Political

19යට අත ඉස්සූ අය 19 එපා කියන්නේ ජනතාව අන්දන්නද? ඔබේ කතිරයට පෙර දෙපාරක් හිතන්න…ශ්‍රේෂ්ඨාධිකරණ තිරණය උල්ලංඝනය කරමින් 19වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට ඡන්දය දුන් මන්ත්‍රීවරු නැවත පාර්ලිමේන්තුවට අවශ්‍යද?

Published on: Mar 6, 2020 – මේ ලිපිය ලියා ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කළ 19න් පාර්ලි‍‍මේන්තුව විසුරුවා 19ය ඉවත් කිරීමට 2/3ක් ඉල්ලන්නේ 2015දී 19යට අත ඉස්සූ මන්ත්‍රීවරුන්වම නැවත පාර්ලිමේන්තු යවන්නද? යන පැනයට පිළිතුරු සෙවීමට ඡන්ද දායකයන්ට පහසු කිරීමටය. (නීතිඥ අරුණ ලක්සිරි උණවටුන )

මෙම ලේඛකයා කථානායකවරයා විසින් වැරදියට සහතිකය යොදා ඇති 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධිවිධාන අනුව පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහිව ජනාධිපති වෙත විරෝධතාවය ප්‍රකාශ කර සහ පාර්ලිමේන්තුවේ මහ ලේකම්ල රාජ්‍ය භාෂා කොමිෂන් සභාව සහ නීතිපතිවරයා වෙත පිටපත් සහිතව 2020 මාර්තු 03වන දින දැනුම් දීම කර ඇත.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් වර්ෂ 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ අතර වසරකින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් ජනාධිපතිවරයා සීමා කරන විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට ඉන් ප්‍රයත්න දරා තිබුණි. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මුල්වරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූණේ 2002 සැප්තැම්බර් මස 19 වන දින ව්‍යාපාර සංවර්ධන, කර්මාන්ත ප‍්‍රතිපත්ති හා ආයෝජන ප‍්‍රවර්ධන සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යවරයා විසින් වන අතර 2002 සැප්තැම්බර් මස 11 වන දින ගැසට් පත‍්‍රයේ එය පළ කර ඇත.

2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ මුල් පිටුව මෙසේය.

එම 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් හදුන්වා දී තිබූ වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත‍්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බවට වන විධිවිධානය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිය යන පදනමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක්කරන ලද අතර සරත් නන්ද සිල්වා (අග.වි.) වඩුගොඩුපිටිය (වි), බණ්ඩාරනායක (වි) ඉස්මයිල් (වි) එදිරිසූරිය (වි) සහ යාපා (වි) ජේ. ඒ. එන් ද සිල්වා (වි) විසින් 2002 ඔක්තෝබර් 1 සහ 3 යන දිනවල ඒ සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගන්නා ලදී.

එම විනිසුරු 07 දෙනාගේ ඒකමතික තීරණය අනුව ජනාධිපතිවරයාට වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීම අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත‍්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බවට වන විධිවිධානය නීතියක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය වන නීතිමය තත්ත්වය එම විනිසුරුවරු 7 දෙනා විසින් දීර්ඝව විස්තර කර ඇතග වර්ෂ 2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 5 වන වගන්තිය අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවට ඉක්බිතිව 70 (අ) ලෙස ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරමින් වසරකට පසු පාර්ලිමේන්තුව විසිරවීම ජනාධිපතිට සීමා කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවත් එය නීතියක් වන්නේ ජනමත විචාරණයක් මගින් ජනතාව විසින්ද අනුමැතිය දීමෙන් පසුව බව අගවිනිසුරු ප‍්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7 දෙනකු විසින් ඒකමතිකව තීරණය කර ඇත.

එනම් 2002 දී ගෙන එනු ලැබූ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ තිබූ වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීමෙන් ජනාධිපතිවරයා වළක්වමින්ල වසරකට පසු පාර්ලිමේන්තුව විසුරුවීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත‍්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බවට වන විධිවිධානය නීතියක් බවට පත් වන්නේ ජනමතවිචාරණයක් මගින් ජනතාව අනුමැතිය ලබා දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80ග2ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාගේ සහතිකය ලැබීමෙන් පසුව බව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 7 දෙනාගේ ඒකමතික තීරණය අනුව පැහැදිලිය.

ඒ අනුව 2002දී ගෙන එනු ලැබූ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතියක් බවට පත් කිරීමට අවශ්‍ය වන ඉදිරි පියවර එනම් පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමට කටයුතු නොකළ අතර එකී 19වන ව්‍යවස්ථා සංශෝධනය එතනින් අවසන් විය.

තත්ත්වය එසේ තිබියදී නැවත 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් නැවත වර්ෂ 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර ඒ අවස්ථාවේදී එසේ ඉදිරිපත් කරනු ලැබූයේ අග‍්‍රාමාත්‍යතුමා සහ ප‍්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතුල ළමාල තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ නියමය පරිදි 2015 මාර්තු මස 13 වන දින ගැසට් පත‍්‍රයේ 11 වන කොටස අතිරේකය 2015.03.16 දින නිකුත් කරන ලද මගින්ය.

එම 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීමට නියම කළ දිනයෙන් වසර 4 ක් ඇතුළත පාර්ලිමේන්තුව විසිරවීමට ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත‍්‍රීවරයන්ද ඇතුළුව පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු බවට වන විධිවිධානය තවත් විධිවිධාන 16ක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් වර්ෂ 2015 දී අග‍්‍රාමාත්‍යතුමා සහ ප‍්‍රතිපත්ති සම්පාදනල ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ නියමය පරිදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇතග එකී දෙවන වරටත් 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු 3කු විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලත්වය පරීක්ෂා කළ අතර 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කළ පාර්ලිමේන්තුව විසුරුවීමට අදාල වූ විධිවිධානය හැර අනෙක් විධිවිධාන 16 සම්බන්ධව තීරණය එම විනිසුරුවරු 3දෙනා විසින් පාර්ල්මේන්තුවට දන්වා යවා ඇත.

