All

යහපාලන කුමන්ත්‍රණය මෙන්න -19 හරහා බුද්ධාගම අත්හරි! (Video)

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9වන වගන්තිය “ශ්‍රි ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය.” යන්න වක්‍රව ගැටුමක් ඇතිකර වෙනස් කිරිම හරහා බුද්ධාගමට  ලබාදි තිබෙන ස්ථානය නැතිකිරිමට යහපාලකයන් සුදානම් වන බව මහජන එක්සත් පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කරන අනාවරණයෙන් පැහැදිලි වේ.

“මේ අය දැන් ආණ්ඩුක්‍රමයක් ගෙනල්ලා. හදිසියේම ආණ්ඩුක්‍රමය වෙනස් කරන්න කියල. මේ ආණ්ඩුක්‍රමය මොකක්ද කියල රටේ තාම දන්නෙ නෑ. මහජනයට හොරෙන් ආණ්ඩුක්‍රම සම්මත කරන රටක් ලෝකෙ නෑ. 
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය කියන්නෙ බුද්ධශාසනය ආරක්ෂ කිරීමට රජය බැඳී සිටිනවා. එයට අත තැබිය නොහැක. අත තැබිය හැක්කේ ජනමත විචාරණයකින් පමණයි.”

“දැන් මේ වගන්තිය වෙනස් කරන්න බැරි නිසා වෙන වගන්තියක් වෙන තැනකින් ආණ්ඩුක්‍රමයට දාලා ආණ්ඩුක්‍රමයේ සම්බුද්ධශාසනයට තියෙන අයිතිය නැති කිරීමේ කුමන්ත්‍රණයකට අද ආණ්ඩුක්‍රම පනත යෝජනා කර තිබෙනවා.” 

අධිරාජ්‍යවාදීන්ට සහ බෙදුම්වාදීන්ට අවශ්‍යම කොඳු නාරටිය බදුවු අපගේ සංස්කෘතිය විනාශ කිරිමේ එකායන අරමුණ් යහපාලකයන් විසින් ඉටුකරමින් සිටින බව දැන් ඉතා පැහැදිලිය……

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top