Breaking
6 Feb 2025, Thu

මැයි 18 කොටි ඩයස්පොරාව ජොගී නටයි!

ඊළාම් විමුක්ති සටනේ අවසානය මුල්ලිවායික්කාල් නොවන බවත් එය එම සටනේ ආරම්භය බවත් දැන් එම සටන ජය ගැනිමේ කාලය පැමිණ ඇති බව පවසමින් එදා මහින්ද රාජපක්ෂ රජයේ විර හමුදා සෙබළුන් මුල්ලිවායික්කාල් වලින් අවසන් කල ප්‍රභාකරන්ගේ සටන යලිත් ආරම්භ කිරිමට කාලය පැමිණ ඇති බව පවසමින් කොටි ඩයස්පොරාවේ ජාත්‍යන්තර එකකය මැයි 18 වැනිදා විවිධ ක්‍රියාකාරකම් වල යෙදිමට සුදානමින් සිටි.

“”මාතෘ භූමිය, තමිල්නාඩුව සහ සරණාගතව ජීවත්වන දෙමළ ජනතාව විසින් අඛන්ඩව සටන් කිරීම හේතුවෙන්, මේ වනවිට ජාත්‍යන්තර ප්‍රජාවේ දෑස් විවර වී ඇත. ‘අඛණ්ඩව සටන් කරමු. ජාත්‍යන්තර ප්‍රජාව අවදි කරමු. කොන්කර ඇති දෙමළ ජනතාවට විමුක්තිය ලැබෙන තුරු සටන් කරමු’ “”

ශ්‍රී ලංකාවේ සිංහල ජාතිවාදීන් විසින් වහල්භාවයට පත්කර ඇති දෙමළ ජනතාවට යහපත් ජන ජීවිතයක් ගතකිරීමට ජාත්‍යන්තර ප්‍රජාව අවශ්‍ය කටයුතු සලසාදෙන මෙන් ඉල්ලා සිටිමින් Düsseldorf යන නගරයේ ප්‍රධාන දුම්රිය ස්ථානයෙන් ආරම්භ කරන මෙම විරෝධතා පෙළපාලිය, ජර්මනිය පාර්ලිමේන්තුව දක්වා ගමන් කිරීමට නියමිතය.

ජාත්‍යන්තර ප්‍රජාව විසින් දෙමළ ජාති ඝාතනය පිළිබඳව ජාත්‍යන්තර ස්වාධීන පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බවත්, දෙමළ ඊළාම් ජනතාවට තම දේශපාලන අභිලාශයන් ඉදිරිපත් කිරීමට හැකි අන්දමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීමකින් ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත්, එයට සරනාගතව ජීවත්වන දෙමළ ජනතාවට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්තාවක් සලසාදෙන මෙන් ඉල්ලා සිටිමිනුත් මෙම විරෝධතා පෙළපාලිය පැවැත්වීමට නියමිතය.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.