Breaking
5 Feb 2025, Wed

ශ්‍රී ලංකා රජයේ දින 100 වැඩ සටහන අසාර්ථක වී ඇති බව ලෝක ප්‍රකට ‘දි ඉකොනොමිස්ට්’ සඟරාව පවසා සිටියි.එසේ වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ නව රජය තුල හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල තම බලය තහවුරු කර ගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අසමත් වීම බව එම සඟරාව පෙන්වා දෙයි.

නව රජයේ දින 100 තුල ජනපතිවරයාට වැඩි කාලයක් වෙන් කිරීමට සිදු වූවේ ලබාගත් බලය සමතුලිත කරගැනීමට අදාළ ක්‍රියාමාර්ග ගැනීමට බව පවසන ‘ඉකොනොමිස්ට්’ සඟරාව මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස තේරී පත්වුවද මහින්ද රාජපක්ෂ මහතාට පක්ෂ ආධාරකරුවන් සිටින නිසා ඔහුට යම් වාසි සහගත තත්වයක් පක්ෂය තුල නිර්මාණය වී තිබෙන බව ද පවසා සිටියි.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය ඉවත් කරන ලෙස ඉල්ලා අත්සන් 113 කින් යුතු පෙත්සමක් කතානායකවරයා ට බාර දීමේ සිද්ධිය ඇති වී තිබෙන අසමතුලිත බාවය කෙරෙහි හොඳම නිදර්ශනයක් සපයන බව සඟරාව ප්‍රකාශ කරයි.

එමෙන්ම රාජපක්ෂ රජයට පාර්ලිමේන්තුව තුල තුනෙන් දෙකක බහුතර බලය හිමි වී තිබුනද වත්මන් රජයට තවම හැකි වී ඇත්තේ එයට අවංක නොවෙන කණ්ඩායම් වල වැඩ පිළිවෙලවල් පරාජය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පමණක් බව ද ‘ඉකොනොමිස්ට්’ හි මතයයි.

ඇති වී තිබෙන තත්වය පිලිබඳ ‘ඉකොනොමිස්ට්’ සඟරාව හා අදහස් දැක්වූ ආණ්ඩු පක්ෂයේ සාමාජිකයෙකු පවසා ඇත්තේ ආණ්ඩු පක්ෂයේ සිටිය ද තමන්ට තවම දැනෙන්නේ තමන් විපක්ෂයේ සිටින බව ය.

මෙම තත්වය තුල හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යාමට ජනපතිවරයා කටයුතු කරනු ඇති බවට ‘දි ඉකොනොමිස්ට්’ සඟරාව අනාවැකි පළකරයි.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.