Breaking
24 Feb 2025, Mon

19 පැරදුණුනොත් බලාගෙනයි- චන්ද්‍රිකා ශ්‍රිලනිපයට තර්ජනය කරයි!

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනිම  සදහා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ හොරගොල්ල වලව්වේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක එමින් තිබෙන බව එහි සිටින අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.හොරගොල්ල වලව්වට මේ දිනවල දිනකට අවම තරමේ හෙලිකොප්ටර යානා 5ක් වත් පැමිණිම සමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇති බවත් එම හෙලිකොප්ටර යානා යොදා ගමිනිම් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් සහ ආණ්ඩුව සමග සම්බන්ධ වු ඇමතිවරුන් ගෙන්වා ඔහුන්ට තර්ජනාත්මක ස්වරූපයෙන් කතා කරන බවයි අප වාර්තාකරු සදහන් කළේ.

19 පැරදවිමට කටයුතු කලහොත් වෙන දේ බලාගන්න පුලුවන් යනුවෙන් පවසමින් චන්ද්‍රිකා විවිධ කතා කියා තිබේ.

පසුගිය කාලසිමාවේ රාජපක්ෂ ආණ්ඩුව පෙරළිමට දායක වු බව කියමින් තැන තැන පුරසාරම් දොඩන කිහිපදෙනකුද චන්ද්‍රිකාගේ සහයට සිටින බවද වාර්තා වේ.

මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධයෙන් වූ විසිවැනි ව්‍යවස්ථා සංශෝධනය, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සමඟ එකට ඉදිරිපත් කළ යුතු බවට සන්ධානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ එකඟත්වයකට පැමිණ තිබියදිත් රනිල් වික්‍රමසිංහගේ උවමනාව මත වහාම  19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පමණක් හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කර ගැනිමටද තිරණය කර තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.