Featured

2020දි රනිල් ජනපති ….මම අගමැති ….ඔබට සතුටුයිද දැන්

2020 පසුව රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනපති වන බවත් තමන් අගමැතිවරයා ලෙස කටයුතු කිරිමට බලාපොරොත්තු වන බවත් ඒ නිසා කිසිදු කුමන්ත්‍රණයක් කිරිමෙන් වැඩක් නැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බත් බැලයන් සමග පැවැති සාකච්ඡාවකදි අනාවරණය කර තිබේ.තමන් ජනාධිපති වු දිනයේම එම තින්දුව ගත් බවත් ඒ අනුව කිසිම දිනක එම තින්දුව වෙනස් කිරිමට තමන්ට නොහැකි බවත් සිරිසේන උන්නැහේ තරයේම පවසා ඇති බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.

ඊළඟ ජනාධිපතිවරණයකින් පසුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පුලුල් වෙනසකට යොමු කිරිමට කටයුතු කරන් බවත් ඒ දක්වා ශ්‍රිලනිපයේ බලය අල්ලා සිටිම තමන්ගේ එකම බලාපොරොත්තුව බවද ජනාධිපතිවරයා අනාවරණය කර තිබේ.

මේ අතර අදාළ ප්‍රකාශය පිළිබඳව අනාවරණය කල සිරිසේනගෙ බත් බැලයන්ගේ ජ්‍යෙෂ්ඨයෙකු අප වාර්තාකරු සමග අනාවරණය කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා ලේකම් ධුරයට 2.50 කොල්ලෝ දමා ගනිමින් පැරදුන අය සංවිධායකයන් බවට පත් කරමින් දෙවන පෙළ නායකත්වය නිර්මාණය නොකිරිමට කටයුතු නොකරමින් ග්‍රාමීය මට්ටමේ ශ්‍රීලනිප බලය බිද වැට්ටවිමට ශ්‍රිලනීප සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයා කටයුතු කලේ මෙම අරමුණ සමග සහිත බව දැන් තමන්ට වැටහෙන බවයි.

http://www.lankanewsweb.today/archives/13823

 

 

 

Top