Breaking
24 Feb 2025, Mon

මහින්ද,ගොඨා යුධ අධිකරණයට ගෙන යන්න ලක්ෂ 10ක පෙත්සමක්-යහපාලන ටොයියොත් සහය දෙයි

මහින්ද රාජපක්ෂ සහ ගොඨාභය රාජපක්ෂ වහාම යුධ අපරාධකරුවන් ලෙස ජාත්‍යන්තර යුධ අධිකරණයට ඉදිරිපත් කිරිමට ඒක්සත් ජාතීන්ගේ සංවිධානය වහාම කටයුතු කලයුතු බව පවසමින් අත්සන් දස ලක්‍ෂයක් ලබාගැනීමේ ව්‍යාපාරයක් රටින් බැහැර දෙමළ ඊළාම් රජය විසින් ආරම්භ කර තිබෙන බව ජාත්‍යන්තර ත්‍රස්තවාදය වැලැක්විම පිළිබඳව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රභල සමාජිකයෙකුව සිට අප වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

2015 අගෝස්තු මස ශ්‍රී ලංකාව පිළිබද වාර්තාව එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් විසින් සකස් කිරිමට නියමිත බවත් මෙම තත්වයේදී අත්සන් දස ලක්‍ෂයක් ලබාගැනීමේ ව්‍යාපාරය ජුලි මස 15 දිනට පෙර, අවසන් කිරිමේ අරමුණින් යුතුව ලංකාවේ මාධ්‍යයන්හි අනුග්‍රහය රටින් බැහැර දෙමළ ඊළාම් රජය ඉල්ලා ඇති  අතර රාජපක්ෂ විරෝධී වෙබ් අඩවි රැසක් මේ වනවිටත් එම ඉල්ලිමට සහය පලකර තිබේන බවද අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා. මෙම අත්සන් ව්‍යාපාරය හරහා මහින්ද,ගොඨාභය මෙන්ම 4වන ඊළාම් යුද්ධයේදි තින්දු ගත් සියලුම රණවිරුවන්ට එරෙහිවද කටයුතු කලයුතු බව ඉල්ලා තිබේ.

මේවැනි විශාල පෙත්සම සදහා අත්සන් ලබා ගැනිම උතුරේද මේ වනවිට ආරම්භ කර තිබෙන අතර ශ්‍රි ලංකා රජයේ ආරක්ෂක අංශ ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති බවද වාර්තා වේ.ඉතා සුක්ෂම ක්‍රමවේදයන් භාවිතා කරමින් දෛනිකව අත්සන් තබන පත්‍රිකා සියල්ල එදිනම සීග්‍රගාමි තැපෑල ඔස්සේ කැනඩාව බලා යවන බවද අනාවරණය වි තිබේ. 

මේ වනවිටත් අත්සන් ගැනිමේ විශේෂ පත්‍රිකා සහිත නියෝජිත කණ්ඩායම් කොළඹ,නුවර,කදුකරයේ ඇතුලු ප්‍රදේශ රැසකට යවා තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.