Featured

30 වසරක බලාපොරොත්තුව යහපාලනයෙන් ලැබේනවා සහතිකයි

30 වසරකට වඩා කාලයක් සටන් වැදුණු ජාතින්ගේ එකම පාර්ථනාව සපුරා ගත හැක්කේ වත්මන් ආණ්ඩුවෙන් පමණක් බව යාපනයේ සංචාරයක නිරතවූ ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් ජාතින්ගේ නිත්‍ය නියෝජත දුරය දරන සමැන්තා පවර් පැවසු බව යාපනය අප විශේෂ වාර්තාකරු සදහන් කළා.

සැමැන්තා පවර්, යාපනය උදයන් පුවත් පත් ආයතනයට ගොස් උදයන් පුවත්පත් ආයතනයේ සභාපති මෙන්ම, දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.සරවනබවන්ව හමුවු අවස්ථාවේ සරනභවන් ඡායාරූප සහ වාර්තා පෙන්වා දෙමින් 30 වසරක් දමිළ ජනතාව සටන් කලේ කුමක් සදහාද යන්න පෙන්වා දි තිබේ.පසුව එම සාකච්ඡා අතරතුර සැමැන්තා පවර් පවසා ඇත්තේ 30 වසරකට වඩා කාලයක් සටන් වැදුණු ජාතින්ගේ එකම පාර්ථනාව සපුරා ගත හැක්කේ වත්මන් ආණ්ඩුවෙන් පමණක් බවත් ඒ සදහා සහයෝගයෙන් යුතුව කටයුතු කිරිම වැදගත් වන බවයි.

එම සාකච්ඡාවේදී, පසුගිය කාලයේ උදයන් පුවත්පතට එරෙහිව සිදුකළ පහරදීම් සහ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැමැන්තා පවර් විමසා දැනගෙන ඇති අතර, පහරදීම් වලට ලක්වූ ස්ථානද නිරීක්‍ෂනය කර තිබේ.

“මමත් මාධ්‍යවේදිනියකි. රජයක් ශක්තිමත් කිරීමේදී, පුවත් පතක සේවය කරන සෑම පුද්ගලයෙක්ම විශාල දායකත්වයක් ලබාදෙනු ඇත. පසුගිය කාලයේ ඔබලා මුහුණදුන් ගැටළු පිළිබඳව මා දන්නෙමි. ඔබලාගේ නිර්භිතකම දැක මා පුදුමයට පත්වන්නෙමි. පසුගිය කාලයේ සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් වගකියන බවට රජය පොරොන්දු විය යුතුය.”

“ඒ වගේම ඔබගේ බලාපොරොත්තු,අවශ්‍යතාවන් අපි හොදින් හදුනාගෙන තිබෙනවා…ඒ විතරක් නොවේ එම බලාපොරොත්තු ඉටු කිරිමට අගමැතිවරයාත්,ජනාධිපතිවරයාත් අපිට පොරොන්දුවක් දුන්නා.”

රාජ්‍ය නිලධාරීන් ‍‍නොදන්නා කරුණු පවා ඔබලා දන්නෙමි. ඔබලා ජනතාවගේ අයිතීන් වෙනුවෙන් සටන කරන පුද්ගලයින් ලෙස සිටියි. එපමණක් නොව, අපගේ රටේ ජනමාධ්‍ය අංශය ඉතාමත් දුෂ්කර නමුත්, එ‍රටේ ආරක්‍ෂාවක් ඇත. නමුත්, මෙහි ආරක්‍ෂාව පිළිබඳ ගැටළුවක් තිබියදීත්, අඛණ්ඩව ජනතාව වෙනුවෙන් ඔබලා හඬ නගමින් සිටියි. ඔබලා සිදුකළ පරිත්‍යාගයන් අති විශාලය. ඒ පිළිබඳව සිතා මා තවත් පුදුමයට පත්වන්නෙමි”

JPC 1

US Ambassador praises resilience of Tamil journalists

Top