Breaking
23 Feb 2025, Sun

ජනමත විචාරනයකින් තොරව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරන්න බෑ -ශ්‍රේෂ්ඨාධීකරණය

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනයේ දී ජනමත විචාරයකින් තොරව සම්මත කර ගත නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තිරණය කර තිබෙන බව අප ආරක්ෂක තොරතුරු වාර්තාකරු පවසයි. 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධීකරණයේ තීන්දුව කථානායකවරයා වෙත අද දැනුම් දී තිබෙන අතර පාර්ලිමේන්තුවේ 2/3ක එකඟතාවය මෙන්ම ජනමත විචාරනයකින් තොරව සම්මත කල නොහැකි බව දන්වා තිබේ.

19වැනි සංශෝධනය පිළිබඳ පෙත්සම් 19ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනුවී තිබූ අතර ඉකුත් අප්‍රේල් 1,2සහ 6 (අද) තෙදිනක් පුරා මෙම පෙත්සම් විභාගය අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, චන්ද්‍රා ඒකනායක සහ ප්‍රියසාත් ඩෙප් යන පිරිසගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනුණි.

අගවිනිසුරුවරයා වැඩිදුරටත් සඳහන් කළේ කැබිනට් මණ්ඩල තීරණයක් සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ජාතික සමගියේ සංකේතයක් ලෙස ජාතික කොඩිය පිළිගෙන තිබියදී ඊට ජනාධිපතිවරයා ආදේශ කිරීම ගැට‍ළු සහගත බවයි.

කෙසේ නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තිරණයට වෙනස් නොකර එයට හිස නැමිමට යහපාලකයන් කටයුතු කලහොත් කුමන්ත්‍රණකාරී ආකරයට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සම්මත කරගැනිමට අග්‍රාමාත්‍යවරයා ඇතුලු බෙදුම්වාදී කල්ලිය ගත් උත්සහය මේ හරහා නතර වනු ඇත.

මේ අතර 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනීම කල් දමන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටි බව විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. පාර්ලිමේන්තුවේ දී අද පෙරවරුවේ පැවති පක්‍ෂ නායක රැස්විමේ දී  තමන් මෙන්ම විපක්‍ෂයේ පක්‍ෂ කිහිපයක නායකයින් මෙම ඉල්ලීම ඉදිරිපත් කළ බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විපක්‍ෂ නායකවරයා කියා සිටියේ. 

අදාල පනත් කෙටුම්පත ගැසට් පත‍්‍රයේ පළ කිරීමෙන් පසු තවත් සංශෝධන සිදුකර ඇති බවයි. එබැවින් ශ්‍රේෂ්ඨාධීකරණයේ මතය විමසීම නීත්‍යානුකූලව සිදුව නොමැති බව නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළා.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.