Breaking
23 Feb 2025, Sun

කයිය විතරක් ඇති රවී මාර්ග සංවර්ධන කොන්ත්‍රාත්කරුවන්ගෙන් 12.5 % කප්පම් ගහයි

රජයේ වියදම් සඳහා ප්‍රමාණවත් මුදල් නොමැතිවීම හේතුවෙන් රජය මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇතැයි මහා භාණ්‌ඩාගාර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. රාජ්‍ය සේවක වැටුප් ගෙවීමෙන් පසු අනෙකුත් බොහෝ වියදම් සඳහා මුදල් සොයා ගැනීමේ අර්බුදයකට රජය මුහුණ දී සිටින බවද වාර්තා වේ.

මෙම රාජ්‍ය මූල්‍ය අර්බුදය හමුවේ රජය වැඩි වැඩියෙන් ණය ලබා ගැනීමට යොමුවී තිබේ. එහෙත් දේශීය වෙළෙඳපොළෙන් මෙන්ම විදේශීය වෙළෙඳපොළෙන්ද ණය ලබා ගැනීමේ අසීරුතාවකට ද රජය මුහුණ දී සිටින බව එම මහා භාණ්‌ඩාගාර ආරංචි මාර්ගවලින් තවදුරටත් දැනගන්නට තිබේ.

මෙවර සිංහල අවුරුද්දට පෙර මාර්ග සංවර්ධන අධිකාරියහි යටතේ මාර්ග සංවර්ධන වල නියතුව සිටි කොන්තරාත්තු කරුවන් කැදවූ මුදල් ඇමති රවී කරුණානායක රජයෙන් ඔවුන් වෙත ගෙවීමට ඇති ගෙවීම් පිළිබඳව සාකච්චා කොට ඇත. සමහර කොන්තරාත්තු කරුවන්ට සිදුකල මාර්ග සංවර්දන වියාපෘති වලට රජයෙන් ගෙවිය යුතු මුදල රු. මිලියන 1000 කට අඩික විය.

මෙහිදී රවී කරුණානායක මොවුන්ට දන්වා ඇත්තේ මිලියන 200 කට වඩා මුදලක් හිමවියුතු කොන්තරාත්තු කරුවන් 12.5 % ප්‍රමාණයක්ද, මිලියන 200 අඩු මුදලක් හිමවියුතු ය 7.5% ආපසු රජයට ආපසු ගෙවිය යුතු බවත්ය. මෙයට අකමැති වූ බොහෝ අය ඇමතිවරයාට දැන්වා ඇත්තේ රජයෙන් ලැබිය යුතු මුදල මේ වනවිට පරක්කු වීම නිසා තමන්ට මුල්‍ය ආයතන වලට බලාපොරොත්තු නොවූ ආකාරයකට අධික පොලියක් ගෙවීමට සිදුවීමේ හේතුවෙන් තමන්ට හිමි විය යුතු මුදලින් සතයක්වත් ආපසු ලබා දිය නොහැකි බවය.

ඇමති බලකළ ආකාරයට රජයට වට්ටමක් (discount ) ගෙවීමට එකග වූ කොන්තරාත්තු කරුවන්ගෙන් අවබෝධතා ගිවිසුමකට (MOU) පසුව අත්සන් ගනු ලැබිය.

තමන්ට නිත්‍යානුකුලව ලැබිය යුතු මුදලින් කොටසක් කප්පන් කාරයන් සේ බලයෙන් ලබා ගැනීමට වෙර දරන මෙම රජය ගැන කලකිරුණු මෙම කොන්තරාත්තු කරුවන් රට වැටී ඇති අගතිය ගැන කතා කලේ මහත් දුකකිනි.

ජිනීවාහි පවත්වනු ලබන මානුෂික අයිතීන් රැකීමේ සමුළුවේදී 2009 සිට දෙමල ඩයස්පෝරාවේ මෙහෙයුමෙන් ශ්‍රී ලංකාවට විරුද්ධව එල්ලකරන මෙහෙයුම මස 6 කට කල් දැමීමෙන් පුරාජේරු දොඩන සිරිසේන තම රටට අවශ්‍ය නය මුදල්වත් තමාට හිතවත්ය කියන බටහිර රට වලින් ගැනීමට අපහොසත් වී සිටි.

දැනට ආර්ථිකව දැඩි පීඩනයකට ලක්ව සිටින ඇමරිකාව ඇතුළු බටහිර රටවල් වුවද නය ලබා ගන්නේ චිනයෙන්ය. යහපාලනයේ කට කැඩුණු ඇමතිවරුන්ගේ ප්‍රකාශ සහ චීන කොන්තරාත්තු කරුවන්ට සලකු අකාරයෙන් දැන් මොහුන්ට චිනයෙන්වත් නය ලබා ගත නොහැකි තත්වයට පත්ව ඇත. 

අපේ රටේ 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.