Breaking
23 Feb 2025, Sun

2020 මෛත්‍රී අපේක්ෂකයා කර රනිල් ජනපති වෙන්න හදනවා…චම්පික ජනපති සිහිනය දිගහරී

2020 ජනාධිපතිවරණය සදහා වතමන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර ඒ හරහා එජාපයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපති විම සදහා පිඹුරුපත් සකස් කර තිබේන බවත් එය පරාජය කිරිම සදහා විකල්ප බලවේගයන් එකතු කර පොදු අපේක්ෂකයෙකු නිර්මාණය කිරිම තමන්ගේ එකම අරමුණ බව ජාතික හෙළ උරුමයේ ප්‍රධානින් සමග පසුගියදා පිට කොට්ටේ ප්‍රදේශයේ නිවසක පැවැත්වු සාකච්ඡාවකදි අමාත්‍ය පාඨ්ළී චම්පික රණවක අනාවරණය කර තිබේ.

අදාළ සාකච්ඡාව් සදහ දැනට ස්වාධීනව් සිටින බව පවසන රතන හිමියන්, හෙළ උරුමයේ සම සභාපති ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන සහ අනිකුත් සමාජිකයන්ට අමතරව එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ සජිත් පිළ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු සහ මාධ්‍ය ආයතනය සභාපතිවරයෙකුද මෙම සාකච්ඡාවට එක්ව ඇති අතර එහිදි පාඨ්ලී පැය එකහමාරක පමණ කාලයක් රනිල්ගේ ජනපති සිහිනයේ ගමන් මග පිළිබඳව පැහැදිලි කර තිබේ.

එජාපය සමග ඩීල් දමාගෙන සිටින ශ්‍රීලනීපයේ ඇතැම් ඇමතිවරුන් 2020 ගොඩ යෑම සදහා රනිල්ගේ ව්‍යාපෘතියට උදවු කරමින් සිටින බවත් රනිල්ගේ ඒමකුමන්ත්‍රණයට සහය පලකරන එස්.බි වැනි අය මෛත්‍රීපාල සිරිසේන 2020 දීත් ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමටත් විධායක ජනාධිපති ධුරය දිගටම පවත්වාගෙන යෑමටත් යොජනා ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරමින් සමාජ මතවාදයක් සාදමින් සිටින බවයි පාඨ්ළී චම්පික පෙන්වා දි ඇත්තේ.

කෙසේවෙතත් අදාළ සාකච්ඡාව සදහා එකතු වු ජාතික හෙළ උරුමයේ සමාජිකයෙකු අප විශේෂ් වාර්තාකරු සමග අනාවරණය කර ඇත්තේ 2020දි රනිල් පරාජය කරන මුවාවෙන් විකල්ප බලවෙග එකතුකර යලිත් පොදු අපේක්ෂකයෙකු නිර්මාණය කර එම පොදු අපේක්ෂකත්වය තමන්ට හිමිකර ගැනිමට පාඨ්ළී චම්පික කටයුතු කරමින් සිටින බවයි.පසුගිය සතියේ කාගෙත් කතාබහට ලක්වු අතුරලියේ රතන් හිමියන්ගේ අමතුම් පන්නයේ ස්වාධීන විම පිළිබඳව වු අතර ඒම් ස්වාධීන විම පසුපස ඇති කතාන්දරයද මෙය බවයි ඔහු අප වාර්තාකරු හමුවේ පවසා ඇත්තේ.

http://www.sinhala.lnwtoday.com/archives/11330

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.