බන්දුල චන්ද්‍රසේකර පවසා තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.