Breaking
23 Feb 2025, Sun

නුගේගොඩ පැවති මහින්දාගමනය ජන රැළියෙන් භියට පත්වු රජය සිය දින 100 වැඩ පසෙකලා අමුතුම ආකාරයේ දඩයමක් ආරම්භකර තිබෙන බව රාජ්‍ය රහස්‍ය තොරතුරු අනාවරණය කරන LNW විශේෂ වාර්තාකරු අනාවරණය කර තිබේ.

නුගේගොඩ පැවති ආකරයෙම විශාල ජනතා රැළියක් මහින්දානන්ද අලූත්ගමගේ හා ලොහාන් රත්වත්තේ ප‍්‍රධානත්වයෙන් නුවරදී පැවැත්වීමට කර ඇති සැළසුමක් ගැන නව රජයේ දේශපාලන නායකයින්ට තොරතුරු ලැබී තිබේ.මෙහි අරමුණ වන්නේද මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂක ලෙස තෝරාගත යුතුව ඇතැයි ජනපති සිරිසේන මහතාට බල කිරීමය. නමුත් එම රැළිය නතරකිරිම සදහා නුගේගොධ රැළිය සදහා දායකත්වයන් ලබාදුන් පිරිස් මර්දණය කිරිම සදහා වැඩපිළිවෙළක් මේ වනවිටත් සකස් කරමින් සිටින බවද විශේෂ වාර්තාකරු අනාවරණය කරගෙන තිබේ.එම ක්‍රියාවලිය මෙහෙය විම සදහා බුද්ධි අංශ සාමාජිකයන් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කර ආරක්ෂක අමාත්‍යංශ උපදේශකයෙකුගේ යටතට පත්කර තිබේ.

නුගේගොඩ රැලියට ආධාර සැපයූ,බස් රථ සදහා ගෙවීම් සිදුකළ,අතුරුගිරියේ මුද්‍රණාලයක මුද්‍රණය කර ඇතැයි කියන පති‍්‍රකා සදහා මුදල් වැය කළ ව්‍යාපාරිකයින් දෙදෙනෙකුගේ තොරතුරු රජය සතු බවද වාර්තා වේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.