Breaking
5 Feb 2025, Wed

19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරනවා…. 19 හකුලන්න මහින්ද තුනෙන් දෙකක බලයක් ඉල්ලයි…

Published on: Jun 22, 2020- 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරිමට කටයුතු කරන බව මහින්ද රාජපක්ෂ පවසනවා.කුරුණෑගල දිස්ත්‍රික්කයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙ රැස්විමකට එක්වෙමිනුයි මහින්ද රාජපක්ෂ මේ බව සදහන් කර ඇත්තේ…

“අපෙන් පෞද්ගලිකව පළිගැනීම සදහා ගෙන ආ 19 වැනි සංශෝධනය අද විහිලු ව්‍යවස්ථාවක් බවට පත්වෙලා තියෙනවා. ඒ නිසා මේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට මැතිවරණය ඉතා ඉහලින් ජයග්‍රහණය කරවා තුනෙන් දෙකක බලයක් ලබාදීමට ජනතාවට තියෙනවා”

“දැන් මේවා ලියපු ඉදිරිපත් කරපු අයම කියනවා මේ ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනෙ කියලා. අද තමුන්ණාන්සේලා මට වඩා හොදට දේශපාලනය දන්නවා. එදා වගේ නෙමෙයි හැමදෙනෙක්ම ඉතා සංවේදීව හොද අවබෝධයකින් ඉන්නවා.”

“තමුන්ණාන්සේලා දන්නවා 2015 දී අපි පැරදුනායින් පස්සේ මේ රටේ ඇතිවූ තත්වය. ඒ අවුරුදු පහ තුල රටේ සංවර්ධනය සම්පූර්ණයෙන්ම අඩපණ වෙලා ගියා. අපි ගෙනාපු සංවර්ධනය ශක්තිමත් ආර්ථිකය කඩා වැටුනා. අපිට ආපහු බාරදුන්නේ කැඩිලා වැටිච්ච ණය වෙච්චි ආර්ථිකයක්. ඒ නිසා මේ තත්වයේ වෙනසක් ඇති කරන්න අපි දැන් සූදානම් වෙලා තියෙනවා. ඒ යුගයේදී ආර්ථිකය කඩාවැටීම නිසා විරැකියාව වැඩිවුණා. රටේ හැම අංශයකම දුර්වලතාවයක් පෙන්නුවේ පසුගිය වසර පහ තුල. පාරවල් ටික, වැව් අමුණු හදන එක විතරක් නෙමෙයි සම්පූර්ණ සංවර්ධනයම නැවතුනා. ඔවුන්ට ඒ සදහා විසදුම් තිබුණේ නැහැ. අඩුම වශයෙන් වන අලි ගැටලුව විසදීමටවත් ඔවුන් කටයුතු කලේ නැහැ. ඒ අලිමිනිස් ගැටුම නැවැත්වීමට පියවර ගන්න ඔවුන්ට ශක්තියක් තිබුණේ නැහැ . මේ තත්වය යටතේ තමයි අපි මේ පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන්නේ.”

“ජනාධිපතිවරණය අවසන් වුනත් පාර්ලිමේන්තුවට වසර හතර හමාරක් යනතුරු විසුරුවන්න පුලුවන් කමක් තිබුණේ නැහැ. අපි ආණ්ඩුවක් පිහිටෙව්වත් ඉදිරියට යන්න පුලුවන් කමක් තිබුණේ නැහැ. විපක්ෂයට වැඩියි. අපි මුදල් පනතක් ගේන්න උත්සාහ කල හැම වෙලාවකම විපක්ෂය ඒක පරාජය කරන්න බලනකොට අපිට පසුබහින්න සිදුවුණා.”

“අපි දැක්කා පහුගිය ආණ්ඩුවේ ජනාධිපතිවරයා එක පක්ෂෙක ඉන්නකොට අගමැතිවරයා අනෙක් පක්ශයේ ඉන්නකොට ඇතිවුනු තත්වය. ජනාධිපති කියනදේ අගමැති කරන්නේ නැහැ . අගමැති කියනදේ ජනාධිපතිවරයා කරන්නේ නැහැ. ඒ නිසා ඒ තත්වය නැවත ඇතිකරන්න පුලුවන් කමක් නැහැ.”

“ජනාධිපතිවරයාට නිදහසේ වැඩකටයුතු කරගෙන යා හැකි ජනාධිපතිවරයා නියෝජනය නියෝජනය කරන පක්ශයේ සහයෝගය දක්වන ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි. එහෙම නැත්නම් මේ හේතුවෙන් බැටකන්නේ අවසානයේ ජනතාව. ඒක තමයි ඇත්ත කතාව.”

#MahindaRajapaksa

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.