Breaking
23 Feb 2025, Sun

ජෙප්පන්ට වයර් මාරුවේ – දින 150න් මෛත්‍රී වසලයෙකු වෙයි

“ආණ්ඩුව කටයුතු කළ යුත්තේ ජනවරමේ හරයට අනුවයි. පැරණී දේශපාලන සෙල්ලම හරියන්නේ නැහැ. රටේ ජනාතාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය, යහපාලනය බලාපොරොත්තු වුණා. ඇමතිධුර තමන්ගේ පෞද්ගලික දේශපාලන වුවමනාවට යොදාගත යුතු නැති බව ජනතාව බලාපොරොත්තු වුණා. නමුත් පුදපු ගමන් කාපි යකා කියලා පරණ වැඩේම මේ ආණ්ඩුවත් පටන් ගත්තා. කළ යුතු දේ නොකර නොකළ යුතු දේ කරමින් ඉන්නවා යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඊයේ යහපාලනට දෙහි කැපිම ආරම්භ කළා.

 “මේ ආණ්ඩුව පොරොන්දු වුණා, තොරතුරු දැනගැනීමේ පනත සම්මත කරන්න. තවමත් එය සම්මත කළේ නැහැ. ඒ වගේම මන්තී‍්‍රවරුන්ට ආචාරධර්ම පද්ධතියක් ගේනවා කිව්වා. තාම ගෙනාවේ නැහැ. ජනතාවට පොරොන්දු වුණු ඒ දේවල් නොකර හිතන හිතන වෙලාවට ඇමතිධුර පත්කිරීම මේ ආණ්ඩුවේ ප‍්‍රමුඛ කාරණය වෙලා. තවමත් ව්‍යවස්ථාදායක සභාව පත්කරගන්න බැරිවෙලා තිබෙනවා. ස්වාධීන කොමිෂන් සභා පත්කර නැහැ. ඒවා නොකර මහින්දගේ ආණ්ඩුවේ ඇමතිධුර අරගෙන රට කාපු අයටම නැවතත් ඇමතිධුර දීලා රට පාලනය කරනවා. 08වැනිදා කිසිදු වෙනසක් වුණේ නැහැ වගේ රට දැන් පරණ පාරේම යනවා.”

“දැන් සිදුවෙන දේ රටට පැහැදිළි කළ යුත්තේ ජනාධිපතිවරයායි. ජනාධිපතිවරයා පොළොන්නරුවේ ගිහින් තමන්ගේ පාක්‍ෂිකයින්ට කියලා තිබුණා, ඡන්දයකට ලැහැස්ති වෙන්න කියලා. ඒ වගේම ජනාධිපතිවරයා විදෙස් නියෝජිතයින් කිහිප දෙනෙකුටම කියලා තිබුණා සැප්තැම්බර් මාසයේ අලුත් පාර්ලිමේන්තුවක් හදනවා කියලා. ඒ නිසා අපිට සැකයක් තිබෙනවා ජනාධිපතිවරයා තමන්ගේ පාක්‍ෂිකයින්ට ඇමතිකම් දීලා ඡන්දයකට ලැහැස්ති වෙනවාද කියලා. රටක ඇමතිධුර තිබෙන්නේ රටේ සමාජ, ආර්ථික, තත්වයන් ශක්තිමත් කිරීමට මිස දේශපාලන සෙල්ලම් කරන්න නෙවෙයි. ඒ වගේම ඇමතිධුර පාවිච්චි කරලා ඡන්දය දිනන්න යනවා නම් එය දේශපාලන සදාචාරයට පටහැණියි.

19වන සංශෝධනය සහ 20 අතර ලොකු වෙනසක් තිබෙනවා. 19 සංශෝධනයේ නිශ්චිතව යෝජනා කළේ ජනාධිපතිවරයාගේ බලතල ඉවත් කිරීමයි. එම විධායක බලතල කොතරම් දුරකට ඉවත් කරනවාද නැද්ද යන්න පිළිබඳ සංවාදයක් තිබුණා. ජවිපෙ යෝජනා කළේ සම්පූර්ණයෙන් ඉවත් කරන්න. නමුත් හෙළ උරුමය වගේ පක්‍ෂ යම් බලතල ප‍්‍රමාණයක් තබා ගන්න අරගල කළා. එම සාකච්ඡාවේදී ජනාධිපති බලතල මුළුමනින් ඉවත් කරගන්න නොහැකි වුණේ ශී‍්‍රලනිපයේ සහ හෙළ උරුමයේ බලපෑම් නිසයි. නමුත් එහි නිශ්චිතව යෝජනා වුණේ ජනාධිපති බලතල සම්බන්ධයෙනුයි. නමුත් 20 සංශෝධනයෙන් යෝජනා වෙන්නේ අලුත් මැතිවරණ ක‍්‍රමයක් ගැනයි. එවිට මැතිවරණ ක‍්‍රම ගොඩක් තිබෙන්න පුළුවන්. ඒ නිසා එය සංකීර්ණයි.

උදාහරණයක් කිව්වොත් කවුරු හරි යෝජනා කරනවා, සතෙක් හදමු කියලා. ඒ සතා පූසෙක්ද, බල්ලෙක්ද, කොටියෙක්ද, සර්පයෙක්ද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා මොකක් හෝ නිශ්චිත දෙයක් ඉදිරිපත් කළ යුතුයි. සාකච්ඡාව මතුවුණේ මනාප ක‍්‍රමය අහෝසි කළ ආසනයට මන්තී‍්‍රවරයෙක් ඉන්න මිශ‍්‍ර ඡන්ද ක‍්‍රමයක්. ඒක තමයි වඩා හොඳ. එහි තිබුණු අඩුපාඩුවලට අපි යෝජනා ඉදිරිපත් කළා. එසේ තිබියදී වෙන එකක් ගේනවා. ඒ නිසා තමයි අපිට සැකයක් මතුවෙලා තිබෙන්නේ 20වෙනි සංශෝධනය සම්මත කරගන්න වුවමනාවක් තියෙනවාද කියලා.

“ලක් දනට බන කියන, මොක් පුරට මග සදන පැලවත්තේ ගොං පොට් එක” ලගදිම බලාපොරොත්තු වන්න 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.