LNN SPY

ශ්‍රිලනිපය 3 නොකැඩුනොත් මම දෙකට කැඩෙනවා -10 න් 7 ක්ම මහින්දට කැමතිලු!

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අවම වශයෙන් කොටස් තුනකට කැඩි මැතිවරණයට ඉදිරිපත් විම තුලින් පමණක් එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුවක් පිහිටුවිමේ හැකියාව යන්තම් හෝ ලැබේන බව ඊයේ රාත්‍රියේ එක්සත් ජාතික පක්ෂ නායක,අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ මැතිවරණ මෙහෙයුම් කණ්ඩායම සමග හදිසි හමුවක් කැඳවමින් සදහන් කර තිබේ.

අප්‍රියෙල් 20 පසු දිනක පාර්ලිමේන්තුව විසිරුවා හැරිමට කටයුතු කල යුත්තේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය දෙකඩ කිරිමෙන් පමණක් බවට තමන් මෛත්‍රීපාල සිරිසේන අහ චන්ද්‍රිකා කුමාරතුංග යන අයට දැනුම් දි තිබෙන බවද ඔහු සදහන් කර තිබේ.

මේ අතර ආරක්ෂක අමාත්‍යාංශයේ උපදේශක තනතුරක් දරණ මැතිවරණ මෙහෙයුම් කණ්ඩායම නියෝජනය කරන රනිල්ගේ කොලුගැටයෙකු ….ඉදිරි මැතිවරණයකදි මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යම් කණ්ඩායමක් තරග කලහොත් කිසිදා පරාද කල නොහැකි බව පෙන්වා දි තිබේ.පසුගිය දින 30ක පමණ කාලයක් බුද්ධි අංශ සමාජිකයන් යොදවා ගනිමින් කරන ලද සමික්ෂණයන්ට අනුව සෑම පුද්ගලයන් 10 දෙනෙකුගෙන් 7 දෙනෙකු මහින්දට කැමති බවත් සැල පුද්ගලයන් 10කගෙන් 8 දෙනෙකු මෛත්‍රීපාල සිරිසේනට අකමැති බවද අනාවරණය වි තිබෙන බව පවසා තිබේ.

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top