Breaking
1 Feb 2025, Sat

2014 ජනාධිපති අපේක්ෂක කම අතහැරිමේ ප්‍රතිවිපාකය එජාපය දැන් විදිනවා – ෆොන්සේකාගේ සහයට තිස්සත් එයි

එක්සත් ජාතික පක්ෂය සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගනයේදි පැවැති මැයි දින සැමරුමේදී ඇමැති සරත් ෆොන්සේකා මහතා කල කතාව දැක මෙම සටහන ලියන්නට මම හිතුවා

සරත් ෆොන්සේකා මහතා කියා ඇති කතාවේ හරය නම් මෛත්‍රී ජනාධිපති ලෙස පත්කර ගැනිම වැරදි දෙයක් බවත් ඉදිරි ජනාධිපතිවරනයේදි අවශ්‍ය වන්නේ පොදු අපේක්ෂකයෙක් නොව එජාප අපේක්ෂකයෙක් බවය.

එම කතාව බෝහෝ දෙනෙකුට දැන් දැන් වැටහිම ගැන සතුටුය.මම මේ කතාව කිව්වේ 2014 දෙසැම්බර මාසයේදි සිරිකොතදි ප්‍රසිද්ධයේය .(මා විසින් මේ ගැන රනිල් වික්‍රමසිංහ මහතාට ලියු 2014/12/8 ලිපියේ පැහැදිලිව ලියා තිබේ)

මා එදා එජාපය ගත් මෙම තිරනය වැරදි බව කියන විට සමහරුන් මට අවලාද නැගුහ .තවත් සමහරු මට දෝශාරෝපනය කලේය සමහරුන් මට කුමන්ත්‍රණ කරුවෙකුයැයි චෝදනා කලේය මට පක්ෂය තුල සිටිය නොහැකි ලෙස පල නොකියා පලා බෙදන තත්වයකට පත් කලේය.

එජාපයේ නායකයකු ජනාධිපති අපේක්ෂක කිරිමට අවශ්තාව තිබියදි එය මග හැර ගියේ අවස්ථාවාදීන් කිපදෙනෙකු ඒ වනවිටත් පක්ෂය ගිලගෙන සිටි නිසාය එදා මා කියු යතාර්ථය තේරුම් ගත්තේ නම් මෙවැනි පිඩනයකට එජාපය හා පාක්ෂිකයන් පත් නොවනු ඇත.

එජාපයේ බිම් මට්ටමේ බහුතරයක් එජාප නායකයන් එදා ගත් මෙම වැරදි තිරනය ගැන පසුතැවිලි වන බව රහසක් නොවේ .එජාපයට වසර 24 රටේ ජනාධිපතිවරයෙකු බිහිකර ගැනිමට නොහැකවුනේ මෙවැනි අවස්ථාවාදි තිරනයන් නිසාය.

මාගේ මෙම සටහන දැක එජපයේ යැයි කියා ගන්නා අවස්ථාවාදින් මට මඩ අපහාස කරන්නට මඩගසන්නට නොයෙක් දෑ පල කරන්නට පුලුවන එහෙත් ඇත්ත කතාව නම් 2014 ජනාධිපති අපේක්ෂක කම එජාපය අතහැරිමේ ප්‍රතිවිපාක වලට දැන් එජාප මුහුනදි තිබේ .

 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.