Political

මහ බැංකු තොත්ත බබාගේ මොට්ට වැඩ – රටේ ජනතාවගේ කෝටි 4250කට කෙළවයි

අර්ජුන් මහෙන්ද්‍රන් රනිල් රවී කල්ලියේ මහ බැංකු බඳුම්කර මංකොල්ලයෙය් පෙබරවාරි 27 සිට අප්‍රේල් 27 දක්වා මාස 3ක්තුල රජයට දරන්නට වූ පාඩුව රුපියල් කෝටි 4250 කි.

එම මුදල…..

>ප්‍රවාහන අමාත්‍යංශයට 2015 සඳහා ඇස්තුමේන්තුගත වාර්ෂික
වියදම මෙන් 2 ගුණයකි

>උසස් අධ්‍යාපන අමාත්‍යංශයට 2015 සඳහා ඇස්තුමේන්තුගත
වාර්ෂික වියදම මෙන් 2 ගුණයකි

>විදේශ අමාත්‍යංශයට 2015 සඳහා ඇස්තුමේන්තුගත වාර්ෂික
වියදම මෙන් 5 ගුණයකි

>අධිකරණ අමාත්‍යංශයට 2015 සඳහා ඇස්තුමේන්තුගත වාර්ෂික
වියදම මෙන් 8 ගුණයකි

>තාක්ෂන හා පර්යේෂණ අමාත්‍යංශයට 2015 සඳහා ඇස්තුමේන්තුගත වාර්ෂික වියදම මෙන් 27 ගුණයකි

>ක්‍රීඩා අමාත්‍යංශයට 2015 සඳහා ඇස්තුමේන්තුගත වාර්ෂික වියදම මෙන් 43  ගුණයකි

මේ වනසන්නේ මහජන දේපොලය. එහෙත් රනිල පත්කල ගජමිතුරු කමිටුව  මෙහි කිසිදු වරදක් නොවූ බව වාර්තා කරයි. ඔවුන් කියනා ආකාරයට සිංගප්ප්පුරුවේ සිට රනිල් විසින් ආනයනය කරන ලද මහ බැංකු ලොක්කා තොත්ත බබෙකි. බැදුම්කර සම්පන්ද්ව සියලු තීරණ ගෙන තිබෙන්නේ බැංකුවේ සොක්කන්ය. මහෙන්ද්‍රන් මේ මොනවා උනාදැය් නොදනීලු. ඉතින් ඔච්චර හොයලා පිට රට ඉඳල මෙ හාදයා ගෙනාවේ ගිනි තපින්නද ?  හොරුන් එකතුවී හොරුන් ආරක්ෂා කිරීමට මීටත් වඩා උදාහරණ කුමටද ?

දුෂන මර්දනයක මුවාවෙන් දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කරන යහපාලක හැත්ත තම නිරුවත මහජනතාවට පෙන්නුවේ දින 100 ය ගත වන්නටත් පෙරය.

~විශේෂ ලියුම්කරු~

හිත රිදුනානම්,බොරුවක් කියලා හිතනවානම් දැන්ම ලියන්න.පිළිතුරු දිමේ අයිතිය තහවුරු කර තිබේ.- lankanewsweb.today@gmail.com

Top