2002 දී පාර්ලිමේන්තුයට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කෙරෙහි අවධානය යොමු නොකර 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගත් අතර දෙවන වර සහ තුනවර වර කියවා පාර්ලිමේන්තුවේ මුළු මන්ත‍්‍රීවරයන් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක සංඛ්‍යාවකට නොඅඩු සංඛ්‍යාවකගේ සම්මතය ඇතිව යෝජනා සම්මතයක් මගින් පාර්ලිමේන්තුවේ අනුමැතිය පමණක් ලබා ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80.1 ව්‍යවස්ථාව යටතේ සිය සහතිකය යෙදීමට කථානායකවරයා පියවර ගෙන ඇත. මෙය 2002 දී 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කිරීමක් වන අතර විය ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව 79 ව්‍යවස්ථාව සහ 80.2 ව්‍යවස්ථාව අනුගමනය කිරීමෙන් බැහැර වීමට කථානායකවරයා ක්‍රියා කිරීම බලවත් දෝෂයකි.

මෙය සැළකිල්ලෙන් අවධානයට යොමු කිරීමේදී පාර්ලිමේන්තුව විසින් 2015 දී 2015 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධව කටයුතු කර ඇත්තේ 2002 දී පාර්ලිමේන්තුයට ඉදිරිපත් කළ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාල ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කිරීමෙන් බවත් 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු 07කු විසින් ජනමතවිචාරණයක් සදහා යොමු කළ විධිවිධානයට 2015 දී කථානායකවරයා විසින් නොසැළකිල්ලෙන්/ අනවධානයෙන්/ අනවබෝධයෙන්/නොමග ගොස් 80.1 ව්‍යවස්ථාව යටතේ සහතිකය යොදා ඇති බව පැහැදිලිය.

එය වඩාත් තහවුරු වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2018 නොවැම්බර් මස 09වැනි දින අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පාර්ලිමේන්තුව විසුරුවීමට අදාලව නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් නඩුවකින් නලීන් පෙරේරා (අගවි) බුවනෙක අලුවිහාර (වි) සිසිර ආබෲ(වි) ප්‍රියන්ත ජයවර්ධන (වි), විජිත මලල්ගොඩ(වි), ප්‍රසන්න ජයවර්ධන (වි) සහ මෘදු ප්‍රනාන්දු (වි) විසින් ලබා දුන් තීන්දුවෙන් අවලංගු කිරීමත් සමගය.

එනම් එකී නඩු තීන්දුව මගින් 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 33.2.ඇ ව්‍යවස්ථාවේ දැක්වෙන පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිට ඇති බලය 70 ව්‍යවස්ථාවට යටත්ව පවතින බව තීරණය කිරීමත් සමගය. ඒ අනුව 2018 නොවැම්බර් මස 09වැනි දින අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පාර්ලිමේන්තුව විසුරුවීමට අදාලව නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව 2015 දී පාර්ලිමේන්තුවට ගෙන 2වන වරට ගෙන එනු ලැබූ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය යොදන අවස්ථාව සමග එකට ගෙන කියවීමේදී කථානායකවරයා සිය සහතිකය යොදා ඇත්තේ 2002 දී මුල්වරට ගෙනා 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කිරීමෙන් වේ.

නීතියට පටහැනි 19වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුව විසුරුවීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යොදා ගැනීමට හේතුවෙන් නව අර්බුදයක් මතු වීම සහ 19ය ඉවත් කිරීමට 2/3ක අවශ්‍යතාවය අවධාරණය කරමින් 2015දී 19යට අත ඉස්සූ මන්ත්‍රීවරුන්වම නැවත පාර්ලිමේන්තු යාමේ සැළසුම ක්‍රියාත්මක කිරීම.නීතියට පටහැනිවල ශේෂ්ඨාධිකරණ තීරණ උල්ලංඝනය කරමින් නීතියක් ලෙස ක්‍රියාත්මක කරගෙන යන 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධව නැවත අර්බුදයක් හටගත්තේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ජනාධිපත් ලේකම් මගින් 2020 මාර්තු 02 දින අංක 2165/8 දරන අති විශෙෂ ගැසට් පත්‍රයෙන් පාර්ලිමේන්තුව විසුරුවීම සඳහා 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 33:2 ඇ අනුව්‍යවස්ථාව සහ 70 ව්‍යවස්ථාව යොදා ගැනීමත් සමගය.

2002 දී 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය උල්ලංඝනය කරමින් 79 ව්‍යවස්ථාව සහ 80.2 ව්‍යවස්ථාව අනුගමනය කිරීමෙන් බැහැර වෙමින් කථානායකවරයා වැරදියට සහතිකය යොදා ඇති 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුගතවී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවීමත් සමග (නීතියක් නොවූ) 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ 2/3ක මන්ත්‍රීවරු සංඛ්‍යාවක් තමන්ගේ පාර්ශවයෙන් පාර්ලිමේන්තුවට තෝරා එවන තර්කය ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයාගේ හෝ ජනාධිපතිවරයාගේ උපදේශකයන්ගේ අදහස විය හැකි වුවද ශ්‍රේෂ්ඨාධිකරණ තිරණය උල්ලංඝනය කරමින් 19වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කිරීමට ඡන්දය දුන් මන්ත්‍රීවරු නැවත පාර්ලිමේන්තුවට ඡන්දයෙන් තෝරා ගන්නේද යන්න ජනතාව බුද්ධිමත්ව සිතා බැලිය යුතුය.

Top