Breaking
5 Feb 2025, Wed

බෙදුම්වාදීන් උතුරේ කරණම් ගසයි – මැයි 18 වැනිදාට LTTE දෙවන පෙළ නායකයා උතුරේ රැළියක!

බෙදුම්වාදී රනිල්-මෛත්‍රී-චන්ද්‍රිකා හවුල හරහා ශක්තිමත්වු කොටි ත්‍රස්තවාදීන් දකුණේ පවතින් අස්ථාවර දේශපාලන තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් ඊළාම පිහිටුවිම වෙගවත් කරමින් සිටින බව ජාත්‍යන්තර ත්‍රස්තවාදය වැලැක්විම පිළිබඳව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රභල සමාජිකයෙකුව සිට අප වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

මුල්ලිවායිකාල්හිදී ජාති ඝාතනයට ලක්වූවන් සිහිකිරීම මෙවර මහා පරිමාණයෙන් කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන උතුරු පළාත් සභා මන්ත්‍රී කේ.ශිවාජිලිංගම් ජාත්‍යන්තර සංවිධාන සහ කොටි ඩයස්පොරාවෙන් ඉල්ලිමක් කර ඇති අතර සැඟවී සිටින දෙවන පෙලේ ප්‍රභල ත්‍රස්තවාදී නායකයෙකු එම සිහිකිරිමේ රැස්විමට පැමිණිමට නියමිත බවද ඔහු අනාවරණය කළා.

19 වන හෝ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ඊළාම් මාතෘ භුමියට වැදගත් නැති බවත් අප මාතෘ භුමියේ ව්‍යවස්ථාව වෙනස් එකක් බවද  උතුරු පළාත් සභා මන්ත්‍රී කේ.ශිවාජිලිංගම් ජාත්‍යන්තරයට යැවු ලිපියේ සදහන් කර තිබේ.

“වත්මන් ජනාධිපති යුද අපරාධකරුවෙකි. යුද්ධය අවසන් අදියරේදී ඔහු නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත. ඒ අනුව ඔහුද ඝාතකයෙකි. යුද අපරාධ සම්බන්ධයෙන් මහින්ද අයියා නම් ‍මොහු මල්ලීය. මැතිවරණයට පෙර, සරණාගත දෙමළ ජනතාවගේ සංවිධාන හමුවී සහයෝගය ඉල්ලා සිටි අවස්ථාවේදී රැදවියන් නිදහස් කිරීම, ආක්‍රමණය කරගෙන සිටින ඉඩම් නිදහස් කිරීම යනාදිය කරන බවට පොරොන්දු වී තිබුණි.”

“ගතවූ වසර 05 ක කාලය තුල ආක්‍රමණය කළ අක්කර ලක්‍ෂයකින් අක්කර දහසක් පමණක් මේ වන විට නිදහස් කර ඇත. දේශපාලන රැදවියන් 300 ක් පමණක් සිටින බව ප්‍රකාශ කරයි. රහසිගත කඳවුරු නැති බව ප්‍රකාශ කරයි. යුද අපරාධකරුවෙකු වන සරත් ෆොන්සේකාට එක් දිනකින් මාර්ෂල් ධූරය ලබාදෙන මොවුන් අපගේ තරුණයින් නිදහස් කිරීමට කාලය අවශ්‍ය බව ප්‍රකාශ කරයි”

1983 වසරේදී මඩකලපු සිරගෙදරින් පලාගොස් ඉන්දීය රෝ බුද්ධි සේවයේ සහය මත මෙරටට පැමිණ 1988 දෙසැම්බර් සිට 1990 මාර්තු දක්‌වා උතුරු නැගෙනහිර මහ ඇමැති ලෙස පත්ව උතුරු නැගෙනහිර දෙපළාත ඊළාම් රාජ්‍ය බවට ප්‍රකාශ කළ වර්ධරාජා පෙරුමාල් හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ සහය ඇතුව පසුගිය 17 වැනිදා නැවතත් උතුරට පැමිණ තිබේ.

ඉන්දියාවේ ඔරිස්‌සා ප්‍රාන්තයේ වාසය කරන වර්ධරාජා පෙරුමාල් වසර 25ට පසු පසුගිය අප්‍රියෙල් 17 යාපනයට පැමිණ මහ ඇමැති විග්නේශ්වරන් සමඟ රහස්‌ සාකච්ඡාවක්‌ පවත්වා ඇත. ඊ.පී.ඩී.පී. සංවිධානයේ සුන්දරම් හා ශිවන්දිරන්ද එකී සාකච්ඡාවට සහභාගි වූ බව වාර්තා වේ. අනතුරුව නල්ලූර්හි අප්‍රේල් 17 දාම පැවති ජන හමුවකට සහභාගි වූ වර්ධරාජා පෙරුමාල් තමා යළි දේශපාලන කටයුතුවල නිරත වන බව පවසා ඇත.

එමෙන්ම දැනට උතුරේ වැඩි ප්‍රමාණයක රජයේ හමුදාව සිටීම උතුරේ ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතයට භාධාවක් බවද හෙතෙම පවසා තිබේ. ඊට අමතරව යාපනයේ සිටින නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස්‌ කාර්යාලයේ සාකච්ඡාවකටද පෙරුමාල් සහභාගි වී ඇතැයිද වාර්තා වේ. කෙසේ වෙතත් වර්ධරාජා පෙරුමාල් නියෝජනය කළ ටී.යූ.එල්.එෆ් නියෝජනය කරනා පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මහතා මීට විරෝධය පලකරමින් මෙම සාකච්ඡා සඳහා සහභාගී වී නොමැත. 

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.