Breaking
22 Feb 2025, Sat

2022 මානව සංවර්ධන දර්ශකය අනුව චීනය ලෝකයේ 75 වන ස්ථානය දක්වා ඉහළට

මානව සංවර්ධන දර්ශකය අනුව චීනය ලෝකයේ 75 වන ස්ථානය දක්වා ඉහළට පැමිණීමට ප්‍රධාන හේතුවක් වනුයේ චීන කොමියුනිස්ට් පක්ෂය නවීකරණ සංවර්ධනය කිරීමේදී ජනතාව කේන්ද්‍රීය ස්ථානයක තබමින් කටයුතු කිරීම බව චීනය පවසයි.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක වං වෙන්බින් මහතා අද(15) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළේය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන ඊයේ(14) නිකුත් කළ නවතම “මානව සංවර්ධන වාර්තාවට ”අනුව,  2022 වසරේ චීනයේ මානව සංවර්ධන දර්ශකය 0.778ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ අනුව 2021 වසරේ ‍ ලොව 79 වන ස්ථානයේ සිට 2022 වසරේ 75 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ. මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වං වෙන්බින් මහතා සිය අදහස් පළ කර ඇත.

අදාළ දර්ශකය ගණනය කිරීමේ දී පළමු අවස්ථාවේ සිට මේ දක්වා, ලෝකයේ මානව සංවර්ධනය අඩු මට්ටමේ සිට උසස් මට්ටම දක්වා ඉහළට පැමිණි එකම රට ලෙස චීනය හැඳින්වේ. මානව සංවර්ධන දර්ශකය චීනය අඛණ්ඩව ඉහළ නංවා ගැනීමේ හේතු වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂය ජනතාව කේන්ද්‍රීය කරගත් සංවර්ධන සංකල්පය ක්‍රියාත්මක කරමින් සමස්ත ජනතාව නවීකරණයේ දී ද කේන්ද්‍රීය ස්ථානයක තැබීම බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.