අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට මුවාවි බෞද්ධ ධර්මය රටේ දරුවන්ගේ මනසින් ඉවත් කිරිම සහ ලිංගික අධ්‍යාපනය නමින් දරුවන් අනවශ්‍ය ලිංගික ක්‍රියාකාරකම් සදහා පෙළඹවීම ඇතුලු කාරණා කිහිපයක් මුල් කරගනිමින් දියත් වන කුමන්ත්රණයන් වහාම නතර කිරිමට ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව කටයුතු නොකරන්නේ නම් ඊට එරෙහිව සංග ආඥාවක් නිකුත් කිරිමට සිදුවන බව මහනායක හිමිවරුන් සුදානම් බවට ඒකාබද්ධ ප්‍රකාශයක් කිරිමට නියමිත බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ 06 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලය සම්බන්ධයෙන් ඇතිවූ ගැටළුව පිළිබඳ කරුණු පැහැදිලි කිරිම සදහා අධ්‍යාපන අමාත්‍ය. අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය මහානායක හිමිවරුන් හමුවු අවස්තාවේදි මේ සම්බන්ධයෙන් මේ සම්බන්ධයෙන් අවධාරණය කර තිබේන අතර ඊට ආසන්නතම හේතුව වි ඇත්තේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා පාසල් විශය මාලාවෙන් රටේ බහුතර ජනතාවගේ ආගම ලෙස බුද්ධ ධර්මය ඉවත් කර ආගම සහ සාරධර්ම යනුවෙන් පොදු පාඩම් මාලවක් හදුන්වා දි තිබිමයි.
රට- ජාතිය සහ බෞද්ධ සානයට එරෙහි කිසියම් උවදුරකට මුහුණපාන විටදී මහා සංඝරත්නය විසින් රටේ චිරස්තිථිය උදෙසා සංඝ ආඥා නිකුත් කිරිමට හැකි බව පෙන්වා දි ඇති මහනායක හිමිවරුන් වහාම අධ්‍යාපණ නව ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් නැවැත විමර්ශනය කිරිමට කටයුතු කරන ලෙසටද දැනුම් දි තිබේ.
ජනවාරි 08 දින මල්වතු මහා විහාරයේදී මල්වතු පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ මහානායක හිමියන් බැහැදැක 6 ශ්‍රේණිය ඉංග්‍රීසි පළමුවාර මුද්‍රණයේ මතුව ඇති ගැටළුව පිළිබඳව කරුණු පැහැදිලි කරමින් අග්‍රාමාත්‍යවරිය සදහන් කළේ “මොඩියුල් සකස් කිරීමේ ක්‍රියාවලියේදී යම් ගැටලුවක් සිදුව තිබෙනවා. ඒ පිළිබඳ අපි අභ්‍යන්තර පරීක්ෂණ සිදු කරනවා. වැරදි නිවැරදි කරගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට කරගෙන යන්න රජයක් ලෙස කටයුතු කරනවා” යනුවෙනි. නමුත් ඒම ප්‍රකාශයන් තුල එක් කරුණක් පමණක් සම්බන්ධයෙන් රජය අවධානය යොමුකර ඇති බවට හැඟෙන බවයි මහනායක හිමිවරුන්ගේ අදහස වන්නේ.
“අගමැතිවරිය අප ඉදිරියට ඇවිල්ලා කතා කළාට ඇය ඇත්තටම අවංක චේතනාවක් තිබුනා කියලා දකින්න තිබුනේ නෑ.” -මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමියන්.
මේ සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ප්රමුඛ ගරුතර කාරක මහා සංඝ සභාවන් ඉදිරිදින කිහිපය තුල රැස්වි සාකච්ඡා කිරිමට නියමිත අතර එහිදි ගන්නා තින්දුව ජනතාවට දැනගනු හැකි වනු ඇති බවයි අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ.
රටට එරෙහි කිසියම් උවදුරකට මුහුණපාන විටදී මහා සංඝරත්නය විසින් රටේ චිරස්තිථිය උදෙසා සංඝ ආඥා නිකුත් කරන අවස්ථා තිබෙන බව සඳහන් වේ.