Breaking
23 Feb 2025, Sun

මට කිසි ප්‍රශ්ණයක් නෑ…..මොකද මම තව අවුරුදු 5කට ජනාධිපති….රාජිතට මෛත්‍රී කණේ පහරක්

මට කිසි ප්‍රශ්ණයක් නෑ…..මොකද මම තව අවුරුදු 5කට ජනාධිපති….රාජිත ඔයලා ඔයාලා ගැන හිතලා තිරණයක් ගන්න…..ඊයේ මාතර මහින්ද සුළි සුළියට හසුවු  ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ බෙදුම්වාදී මන්ත්‍රිවරුන් දැන් අපි මොකද කරන්නේ යනුවෙන් රාජිත සේනාරත්නගෙන් ප්‍රශ්ණ කර ඇති අතර පසුව රාජිත ජනපති මෛත්‍රීපාල සිරිසේන හමුවි ඇතිවි තිබේන තත්ත්වය සම්බන්ධයෙන් විමසු විට මෛත්‍රී දුන් උත්තරය හේතුවෙන් රාජිත කරකවා අතහැර ඇති බව වාර්තා වේ.මෛත්‍රීපාල සිරිසේන කී කතාව සමග මළ පැන්න රාජිත තමන්ගේ මොටර් රථයට නැග ඇත්තේ….. ඔක්කෝම වෙසීගේ පුතාලා එකයි….එනකම් විතරයි උන්ට අපිව මතක…..

පසුව රාජිතගෙන් මේ සම්බන්ධයෙන් ඒජාපය සමග එක්ව ආණ්ඩුව පිහිටුවාගෙන සිටින ඇමතිවරුන් විමසු අවස්ථාවේ රාජිත මේ මෛත්‍රී කල ප්‍රකාශය කියා තිබේ. 

මේ අතර මැතිවරණ භීතිකාවෙන් පෙළේන එක්සත් ජාතික පක්ෂය මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා රනිල්ට කළ අභියෝගය සම්බන්ධයෙන් ඊයේ (12)එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදි සාකච්ඡා කර තිබෙන අතර පසුව පාර්ලිමේන්තුව විසුරුවා නොහරින්නේ රනිල්ගේ උවමනාව මත නොව මෛත්‍රී-චන්ද්‍රිකා-රාජිත-චම්පික ඇතුලු පිරිසගේ උවමනාව මත බවට මතයක් සමාජ ගත කිරිමට කටයුතු කරන ලේසට රනිල් වික්‍රමසිංහ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුම් දි තිබේ.

ඒ අනුව වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයක් පැවැත්විය යුතු බවට යෝජනාවක් කෘත්‍යාධිකාරී මණ්ඩලය තුල සම්මත කර ගත් බවට බොරු ප්‍රකාශයක්  අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මාධ්‍ය හමුවේ අමු කෙප්පයක් දිගහැර තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.