Breaking
24 Feb 2025, Mon

150කට උතුරට දුන්නු තෑග්ග හමුදා කඳවුරු 59ක් ඉවතට -අක්කර 12901ක් බෙදුම්වාදීන්ට – ඊළාම් රාජ්‍ය මහින්ද නිසා කොට උඩලු!

බෙදුම්වාදීන්ගේ ඡන්ද හරහා බලයට පත් යහපාලනය පසුගිය දින 150ක කාලය තුල යාපනයේ දිස්ත්‍රික්කයේ පැවැති හමුදා කඳවුරු 59ක් මේ වන විට සම්පුර්ණයෙන්ම ඉවත්කොට දමා තිබේ.ඒ අනුව යාපනයේ ආරක්ෂාව මේ වනවිට සම්පූර්ණයෙන්ම හමුදාවේ වගකිමෙන් නිදහස් වි තිබෙන් බවයි වාර්තා වන්නේ.මීට අමතරව හමුදාව යටතේ තිබූ ඉඩම් අක්කර 12901ක් ද නිදහස් කිරිමට කටයුතු කර තිබේ.

මේ අතර දෙමළ ජනතාවගේ ආක්‍රමණය කල ඉඩම් කඩිනමින් නිදහස් කල යුතු බව දින 100 වැඩපිළිවලේ පැහැදිලිව සඳහන් කර තිබුණ බවත් එය පූර්ණ ලෙස ක්‍රියාවට නැංවිමට තවමත් හමුදාව බාධා ඇතිකරමින් කටයුතු කරන බව තමිලරසු පක්‍ෂයේ නායක මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කර තිබේ.

උතුරේ හමුදා සම්පුර්ණයෙන් ඉවත් කිරිම සදහා ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පසුගිය 8 වැනිදා අක්කරෙයිපත්තු ශ්‍රී අම්බි‍යඩි පිල්ලෙයාර් කෝවිල් පරිශ්‍රයේදී පැවති සාකච්ඡාවකදි මාවෙයි සේනාධිරාජා “ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් ඇතිකර, හමුදා පාලනය ඉවත්කර, අපගේ ජනවාර්ගික ගැටළුව, ඉඩම් ගැටළුව ඇතුළු අනෙකුත් ගැටළු වලට විසඳුමක් දැකිය යුතුය යන අරමුණින් අපගේ සියළු ජනතාව ඡන්දය ප්‍රකාශ කර ආණ්ඩු පෙරළියක් සිදුකලා” යනුවෙන්  අනාවරණය කර තිබේ.

“දැන් අපි යලිත් අනතුරේ …මොකද ඊළාම් රාජ්‍ය පිහිටුවිමට අපට ඇති එකම බාදකය වන මහින්ද රාජපක්ෂ යලිත් මෙ රටේ බලය අල්ලගෙන ….අපි යහපාලනය හරහ ගොඩාක් දෙවල් ගත්තා…නමුත් දැන් ඒ හැමදේම නතර වෙලා…අපී ඉන්දියාව සමග කතා කළා උදවු ඉල්ලුවා නමුත්…දැන් අපි යලිත් අනතුරක…දැන් අපිට තියෙන්නේ ජාත්‍යන්තරය ගැන විශ්වාසයක් විතරයි….”

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.