Featured

2017 ලංකාවට තීරණාත්මක වසරක් මහින්ද නිවේදනයක් නිකුත් කරමින් කියයි

2017 වසරේදී ශ්‍රී ලංකාවේ අනාගතය තීන්දු වෙනු ඇත.  රට ‘වෙනම බල ප්‍රදේශ’ වලට වෙන් කිරීමට ගෙනවිත් තිබෙන බලය බෙදීමේ පැකේජයත්, ඉන්දීය සේවා සපයන්නන්ට හා සේවකයන්ට ලංකාව විවෘත කරන එට්කා ගිවිසුමත්, හම්බන්තොට වරාය හා වෙනත් රජයේ දේපොල විජාතිකකරණය කිරීමත්, 2017 වසර තුළ ආණ්ඩුව විසින් සිදුකිරීමට නියමිත විනාශකාරී වෙනස්කම් වලින් කිහිපයක් පමණි. මේ සියල්ල එන්නෙ පසුගිය වසර දෙක ඇතුළත සිදු වූ ආර්ථික අවපාලනය, වර්ධන වේගයේ කඩා වැටීම, විදේශ සංචිත බිඳ වැටීම, රුපියලේ අවප්‍රමාණය, බදු වැඩිකිරීම්, පොලී අනුපාත වැඩිවීම, බඩු මිල වැඩිවීම හා පෙර නොවූවිරූ ආකාරයට ජාතික ණය බර වැඩිවීම මධ්‍යයේය.

එජාප විරෝධී, ආණ්ඩු විරෝධී ප්‍රතිපත්තියක් මත පාර්ලිමේන්තුවට තේරී පත්වී පසුව එජාප නායකත්වය යටතේ ආණ්ඩුවට එක්වුණු ශ්‍රිලනිප මැති ඇමතිවරුන්ගෙන් ඇතැම් අය දැන් තම හෘද සාක්‍ෂිය සමඟ විශාල පොරබැදීමක් කරන බව මට පෙනේ. අද එම කණ්ඩායම ඒ පැත්තට මේ පැත්තට දෝලනය වේ. බැදුම්කර සිද්ධිය ගැන අර්ජුන මහේන්ද්‍රන්ට දොස් පවරන අතර ඔවුන් අගමැතිවරයා ආරක්‍ෂා කරයි. එජාපය ප්‍රසිද්ධියේ විවේචනය කරන අතර ඔවුන් VAT පනතටත්, අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනතටත්, අයවැයටත් පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කරයි. ආණ්ඩුවේ සුපිරි ඇමති පනත පරාජය කිරීමට විපක්‍ෂයට සහයෝගය දක්වන අතර, ඔවුන් අනෙක් අතට බලය බෙදීමේ පැකේජයට සහයෝගය දක්වයි. මේ තීරණාත්මක අවස්ථාවේදී අනෙක් සියළුම දේට වඩා, අපේ රටේ අනාගතය ගැන ඔවුන් සිතිය යුතුය.

තමන් සමඟ ආණ්ඩු කරන වෙනත් පක්‍ෂ හා ඇමතිවරුන් ගැන මොන ප්‍රසිද්ධ විවේචනයක් කලත්, ආණ්ඩුවේ ඇමතිකම් දරමින්, ආණ්ඩුව සමඟ වැදගත් අවස්ථාවලදී  පාර්ලිමේන්තුවේ ඡන්දය පාවිච්චි කරන හැමෝම සිටින්නේ ආණ්ඩුව සමඟය. ආණ්ඩුව ගැන කළකිරී සිටින මැති ඇමතිවරුන් ශ්‍රිලනිප ආණ්ඩු පාර්ශවයේ මෙන්ම එජාපයේද සිටි. ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් තීන්දු කරන දිනක මේ සියළුම පිරිස්වලට ආණ්ඩු විරෝධී බලවේගයේ දොර විවෘත වෙනු ඇත. එන්න එන්නම පිරිහෙන මේ ආණ්ඩුව යටතේ අපේ රටේ සෛවරී භාවයත්, භෞමික අකණ්ඩත්වයත් 2017 වසරේදී ඉතා අවිනිශ්චිත තත්වයකට පත් වෙනු ඇත. නව වසරේ පළමු සතියේ සිටම එන අභියෝගවලට මුහුණ දීමට ශ්‍රී ලංකාවේ ජනතාවට ශක්තියත්, ධෛරයත් ලැබේවායි මම ප්‍රාර්ථනා කරමි.

මහින්ද රාජපක්‍ෂ

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති 

2017 will be decisive for Sri Lanka

2017 will be the year in which the future of Sri Lanka will be decided. The government’s devolution package to divide the country into what they call ‘distinct spheres of authority’, the ETCA with India to open up Sri Lanka to Indian service providers and workers, the privatisation of the Hambantota harbour and other government owned assets, are just some of the unwelcome changes that the government has planned in the new year. All this will come on top of the gross economic mismanagement,  declining growth rate, declining foreign reserves, the deteriorating exchange rate, increased taxation, increased interest rates, increasing inflation and a phenomenal increase in the national debt that we have seen over the past two years.

The SLFP members in the government who were elected to parliament on an anti-UNP, anti-government platform, but have since joined the UNP led government, now appear to be engaged in a struggle with their conscience. Uncertain of the correct path to take, they keep vacillating. While condemning Arjuna Mahendran over the bond scam they defend the Prime Minister. They criticise the UNP in public but vote with them on the VAT Bill, the Office of Missing Persons Bill and the Budget. They cooperate with the Joint Opposition to defeat the ‘super minister’ Bill, but at the same time they cooperate with the UNP on the devolution proposals. At this decisive moment, they should be mindful of the future of the country above everything else.

Those who hold portfolios and vote with the government on important matters, are members of the government despite any criticism they may make in public about other political parties and ministers in the government. There are many Ministers and MPs in the SLFP group as well as the UNP who are genuinely perturbed by what the government has been doing.  When the leaders of the Joint Opposition so decide, the doors of the anti-government coalition of forces will be thrown open to all such individuals. The sovereignty and territorial integrity of our motherland and the fate of future generations will hang in the balance in 2017 under this increasingly dysfunctional government. May all citizens of Sri Lanka have the courage and strength to meet the challenges that lie ahead from the first week of January onwards.

Mahinda Rajapaksa

Former President of Sri Lanka

 

Top